6.06.2010

බුදු වේවා

දහසක්
බුදුවරු
බුදුවන
මේ උදෑසනේ
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
යහපත මේ
නරකය මේ
දැනගෙන,
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
අදද
හෙටද
සංසාරේ
දකින තුරා
නිවනේ
සිරි අසිරිය,
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS