5.26.2010

වෙසක් ඇවිල්ලා

අහස පොළව
නිසංසලේ
අවුරුද්දේ
කිසිම දිනක
නොදැනෙනා
මහ අමුතු සිරිය.
බුද්ධාලම්භන ප්‍රීතිය?
මළානික
පහන් තිර කොඳුරනා
දිග කථාව.
දිග කථාවක නිමාව
කියා දෙන වෙසක් දින.
දස දහසක්
පහන් එළිය.
එළි තිතකුදු නැති හදවත.
ඒත්,
මුමුණනා නියාම
වෙසක්

වෙසක්
සුභ වෙසඟක්
සැමටම
ප්‍රීති වෙසක්.
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS