5.31.2014

ප්‍රසුතාගාරය

මහ බිත්ති
දෙදරා යන තරමට
දස මසක්
කුසවුන් නුඹ
හිරු එළිය දකින්නට
සැරසෙනා මොහොතේ
නුඹ මවගේ විළාපය
අවකාශය පුරාවට
රැව්දුන්නා.
අත් හංගාගෙන
පිටුපසට
බර අඩි තබමින්
නුඹේ පියා
කියවා කොහෙත්ම
තේරුම්ගන්නට බැරි
මුහුණින්
කොරිඩෝවෙ
දිග මැන්නා.
ගත සිත පෙළමින්
මෙතරම් දුක්විඳ
ජීව හුස්ම
නුඹට පිම්බ
නුඹේ මවත්
ඇස් දෙක පාදා නුඹගේ
නව ලෝකෙට දොරටු අරින
නුඹේ පියත්
රැකගන් පුත
නුඹ පණ වාගේ.

යථාර්තය

ජීවිතය කියන්නේ
ඊයේ හෝ
හෙට නොවේ,
අද.
මේ මොහොත.
අහලා තිබුනා මතකයි
ජීවිතය පුරාවට.
උත්සහ කළා
එක් දවසක්
හිතන්න එහෙම,
පැය ගණනාවකට නොවේ
තත්ත්පර කීපයකට.
'ඔබ ජීවත් වෙනවාද?'
ඇහුනා
කව්දෝ කෑගහනවා
හිත අස්සේ ඉදලා.

කව්ද ඔබ

ඈතින්
මුමුනණු ඇසුනා
ඔබේ නම.
.... බාදුරා.
සිතනු ඇත
රැවටුනා කියා මා.
දිනුමක් හෝ පැරදුමක් නොවේ,
උණුහුම සොයන්න
ආ ගමනකි මෙය.
එත්
උණුහුමට
ආගන්තුකය
ඔබ.
පොඩිකර මා
හපයක් වෙනතුරු,
සාරය මා ගත
උරාගත්තා ඔබ.
කාරුණික වෙන්න
එත්
පෙන්නන්න වෙස් මුහුණ
අන් අයට
නැඟෙනවිට ඔබ
ජීවය අරගෙන
කියන්න මට,
මියැදෙනා මේ මොහොතේ
කව්රුද ඔබ ?
බාදුරා ?
මුසාවකි එය
විස්වාස කල නොහැකි.
කව්රුද ඔබ ?
කුහුඹුවෙකි මම.
ඔබ කෙමිය තුළ සැඟව
පතුල මත මියෙන
කුහුඹුවෙකි මම.

අනිමිසලෝචන

පුර පෝය
ගෙවිලා ගිහින්
ආකාසෙ අනන්තේ.
වෙනදාවාගේ
මහ පිරිස් නැගූ හඬ
මැකී ගොස්
නිසලවෙලා බෝ මළුව,
ශාන්තයි
සුන්දරයි
වැලි ඇතිරූ බෝ මළුව.
පරිසරය පුරාවට
මඳ පවන් හමාලා
සිහින් හඬ නංවමින්
ළපළු පත් සැලෙද්දී
වැලි මළුව සිපගන්න
වෙහෙසෙනා අතුරිකිලි
හිස් මුඳුන සිඹිද්දී,
පැතිරෙද්දී සුවඳ දුම්
දස අතේ,
සමිදුණේ
ඔබේ වත අභිමුවේ
මා ලබන
මේ සැපත
මා විඳින
මේ සුවය
ඔබ දෙසූ
නිවන දැයි
මට සිතේ.

වෙනස

ඔබ
ඔබ
ඔබ,
මට.
මම
මම
මම
ඔබට.

පුංචි පුංචි තරුවැල් එළි

කෑලි කපන
ඝන අඳුරේ
පුංචි පුංචි
තරුවැල් එළි
එහෙට මෙහෙට
නොයෙක් අතට
පාවෙනවා,
නිදි නැති ඇස්
නිදි යහනේ
නිදිකිරද්දී.
කවුළු උඩින්
කවුළු යටින්
බිඳුණු තැනින්
හොර රහසේ
හෙමින් හෙමින්
ගෙට රිංගපු
පුංචි පුංචි
තරුවැල් එළි
එහෙට මෙහෙට
නොයෙක් අතට
පාවෙනවා.
'ලන්ද පුරා
බැද්ද පුරා
වෙල් එළියේ
හැම මඟකම
හැම තැනකම
ඒ කාලේ
පුංචි පුංචි
තරුවැල් එළි
ආවා ගියා
අදට වඩා'
කව්දෝ කිව්වා.

ඒ කාලේ.
අද දියුණුලු
ඊට වැඩිය.
අද දකිනා
පුංචි පුංචි
තරුවැල් එළි
මෙලෙසින්වත්
අනාගතේ
දකිවිදෝ?

5.28.2014

සේරිවාණිජ ජාතකය

'සේරිවාණිජ ජාතකය'
කතාවක් පමණයි
මට,
එදා දවස.
වෛරයේ රස්නේ
දැනෙනවා
මට,
අද දවස.
කච්චපුට,
මම

නුඹ රුක

කය පුරා විහිද ගිය
ලේ පිරුණු
ලොකු
කුඩා
නහරවැල්
මහ රොත්තම
එක් හුයෙන් අල්ලලා
අදින්නා සේ එළියට
ජර බරස්
ජර බරස්
මහ හඬින්
පොරෝපාරින් ඉරිතැලී
දෙකඩවුණා
විසල් රුක.
සියොත්කැල
උපන් තැන
ගී කියපු
උන් හැමට සෙවන දුන්
උන් හැමට අභය දුන්
විසල් රුක,
සිප ගත්තා
මහපොළොව.
දෙකම්මුල් දොවාලා
ලේ කදුළු වැටෙද්දී
කිරි කදුළු නුඹ හෙළු බව
දනිමි.
දෙතැන හිද හඬන මුත්
අද එක්ව අප දෙදෙන
වේදෝ මට යම් දිනෙක
නුඹ
හා
මා
වෙනුවෙන්
හඬන්නට,
තනියෙම්ම.

අබුද්දස්ස කාලේ

නා කපන වැස්සේ
කුඩ ඉහලාගෙන
මහ වෙල මැද
බෙල්ලන්විල බෝධියට
වතුර වක්කරනවා
උවැසි උවැසියෝ,
නෙක විසිතුර
ඇඳුම් ඇඳලා.
එක් කෙනෙක් නොවේ,
සෝම හාමුදුරුවන්
දාහක් ආවත්
මදිවෙයි,
සිද්දවෙන දේවලට
අබුද්දස්ස කාලේ.

පැතුම

හිසකේ බා
පඬු පෑ ගත්
සිවුරු දරා,
පාත්‍රයක්
අත දරමින්,
ගිහිගේ බර
හිසින් මුදා,
බවුන් වඩා
සිත පහදා
සැනසිල්ලේ,
නිවුණු තැවුණු
සිතින් යුතුව,
සමිඳුන් ගිය මග ඔස්සේ
යන්නට ඇත්නම්,
සංසාරේ බැමි
බිඳෙන තුරා.

සිද්ධාර්ථ මම ඔබ වඳිමි

මගේ දෙපා
මේ නැමෙන්නේ
නිඳුකාණනි
ඔබවහන්සේ වෙනුවෙන් නොවේ.
ජීවිතයේ
යොවුන් වියේ,
ඇස
කන
කය
පිනවන
සියලු යසස,
අත මායිමේ සියලු යසස,
ඉවත දමා
සියලු සතුන්ගේ
සකල දුක්ඛ දෝමනස්සයන්
වටහාගෙන

මහා අභිනිෂ්ක්‍රමණය කළ,
ඇට
ලේ
මස්
නහරින් පිරි
රජ දරු
සිද්ධාර්ථ නම්
මනුෂ්‍ය පුත්‍රයාටයි,

තරුණයාටයි.

එන්න උදෑසණේ

උදෑසණේ,
එන්න
උදෑසණේ.
ඊයෙ දවසේ
සිත් මළකුණු
පිහිදාන්න
සිසිල් පවන්
රොදක් අරන්
උදෑසණේ
එන්න
උදෑසණේ.

5.27.2014

රං කරල්

පාර අද්දර
නොපෙනෙනා තෙක්
දුරට දුවනා
කුඹුරු යායෙම අස්වැන්න
වැහි බිංදු වැටෙන්නට පෙර
ලහි ලහියෙ ගෙට ගන්න
ගතෙහි දාදිය
රූ රා වැටෙනා මිනිස්කැල
අතොරක් නැතිව වැඩ.
නිල් කෙතේ කෙළවරේ
අත් උසට ගොඩගහපු
රං කරල් හමාගෙන
නාස්පුඩු අග වදින
සුළං රැළි
පපු කුහර
පුපුරුවා යන තරම්
කෑදරෙන් ඇදගන්න
සිත කියයි.

5.23.2014

ලොතරැයි දිනුම

කව්ද කියන්නේ
වාසනාවන්තයෙක්
ධනවතෙක්
නොවේ කියා
මම.
(මහා) දිනුම් අදින දින
එනකම්
(වටිනා) ඒ මොහොත
එනකම්
වාසනාවන්තයෙක්
ධනවතෙක්
නොවෙයි ද
මම.

5.22.2014

අජීවී?

එහා කෙළවරේ
ළපළු සැලෙනවා.
මෙහා කෙළවරේ
මන්නපාර.

5.21.2014

බාඳුරා

රමණය කරයි සිත
ඔබ සමග,
කය
ඈ සමග.
කය රමණය
ජීවත් කරවයි
ජීවිතය.
සිත රමණය
යුෂ උරා
පයක් කරයි
ජීවිතය.
බාඳුරා මලක්
ඔබ.

මහ මඟ හමුවූ ස්ත්‍රිය

පිපුණා
මුහුණේ සිනාව,
පෙට්ටියට වැටුණු
රිදී කාසි දෙක තුනේ සද්දෙට.
ගන්නට බෑ
ළදකගෙන්
එවන් සිනාවක්
නෝට්ටු
මහ ගොඩකවත්
කිසිවිට.

ඈ නැහැ අපි ළඟ

කීපාරක්‌
කිව්වද දැන්.
දන්නවා ඔබ
මටත් වඩා
කරපු කියපු
සිද්ධ වෙච්ච සෑමදේම
වඩා හොදට
මටත් වඩා
අද ඊයේ වුණාවගේ.
ඇයි පාළුද?
පිය තෙපුලක්
නැති නිසාද?
මුඳු සුවදක්
නැති නිසාද?
ඉවසාපන්.

ඇයි නොසිතන්නේ
ඈ නැතිවග
අපි ළඟ.
එයයි ඇත්ත.
තිත්ත ඇත්ත.
අදහාපන්
අකමැත්තෙන් හරි.

නැහැ
අපි ළඟ
මින් මතුවට.

ඉඳලා හිටලා
සමහර විට
හම්බවේවි
මඟතොටේ දී.
ඒත්
අදහාපන්,

නැහැ
අපි ළඟ
මින් මතුවට.

ප්‍රේමය

උණුසුම් හදවත
පුදදෙන විටදී
පැතුවා
සීතල
හදවතක්.
සීතල හදවත
මියයන විටදී
යදිනවා
උණුසුම් හදවතක්.

වාසනාවන්ත මරණය?

එකෙක්
නැත්නම් කීප දෙනෙක්
මිය ඇදේවි
ඉක්මනින්ම,
මිය ඇදේවි
ඉක්මනින්ම,
මිය ඇදේවි
මම
හැම මොහොතෙම,
පාසානම්
තියලා ආවා
මේ දැන්.

අකම්පිත

මහ වනයේ
ආරාමේ
සියොත් නාද
ඇහැව්ව ඔබ,
මද පවන්
සුව වින්ද ඔබ,
සිය දහසක් කල්
දොහොත් මුදුන්
නළල තබා
වැදුම් ලැබූ ඔබ,
හූ කියාගෙන
ඉබාගාතෙ
වාහන දුවනා
මහ පාර අයිනේ
ගඳ ගහන
කාණුවට උඩින් තියෙන
ඇන්ටීක් සාප්පුවේ
දුටුවා
බවුන් වඩනවා.

ඔබ වැන්ඳ
ඔබ පුතුන්
දෙස හෙලූ
මඳ සිනා,
නැතිව
කිසිදු කිසි වෙනසක්,
අලෙවියට ඔබ තැබූ
උවැසි උවැසියන්ටත්
හෙලනු දුටුවා.

පළමු පන්සිල් පදය

ශබ්ද නොකරන මදුරුවෝ
ඉපදුණොත්
මේ ලෝකේ
යහමින් රකින්න පුළුවන්
පළමු පන්සිල් පදය

මඟ තොටේ අමුත්තෙක්

රුවක් ඇති
පණක් නැති
ඇට මස් ලේ කඳ
බාවලා
ඇඳක් උඩ.
නටාපන් නාඩගම
හුස්ම වැටෙන
මළමිනිය හා එක්ව.
ඇහෙන් එන කදුළු කැට
වැටෙන බිම තෙත්කරන්
නොසිතාම,
හකුළුවා නාස්පුඩු
කිරිසුවද
නොතකාම,
සිහිකරන් තව අයෙක්
සිත්සතන් පුරාවට,
නටාපන් නාඩගම.
කළු කාසි මිටිකරන්
සියලු පව් සෝදපන්,
පහුවදා මඟ තොටේ
නොදැක්කා සේ ඉඳන්
රවාපන්,
මුවින් බැන රවාපන්.

සමනළ සිරිපා

මහ එළියේ
මිහිදුම් සළු පොරවාගත්
හරිතවර්ණ තැනි ඔස්සේ
කසාවතින් මෙන් සැරසී
සමනලුනේ
කොයිබටදෝ
යන්නේ මේ,
අනේක තුරු මල්
දහසක් අත්හැර
තිලොවක හිමිසඳ
සිරිපා පද්මය
දැක සිත් සනසා
ගන්නටදෝ
යන්නේ මේ
හනි හනිකට
නතර නොවී
නිමේෂයක්
විඩා නොගෙන
නිමේෂයක්,
සමනලුනේ,
රෑන් රෑන්
සමනලුනේ.

5.20.2014

ජීවිතය

ගෙයක් දොරක්
රස්සාවක්
වාහනයක්
ඒ තමා
ජීවිතය.

ඇහුනා කව්දෝ කියනවා.

මහ වලහා ළඟ ඉඳලා
හත්දින්නත් තරුවලට
කොච්චර දුර ඇත්ද?
ආ, එතකොට
මන්දාකිනියේ තරු,
තරු පොකුරු කොච්චර ඇද් ද?
බට්ටිච්චාගේ කූඩුව ඇතුලේ
කොච්චර සපපහසුව ඇද්ද?
ආවේනික කුරුල්ලෝ
සමනල්ලු හා උඩවැඩියා
දැකගත්ත ගාණට වඩා
නොදැක්ක ගණන
අනිවාර්යෙන් වැඩියි නේද?
සීගිරිය
හා රාවණා අධිරාජයා අතර තියෙන සම්බන්දකම?
අතීතයේ
චීන, රෝම වෙළෙන්දෝ
ලංකා වෙරළේ
මොන විදිහේ ඇඳුම් ඇඳගෙන ඉන්න ඇද්ද?
ජේතවනාරාමයේ
බුදුන්ගේ ඝන්දකුටිය වටේ
මහා රාත්‍රියට යන ආනන්ද හාමුදුරුවෝ?
මහා රහතුන්ගේ සමවත වැඩීම?
අද උපන් දරුවා
කොතැන
කවදා
කෙලෙස
මිය යයිද?

මොනතරම්
ගැඹුරුද
ලොකුද
ජීවිතය?

සූදානම

නටුවෙන් ගිලිහුණු
අරලිය මල
අවනතව
සොබාදම් නීතියට
ඇදවැටෙනවා
මහ පොළවට.
මැෂිමේ හඩ.
සුදු රෙදි.
අසල ගෙදර

අළු කොබෙයි හඬ

අහස දකින්නට
ඉඩ නොදෙන
උඩුවියන,
හෙමින් සීරුවේ
ගලා බසින
දිය කඳුරු,
හැංගිමුත්තම් කරන
උඩවැඩියා,
ගස් කඳන් බදාගත්
වෙද ගොළුබෙල්ලෝ,
නොයෙක් පාට
සමනලුන්
කුහුබුවන්,
එක සෙව්වේ
පිහිනා යන
මාළු රෑන්,
කූඩැල්ලන්
ඇහැටුල්ලන් හා
පළාපොළගුන්,
අතරේ
මා සිත තනිකර දා
පැනලා එනවා
හැමදාමත්
කොහේදෝ ඉදලා
තොර තෝංචියක් නැතිව
කෑ ගහන
අළු කොබෙයි හඬ.

ජීවිතය

හිරු එලිය
දිහා බලාගෙන
හිනාවෙනවා
පිණි බිංදු
උදෑසනේ

මංමුලාව

තව පොඩ්ඩෙන්
හප්පාගන්නවා
වාහනය.
මහ දවාලේ
කොල්ලුපිටිය
හංදිය මැද
සමනලයෙක්
පාර පැන්නා.

මැවීම

'මිහිමත මිනිසා දෙවියන්ගේ මැවීම වන්නේය'

ඇඳුමක් ගැන
නිනව් නැතිව
මරලා දාල වාගේ
මවක් විඳිනා දහ දුක
දැක දැක
ලෝකයා
ආවඩනවා
නොදකින
දෙවියන්ට
යහමින්.

මිතුරෝ

පොත්
පොත්
පොත්
හැම තැනම
පොත්.
හැම තැනම
මිතුරෝ.
දුවලා
දුවලා
දුවලා
ආවා එළියට
කාලය
මුදල්,
හතුරෝ.

සාදය

අඩ සඳ පෑයු
අහස යටින්
ඇල් ගඟුලේ දියකඳ
නැලවී නැලවී
ගලා යද්දී,
සුළං කපාගෙන
මඟ සොයනා යාත්‍රාවේ
පහන් එලිය නෙත ගැටී
රිදී මසුන්
ඇදී ගියා.

හාවක් හූවක් නැති
ගන්දෑළ
සමවැදුණු ගානයි.
රිදී මසුන් ඇදී ගියා.
ඇසුනත්
නෙත මායිමේ
නෙක සොදුරැ ගී සිංදු
සුදෝ සුදු මුහුදු දිය
වෙරළවැද නඟන හඩ
යාත්‍රා බඳ වදින
දියකදේ මුණුමුනුව
අහන්නට
සිත කියයි.

පුරුදු

පහන් දැල්ල වටේ
පළගැටියෝ.
අලුත් උන්
පනිනවා දැල්ලට
වැනසෙන්න,
පෙනිපෙනිත්
පිච්චුණු තටු
හා අදෝනා
යහමින්
හැමතැනම.
අලුත් උන් පනිනවා දැල්ලට.
මෝරපු හිත වාගේ
කළු පාට.
උපන්දා ඉදලා දැක්ක
මහ දුකම
අනුභව කරනවා
රස කර කර.

5.19.2014

තාත්තා

ගෙදර
යනකොට
වෙනදාට
වැඩ ඉවරවෙලා
මග බලාන
හිනාවෙවී
ඉන්නා
නුඹ,
මහා තඩි තාප්පේ
උඩ
ගොක්කොල
රෑනට යටින්
හිනාවෙනවා දැන්.

ජීවිතය

මැලවුණු
ගෙමිදුල.
ගේ
ඇතුලේ
දුවන
පනින
මල.

ජීවිතය

කිරි දතක්
කියනවා
ලෝකයේ
සොඳුරු බව.
රාක්කයේ
වැලපෙනවා
පොත්
ගොඩක්.

ජීවිතය

ලවක් දෙවක්
නැතිව
නොතේරෙන කතාවක්
කියනවා.
සුදුම සුදු බෝලයක්
දුවනවා
එහෙට මෙහෙට
මා වටේට
ගෙදර ගියහම
වැඩ ඇරිලා.

ජීවිතය

අම්බිලි මාමා
දකිනා
සිනහව
මගේ උකුලේ.
සිනාවුණා
ජීවිතය

ජීවිතය

තරු ඇවිල්ලා
අපේ ගෙදර
බලන්න
සඳ
එහෙට මෙහෙට
දුවන පනින

සිනාසෙන ජීවිතය

බිළිදු මා
සුදු දූ
නිඳයි
සුවසේ,
පෙන්වා
දසන්
සුදෝ සුදු,
සීරුවට.
ජීවිතය,
සිනාසෙන ජීවිතය.

විසල් ලෝකය

මා
කුඩා ගේ ඇතුලේ
ඒ විසල් ලෝකය.
පෙරදී සෙව්වාඉන් පිටත.

5.18.2014

අම්මා

උහුළනා
දුක් දකිනකොට
නුඹ
මේ අදටත්,
'සංසාරේ වෙන්න අපේ අම්මා'
කියලා හිතලා
නරුමයෙක් වෙන්න බෑ
මට.

අම්මා

පියෙක්
වෙන්න යනවා මම.
නුබ
ගුණ සුවද
දැනෙනවා මට
අද
වෙනදාටත් වඩා,
අම්මේ.

අම්මා

'ඇකයේ හොවාලා
ලේ කිරි පොවාලා
මා හැදු අම්මේ,
අටලෝ දහමේ අකම්පිත
මා දුටු
උදාරතම ගැහැණිය
නුඹයි'

එහෙම හිතෙනකොට
දැනෙන සතුට
මහ කාසි ගොඩකටවත්
දෙන්නේ නෑ
කවරදාකවත්
යනෙන තුරාවට
මේ සංසාරේ.

අම්මා

දැඩි හිරුරැස් දරණා
විසල් ගසෙකි
නුබ,
සෙවන සලසනා
අපහට.
අනේක දුක් විඳ
මා හැඳු
මගෙ
අම්මේ

5.17.2014

A thought for Wesak at Diyawannawa

'Prince Siduhath came to this world in a Wesak day. Ascetic Gothama became The Enlightened One in a Wesak day. The Enlightened One attained in to Parinibbàna in a Wesak day.'
From our younger days, that's what we had heard, we were taught about Wesak.

Wesak is to commemorate these three great incidents of the life of The Enlightened One. Wesak is the time to pay our homage to The Enlightened One. Wesak is for giving and for sharing. Wesak is to feel the peace and harmony in mind. Wesak is the time to experience the serene beauty of mother earth, time to talk to the green around us.

Wesak decorations, then?


It's true that Wesak decorations do not have any place in the teachings of The Enlightened One. But, they represent the Buddhist culture, our customs, our traditions and our heritage.

In the past, not many years ago, Wesak decorations made by our elders displayed the love and respect that they had for their teacher, The Enlightened One. Wesak decorations made by our elders brought in many values to their lives. Wesak decorations made by them touched the serene beauty of Wesak. They embraced the true meaning of Wesak.

Today?

Wesak decorations give a different message to what they used to be. They bring in nothing, but, mainly many colors of a fiesta.

Plastic dolls, electric bulbs, regiform dummies, siren horns, muppets and puppets, electric toys, lanterns dressed up in polythene bags … a long list to go.

The bond that Wesak decorations once had with teachings of The Enlightened One, for whom they were meant to be, is no more there. They are changed, modified and commercialized. No any turn back to be seen.

5.16.2014

අගනුවර වෙසක් සිරි


පාලම්තුන හන්දියේ
ඇලට උඩින් පැනලා යන
කන්ථක අස්පයගෙ වලිගේ
ජන්න ඇමති එල්ලී හිටියා
නොවදින්නට පස්ස ගාතේ,

අද නැතිවට එදා හිටිය
නමක් තියෙන මහා නයෙක්
වෙලී සිටියා බුදු සිරුරේ
පැරිස් බදාමෙන් හදාපු,
විකුණන්නට මස් පුච්චන
අකුරු තුනේ මහා කඩේ
වෙනදා වාගේ ඇරලා තිබ්බා
දෙවෙනි නැතිව දන්සලකට,

චීන රටින් මෙහෙට ආපු
කහපාටට රෙදි ඇන්ඳපු
ප්ලාස්ටික් බෝනික්කෝ
මහ හයියෙන් පිරිත් කිව්වා
වෙසක් කුඩුවක් ඇතුලේ,

රේඩියෝ හඬ නළුවෙ
පටාචාරාගේ හිමි
'කුලී වැඩක්' කරලා
'සොච්චමයිලු' හම්බ කෙරුවෙ,

'ස්ටෙප්ස් තියනකොට
පොඩි බුදු සාදූ
ෆ්ලවර්ස් එනවා පොලොව උඩට
TV එකේ දැක්කා වගේ'
අම්මෙක් කියනවා දුවට,

වැඩ හිටිය
බුදු පිළිම පේලියට කෙලවරේ
කහපාට බිල කඩන
බුදු පිළිම සල්පිලක්
'සංස්කෘතික අරමුදල'
නම ලියපු මහ වාඩියේ,

'Click here you will see me naked'
'You, looking here? '
හා තවත් එවැනි වැකි
ඇද ගත්තු යව්වනය
සීරුවට මහ පාරේ,

පච්චයක් බුදු රූපේ
කෙටුවාට දකුණතේ
පිටරැටියා
පිටරටට
දක්කාපු රටයි මේ
රකින්නට බුදු දහම.

... ඊයේ දියවන්නාවේ වෙසක් බැලුවා.
15052014
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS