පණ අදිනා නුඹ
තව සුළු මොහොතින්
මියයාදෝ,
හමනා සුළගේ
ජීවය මුසුකර
පණ අදිනා නුඹ
මියයාදෝ.
මා අත පොවලා
ජීවය දෙන්න ද
නැත්තම්
මේ සුළගේ
ඈතට පාවී යන්නට ඉඩදී
බලාන ඉන්න ද.
මා හද ඇයි මේ වද වෙන්නේ.
නුඹ පණනල මා
කෙසේ රකින්න ද
මාද නුඹම මෙන් මේ දිවියේ
සැලෙනා වග
මතකය අතගා
මට කියා දුන්නේ
නුඹ මිස වෙන කවුරුන්දෝ.
6.01.2014
පහන් සිළුව
share: facebook | twitter | pinterest
Labels:
Poems\කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment