2.25.2015

තම්බි මුදියන්සේ, J R ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ

2002 ජනවාරි 2 වන දින සිදුවූ මිලේනියම් සිටිපාවාදීම වාර්තා කළ සමහර පුවත්පත් සඳහන් කළේ, මෙම පාවාදීම දෙවැනි වන්නේ මහනුවර යුගයේදී තම්බි මුදියන්සේ විසින් කළ සිංහලයේ රජු හා රට සුද්දාට පාවාදීමට පමණක් වන බවයි. මිලේනියම් සිටි පාවාදීමෙන් නොනැවතී, අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට රට පාවාදීම, පාවෙන අවි ගබඩාවේ පාවාදීම වැනි පාවාදීම් ද අද දවසේ අප අත්දකින්නෙමු.


පාවාදෙන්නන්ගේ පරපුරේ මුල්ම පුරුක වූ තම්බි මුදියන්සේ ගැන නැවත කියවීමට මේ කාලය යි.


'ඉතිහාසයේ වරක් සිදුවූ සිද්ධීන් නැවත නැවතත් සිදු වන්නේ ය' යනුවෙන් කියමනක් ඇති බව අප මතක තබා ගත යුතු ය.

       සිංහලය විදේශිකයින්ට පාවාදුන් තම්බි මුදලි
* 'තම්බි' යන වචනය මරක්කල නැතහොත් මුස්ලිම් ජනයා හැඳින්වීම සඳහා සිංහලයන් අතීතයේ පටන් පාවිච්චි කළ වචනයක් වුවත්, තම්බි මුදියන්සේ යනු මුස්ලිම් ජාතිකයකු නොවේ.[1] ඔහු, දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය. වෙනත් විදිහකට කියනවා නම්, ශ්‍රී ලංකාවේ හිටපු පළමු විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන පරපුරේ මීමුත්තා ය.


* තම්බි මුදියන්සේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ද්‍රවිඩ හෙට්ටියකුගේ පුතෙකි. එම පරපුරේ අයෙකු හංවැල්ලේ වෙල්ගම ගමේ ජයවර්ධන පෙළපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල් නම වෙනස් කර බිරිඳගේ 'වාසගම' තමාගේ කරගත්තේ ය. තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ලේ වෙල්ගමදී ය.



චෙට්ටී හෙවත් හෙට්ටි ජනයා
(ඡායාරූප උපුටා ගැනීම  - ebay  වෙබ් අඩවිය)

* දුප්පත්කම නිසා කොළඹට ආ දොන් ඒඩ්‍රියන්ට, වයස 14-15 දී කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වන කර්නල් ඩ්‍රිබර්ග් හමුවිය. ඔහුගේ නිල නිවසේ සේවයට ගොස්, ඔහුගේ හා අනෙකුත් හමුදා නිලධාරීන්ගේ සිත දිනාගත්තේ ය. මේ ලපටි කොල්ලා එය කළේ කෙසේ ද යන්න අදටත් කිසිවකු දන්නේ නැත.


* තම්බි මුදියන්සේට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණේ ය. ඔහු තමාගේ ලොක්කන් කෙරේ පෙන්වූ අසීමිත පක්ෂපාතී බව හේතුවෙන් රැකියාවේ ඉහළට ම ගියේ ය. 


* ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කිරීමට සැරසෙන විට, ඉංග්‍රීසි හමුදාවේ ඔත්තු සෙවීම සඳහා ඊට රිංගාගත් තම්බි මුදියන්සේ සාර්ථකව කටයුතු කරන අතරේ, මහබෝල ගමේදී ඉංග්‍රීසීන්ට අසුවිය. ඉංග්‍රීසීන්ට පක්ෂපාති වීමට කැමති නොවූ නිසා හිස ගසා දැමීමට තීරණය කළ අවස්ථාවේ 'ඉංග්‍රීසින් ජයග්‍රහණය කරන්නේ නම් පක්ෂපාති වෙනවා' යැයි කියා හිස බේරා ගත්තේ ය.


* ඉංග්‍රීසීන් ලන්දේසීන්ගෙන් කොළඹ කොටුව අල්ලාගැනීමෙන් පසුව, ඉංග්‍රීසීන් පන්නා දැමීමට මුහුදුබඩ පළාත්වල සිංහලයන් කළ කැරැල්ල ගැන නිවැරදි තොරතුරු ජනරාල් ස්ටුවර්ට්ට ලබාදී, තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ගේ හමුදාවේ චරපුරෂයකු විය. රයිගම්, හේවාගම් හා සල්පිටි කෝරළවල හටගත් කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩපැවැත්වීමට ද උපකාර කළේ ය.


* රට අල්ලාගැනීම වෙනුවට රජු අල්ලාගැනීම සඳහා ජෝන් ඩොයිලි හැදූ සැලසුම් කිහිපයකි. ඉන්දියානු නායක්කර් පෙළපතේ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් හා සිංහල ප්‍රභූන් අතර තිබූ අමනාපය තම වාසියට ගෙන වර්ගවාදය යොදා ගැනීම, දෙමළ රජුන් එලවා සිංහලයකු පත්කිරීමට උදව් දෙන බව පෙන්වා සිංහල රදළයින් හා රජු අමනාප කිරීම, රජු ළඟින් ම සිටි ප්‍රභූන් ඉත්තන් කර ගැනීම, රජු මත්පැනට හුරු කරවීම, රදළයින් හා වැසියන් අතරේ රජු  දුෂ්ටයකු ලෙස හංවඩුගසා රජු තනිකිරීම ආදිය ඒවාට අයත් විය.


*  ඉංග්‍රීසීන් විසින් සිංහලේ රජු අල්ලා ගැනීමේ මෙම සැලැසුම්වල එක් ප්‍රධාන කොටසකි, ඔත්තු සේවය නැතහොත් චරපුරුෂ සේවය. මෙයට සම්බන්ධව සිටි සිංහලයන් අතරේ ප්‍රධානියා වූයේ  තම්බි මුදියන්සේ ය.


* ජෙනරාල් මැක්ඩෝවෙල්ගේ නායකත්වයෙන් භට පිරිසක් සමඟින් කන්ද උඩරටට ගිය ගමනේ මග පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ ය. ගමන සාර්ථක විය. දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනට මුහම්දිරම් තනතුර ලැබිණ.


* 1802 දී ඉංග්‍රීසීන් කන්ද උඩරටට එරෙහිව යුධ ප්‍රකාශ කළේ ය. තම්බි මුදියන්සේ කියූ දේ නොඇසූ නිසා පරාජය හිමි විය. තම්බි මුහන්දිරන්ට නම් ජය හිමි විය. ඒ, මුදලි තනතුරකට උසස් කිරීමෙනි.


* මහනුවර මහ අධිකාරම් පිළිමතලාවේ විසින් සාකච්ඡා සඳහා පැමිණෙන්න යැයි නොර්ත් ආණ්ඩුකාරයාට කළ ආරාධනය,  ඔහු මැරීමට කළ උපායක් බව තම්බි මුදියන්සේ කියා සිටියේ ය. මෙය මුලින් ඉංග්‍රීසීන් විශ්වාස කළේ නැත. එම පහරදීම එසේ ම වූ නිසා ඔවුන් තම්බි මුදියන්සේව වඩ වඩාත් විශ්වාස කළේ ය. මුහන්දිරම් තනතුරට හිමි දීමනාවට වඩා වැඩි මුදලි දීමනාවක් ලබා දුන්නේ ය.


*  මහනුවර රජු 31,000ක සේනාවක් සමඟ කොළඹ කොටුවට පහරදීමට එන බවට ඔත්තුව දුන්නේ තම්බි මුදියන්සේ ම ය.


* සිංහලේ රජුගේ සේනාව කොළඹ දෙසට එන අතරේ, පහතරට ඇතිවූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩ පැවැත්වූයේ තම්බි මුදියන්සේ ය. ඉංග්‍රීසි ප්‍රධාන සේනාව සමඟ රජුගේ සේනාව දෙසට ගිය ස්වදේශික භට පිරිසේ නායකයා වූයේ තම්බි මුදියන්සේ ය. මෙම භට පිරිස රජුගේ සේනාව පරාජයකොට කොටුව අල්ලා ගත්තේ ය.


* ඉහත සටන්වලදී තම්බි මුදියන්සේ පෙන්නූ පක්ෂපාතීකමට නොර්ත් ආණ්ඩුකාරයා ඔහුට වාසල මුහන්දිරම් පදවිය මෙන් ම ඔත්තුකරුවන්ගේ මුදලි පදවිය යන දෙක ම එකවර ලබා දුන්නේ ය. පදක්කම් හා රන් දම්වැලක් ද ලබා දුන්නේ ය. '1803 දී හංවැල්ලේ හා රුවන්වැල්ලේ දී පෙන්වූ භක්තිය හා උනන්දුව වෙනුවෙන් වාසල මුහන්දිරම් විජයසිංහ ජයවර්ධනට මෙය නොර්ත් ආණ්ඩුකාරවරයා විසින් පිරිනැමිණි' යනුවෙන් එහි ලියා තිබුණි. 


* රටට ආදරය කළ සිංහලයන් රටේ නිදහස වෙනුවෙන් දියත් කළ ඌවේ හා මාතලේ මහා සටන් අමතක කර, 1948 දී ලංකාවට නිදහස ලැබුණේ ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව යැයි සමහරු කියයි. ඒ කයිවාරුව කෙසේ වුවත්, ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව, 1815 දී සිරිලක අල්ලා ගැනීමට නම් සුද්දාට හැකි වූයේ ගයිට්කම් කළ, සුද්දන් කියනා විදිහටම 'කිසිම යටත් විජිතයකින් සොයාගත නොහැකි විශ්වාසවන්ත ම ස්වදේශිකයෙක්' වන තම්බි මුදියන්සේ නිසාවෙන් බව නම් සත්‍යයකි.


* සිංහලේ රජුන් තම අතින් ම අල්ලා ගෙන ගොස් ජෝන් ඩොයිලි නම් පර සුද්දාට භාරදී අවුරුදු දෙදහස් හාරසියයක් තිස්සේ පැවත ආ සිංහල බෞද්ධ උරුමයේ මිනී වළට අන්තිම පස් පිඩැල්ල දැමූ ද්‍රෝහියා ය.


* සුද්දන්ට පිම්පිකම් කරමින්, ජාතිප්‍රේමී සිංහලයන් මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ ආත්මාර්ථකාමී කපටියෙකි.


 *  සිංහලයන්ගේ නිදහස වළලා ඒ මත ජාතිද්‍රෝහී පරපුරක් ගොඩනැඟු දුෂ්ටයෙකි.


*  කවදත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ පන්දම්කාර ගයිටුවෙකි. එමෙන් ම සිංහලයන්ගේ හතුරෙකි.


*   ඉංග්‍රීසින්ට දැක්වූ පක්ෂපාතී කමට, 1804 දී විශාල ඉඩමක් ද 1805 දී මැණික් ඔබ්බවා කැටයම් කළ මිටක් ඇති කඩුවක් ද නොර්ත් ආණ්ඩුකාරයා විසින් තම්බි මුදියන්සේට ලබාදුණි.


*  ජෙනරාල් විල්සන් ඩොයිලි, මේජර් ජනරාල් H මක්ඩෝවල්, මේජර් W කෙනී, මේජර් අගිනිව්, කපිතාන් බෙනෝ, මේජර් බීවර්, මේජර් මෝබ්රෝ වැනි විවිධ තනතුර දැරූ නිලධාරීන්ගෙන් තම්බි මුදියන්සේ සහතික ලබා ඇත.


*  1805 ජූලි 19 දා වැඩ භාරගත් මෙරට දෙවන ආණ්ඩුකාරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් විසින් තම්බි මුදියන්සේ හලාවත දිසාවේ මුදලි තනතුරකට පත් කර, ඔහුට එම ප්‍රදේශයේ විශාල නින්ද ගමක් ද පවරා දුන්නේ ය.


*  1812 මාර්තු 11 වෙනිදා ලංකාවේ ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්, 1814 දී මහනුවර රජුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ ය. කන්ද උඩරට යන ඉංග්‍රීසි සේනාංකයන්ට මඟ පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ ය. උඩරටට යෑමට මාර්ග පහක් සූදානම් කර ඒ මාර්ගවල යන සෑම සේනාංකයක් සඳහා ම චරපුරුෂයින් හා ඔවුනට අවශ්‍ය වෙනත් දෑ ද ඔහු සපයා දුන්නේ ය. යුධයට යන භට පිරිසට අවශ්‍ය වන 'වෙනත් දෑ' යනු මොනවාද යන්න සිතා ගත හැකි ය.


*  මහනුවරට යන ගමන් මාර්ගය, රජමැදුරේ පිහිටීම, රාජධානියේ අනෙකුත් ප්‍රදේශ, රජුගේ විස්තර වැනි තමන් දන්නා තොරතුරු තම්බි මුදියන්සේ ඩොයිලිට ලබා දුන්නේ ය. ඩොයිලිගේ සේනාංකය මහනුවරට ඒමට පෙර රජු, බිසවා හා පරිවාර ජනයා සමඟ මැද මහනුවරට ගිය බව ඉතිහාසය කිව්වත් 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ කියවෙන්නේ 'ඔහු සේවකයන් සමඟ ගොස් රජ අසිපත තම අතට ගෙන රජු අතින් අල්ලා ගෙන ඇවිත් සර් ජෝන් ඩොයිලිට බාර දුන්නේ ය' යනුවෙනි.

සිංහලේ අන්තිම රජු අල්ලාගැනීම

*  රජු අල්ලාගත් තම්බි මුදලි, රජුට හා බිසෝවරුන්ට නින්දා කළේ ය. ඔහු බිසෝවරුගේ රන් ආභරණ ගලවා ගත් බව, බිසෝවරුන් කන්වල පැළඳ සිටි ආභරණ කඩාගත් බව කියවේ. එවිට ගලා ගිය ලේවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත්වූ බව ද කියවේ. මේ බව සනාථ කරමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති රජුගේ බිසව වන රෙංගම්මාගේ සැට්ටයේ ලේ පැල්ලමක් ඇත.

*  රජතූමා විසින් පොද්දල්ගොඩ සඟවා තිබූ රාජකීය වස්තුව සොරා ගැනීමට ගොස් ඇත්තේ ද තම්බි මුදියන්සේ ම ය. එම භාණ්ඩවලින් සතරක් තම්බි මුදියසේගේ මාදම්පේ නිවසේ තිබී පසුව සොයා ගත්තේ ය.

*  කන්ද උඩරට අල්ලාදීම වෙනුවෙන් තම්බි මුදියසේට තෑගි බෝගවලට අමතරව, මසකට රික්ස් ඩොලර් 150 දීමනාවක් ඔහුගේ මරණය තෙක් ලබා දීමට තීරණය කළේ ය. ඔහුට පෙර හලාවත මුදලි තනතුර කළ හේරත් සෙනෙවිරත්න කන්ද උඩරට සිංහලයින් අතරට ගොස් තිබූ නිසා, ඉංග්‍රීසි ආණ්ඩුව හේරත් සෙනෙවිරත්න මුදලිගේ සියළු දේපල තම්බි මුදියසේට ලබා දුන්නේ ය. ලන්දේසි කර්නල්වරයාගේ නිවසේ වැඩකාර කොලුවා ඇති විශාල බූදලයක් ඇති මුදලිවරයකු බවට පත් විය.

*  යලිත් මහජන කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඉංග්‍රීසි ආණ්ඩුවට කියූ තම්බි මුදලි, උඩරට ප්‍රධානීන් අල්ලා මුහුදුබඩ ප්‍රදේශවලට ගෙන ආ යුතු බවට යෝජනා කර, නායිකයින් 18 දෙනෙකුගේ නම් රොබට් බ්‍රවුන්රිග්ට ලබා දුන්නේ ය. ඉංග්‍රීසීන් මෙය පිළිනොගත්ත ද ඔවුන් පුදුමයට පත් කරමින් පසු කළ රටේ ඇති වූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මෙහෙයවන ලද්දේ මෙම උඩරට ප්‍රධානීන් විසින් ම ය.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා රාජ දේවිය - වෙල්ලෝරාවට යැවීමට පෙර 
කොළඹ වරාය අසල රඳවා සිටි කුටියේ ඇති චිත්‍රයක් 
(ඡායාරූප උපුටා ගැනීම  -  Synergy Y වෙබ් අඩවිය)
*  සිංහලේ රජු රටින් පිටුවහල් කර ටික කලකින් ඇති වූ ඌව වෙල්ලස්ස සටන මැඩපැවැත්වීමට තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ට සහය විය. ශ්‍රී වික්‍රම රජුගේ බාල සහෝදරයා වන දොරේසාමි කැරළි නායකයෙකු වශයෙන් නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට උපදෙස් දුන්නේ ය. එසේ වුවහොත් ඔහු වටා මුළු රටම එකතු වන බව කියා සිටියේ ය.


*  ඇති වූ ඌව වේල්ලස්ස  මහා සටන මැඩලීමට තම්බි මුදියන්සේ කීකරු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඉංග්‍රීසි හමුදාව සමග සටන් බිමට ගොස් කැරලිකරුවන් (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන් මෙහෙයවූවන්) පිළිබඳව තොරතුරු ඉංග්‍රීසි ආණ්ඩුවට සැපයී ය.


*   දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන යනු ඉංග්‍රීසීන්ට ගැති මොනතරම් නිවට පුද්ගලයෙක් ද යන්න වටහාගැනීමට, 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ ඇති  පහත දැක්වෙන එක් ජේදයක් පවා ප්‍රමාණවත් වේ.


" ... ඔහුගේ චරිත ස්වභාවයෙන් ම ඔහුට ආණ්ඩුවේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූයේ ය. එහෙත් ඔහුට කොතෙක් තාන්න මාන්න ලැබුණත් ඔහුගේ සේවයට නොමසුරු ලෙස කොතෙක් මිල මුදල්, තෑගී බෝග ලැබුණත් ආණ්ඩුවේ නිලධාරීන් ඔහු කෙරෙහි දැක් වූ තයාගශීලීභාවයත් කරුණාවත් වෙනුවෙන් ඔහු දක්වූයේ බොහෝ සෙයින් ණයගැති බවකි. ඔහුගේ රාජ්‍ය සේවායේ මුල සිට ම ආණ්ඩුවේ මහ ලේකම් ගරු රොඩ්නි මහතාත් ආදායම් කොමසාරිස් ගරු බොයිඩ් මහතාත් දැනට රටින් පිටව ගොස් සිටින ගරු මහත්වරු සමහර දෙනාත් ඔහුට කළ උදව් ගැන ඔහුගේ අන්තිම මොහොත දක්වා කෘතගුණ පූර්වකව සඳහන් කරන්නට කිසිවිටෙක අමතක නොකළේ ය. ඒ සියල්ලෝම මේ ස්වාදේශිකයාගේ හැකියාවත් වටිනාකමත් හැඳිනගෙන සිටි අය වූහ. පසු කාලයේ දී මුදලිට සී.ඊ. ලෙයාඩ් මහතා, ජේ. වෙල්බියොස් මහතා, එෆ්.ජේ.ටෙම්ප්ලර් මහතා යන උදවියගේ උදව්ව විශේෂයෙන් ලැබුණේ ය. ඔවුන් ඔහු වෙත දැක්වූ කරුණාවන්තභාවයත් ඔහුට කළ ආධාරත් පිලිබඳ විස්තර මෙවැනි ගුණ කතානයක දක්වන්නට තරම් අවකාශයක් නැත."


* එවකට සිටි ඉංග්‍රීසි නිලධාරීන් විසින් තම්බි මුදියන්සේ පිළිබඳව කර ඇති විස්තර අද දවසේ ජීවත්වන ලාංකිකයෙකු තුළ පවා හිරිකිතයක් ඇති වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.


"... චරපුරුෂ කටයුතු පිළිබඳව තමා තුළ ඇති දක්ෂකම හා පක්ෂපාතීභාවය වෙනුවෙන් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ලංකාවේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වුවන්ගේ ප්‍රශංසවට හා සැලකිල්ලට ලක් වී ඇති ප්‍රමාණය අනුව බලන විට ඔහු ගැන අමුතුවෙන් සහතිකයක් අවශ්‍ය ම නොවන නමුත් මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාශීලීභාවය ගැන ලිඛිත සහතිකයක් මාර්ගයෙන් මාගේ අදහස ද ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

තමා වෙත පැවරුණු කාර්යයන් දක්ෂ ලෙස ඉටුකිරීමේ බුද්ධියක් හා fධෙර්යයක්  ඇති මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි. විශේෂයෙන් ම ළඟ එන සටන්වල දී මොහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ජෙනරාල් වේම්ස්ගේ අනුග්‍රහය ලැබීමට සුදුස්සකු වශයෙන් මම ඔහු ගැන සහතික කරමි. යුධ හමුධා මූලස්ථානයට සම්බන්ධ වන අන්දමේ මුදලි තනතුරකින් සම්මාන කොට කැප්ටන් හැන්කි යටතේ මඟ පෙන්වන්නන්ගේ හා රහස් ඔත්තුකරුවන්ගේ අංශයට පත් කරනු ලැබීමට තරම් දොන් ඒඩ්‍රියන් ආණ්ඩුකාරතුමාගේ ද අනුග්‍රහයට පාත්‍ර වීමෙන් ඔහුගේ ප්‍රයෝජනවත් බව පිළිබඳව එතුමා තුළ ද සම්පූර්ණ හැඟීමක් ඇති බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. මොහු ගැන සුදුසු පරිදි සලකන ලෙස මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිමි.


ජෙ. මැක්ඩෝවෙල්

මීගමුව

1804 මාර්තු 04  දා  "


'...මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි ' යන කියමනෙන් තම්බි මුදියන්සේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකු (A native of India) බව ද 'මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින්...' ඉහළ නැඟීම සඳහා සහතික එකතු කරමින් ඒවා අනාගත හාම්පුතුන්ට ඉදිරිපත් කිරීම කර ඇති බව ඉතා පැහැදිළි වේ.


"මා ගයිට්ටුවන්ගේ කපිතාන් කෙනෙකු වශයෙන් සේවය කරද්දී තම්බි මුදලියාර් ගයිඩ් තනතුර දැරූ බවත් ඒ කාලය අතරතුර ඔහු පක්ෂපාත, ක්‍රියාශීලී, නිර්භීත එමෙන් ම බුද්ධිමත් මිනිසකු බව සැමවිට ම මට දක්නට ලැබුණු බවත් මින් සහතික කරමි. ඒ කාර්යය පිළිබඳව ඔහු තරම් අපට හිතවත් දක්ෂයකු මේ රටේ නැත යනු මාගේ වැටහීමයි.


අත්සන : ඩී.ඒ. ඩිනෝ

කැප්ටන් (ගයිට්ටුවන්ගේ හිටපු අණදෙන නිලධාරී)

1805 අගෝස්තු 1 වැනි දා කොළඹ. "


"තම්බි මුදලියාර් ගැන නොයෙක් දෙනා ගුණ වර්ණනා කර ඇති අන්දම බලන විට මගෙන් එවැනි සහතිකයක් අවශ්‍යය යැයි නොහැඟෙන නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු ගැන යමක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කොට ගනිමි. උඩරට පළාත් ආක්‍රමණය කිරීම සඳහා අපේ හමුදාවට ඔහුගෙන් ලැබුණ මඟ පෙන්වීම සහ ඒ දුෂ්කර කාර්යයේ දී අප සමඟ සිටි සෙසු සිංහලයන් පාලනය කිරීමෙනුත් ඔවුන් ගැන බලා හදා ගැනීමෙනුත් අවශ්‍ය උපදෙස් දීමෙනුත් ඔහු විසින් කරන ලද පක්ෂපාත සේවය අතිශයින් ඇගේ කොට සැලකිය යුත්තකි.


අත්සන (අපැහැදිලිය)  

1805 දෙසැම්බර් 7 වෙනි දින, කොළඹ."


* තමා උපන් රට හා සිංහල ජාතිය ඉංග්‍රීසීන්ට පවාදීමා හා ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙක් වන දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන තවත් ද්‍රවිඩ සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන කරුණු දෙකම නිසා තම්බි මුදියන්සේ ඉතිහාසගත වේ. මෙය ලෝක ඉතිහාසයේ පහත් ම පාවාදීම ය.                                 


* රජු එලවා දැමීමට කටයුතු කළ රජුගේ මහාධිකාරම් වන ඇහැළේපොළ මහ අධිකාරම් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්ව වසර හතක කොළඹ නිවසක සිරකරුවෙක් ලෙස ද 1825 මැයි 14 දා මුරුසි දිවයිනට පිටුවහල් කර මියයන තුරු එහි ජීවත් වීමට සිදුවුවත් රජු එලවා දැමීමට කටයුතු කළ තම්බි මුදියන්සේ මුදල්, තනතුරු හා වරප්‍රසාද ලැබ ගෞරවණීය ලෙස උපන් රටේ ම මිය ගියේ ය.


දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ (තම්බි මුදියන්සේ) මී මුණුපුරා ජූනියස් රිචඩ් ජයවර්ධන


* දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන පරපුරෙන් බිහිවූ පරිණත දේශපාලන {dණයක් හා කූට බුද්ධියක් තිබූ පුද්ගලයා ය.


* ඔහු මෙරට ඉතිහාසය වෙනස් කළේ, තමන්ගේ මීමුත්තා වූ තම්බි මුදියන්සේ වාගේ විදේශ ජාතියකට රට පාවාදීමට ඔත්තු ලබාදීමෙන් නොවේ. රටේ නායකයා වශයෙන් වැඩ කරනා අතර ම, රට, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වහල් කඳවුරක් කිරීමෙනි.


* 1948 දී ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණ ද, 1972 මැයි 21 දක්වා රට පැවතියේ ඩොමිනියන් තත්ත්වයෙන් නිසා රටේ නායකයා එංගලන්තයේ රැජින විය. රට සම්පූර්ණ නිදහස් දේශයක් වූයේ 1972 මැයි 22 දින සම්මත කළ ජනරජ ව්‍යවස්ථාවෙනි. එහෙත් 1977 දී බලයට ආ J R එය වෙනස් කර ශ්‍රී ලංකාව යළිත් යටත් විජිතවාදී වුවමනාවලට ගැළපෙන විදිහට වෙනස් කළේ ය.

ජූනියස් රිචඩ් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ (මාමා හා බෑනා)
(ඡායාරූප උපුටා ගැනීම  - terroristnadagam වෙබ් අඩවිය)
*  1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය රටේ ජනතාවට දී තිබූ නිසා රටේ නායකයා පත්වූයේ ජනතා ජන්දයෙන් ජාතික රාජ්‍ය සභාවේ බහුතර බලය ලබන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා ය. රටේ උත්තරීතර ආයතනය ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්වරු සිටිනා ජාතික රාජ්‍ය සභාව යි. 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී ජනතා පරමාධිපත්‍ය බලය කොල්ලකන විධායක ජනාධිපති තනතුර හඳුන්වා දුන්හ. එයට අනුව නායකයා ජනතා ඡන්දයෙන් පත් වූවත් කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි බලයකින් ඒකාධිපතියෙකු ලෙස වැඩ කළ හැක.


* J R රට යටත්විජිත ක්‍රමයට ගෙනයාමට අවශ්‍ය දේ කළේ ය. නිදහස් වෙළද කලාප ඇතිකර විදේශි ආයෝජකයන්ට අසීමිත වරප්‍රසාද ලබා දුන්නේ ය. ආයෝජකයන්ට වසර 10 වන තෙක් 100% බදු සහන දුන්නේ ය. මෙය තව දුරටත් දීර්ඝ කළ හැකි අතර එම වසර 10 ට පසුව ඊළඟ අවුරුදු 5 සඳහා 2%-5% පමණක් වන බදු අය කිරීම කළේ ය. එම කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය, යන්ත්‍ර ආදිය සියළු බදුවලින් නිදහස් කළේ ය. බදු නැති කාලයේ විදේශීය සේවකයන්ගේ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කළ අතර එම ආයතනවල කොටස්කරුවන්ගේ ආදායම ද කොටස් අලෙවිකරනා විට එය ද බද්දෙන් නිදහස් කළේ ය. රටේ ජාතික ධන පිටරටට ඇදී ගියේ ය.

* ජාතික ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ ය. විදේශීය ආයෝජන රටට ඇතුළු විය. මේ නිසා ආර්ථිකයේ ප්‍රසාරණය සිදු වුණේ යැයි ඇතැම් උගතුන් කීව ද සිදු වූයේ රටේ ධනය පිටරටට ඇදී යාමයි. රටට භාණ්ඩ ආනයනය නිදහස් කළේ ය. මේ නිසා අදටත් රටට ඔරත්තු නොදෙන ප්‍රමාණයක භාණ්ඩ රටට ගෙන්වයි. රටේ ධනය පිටට ඇදීයයි.


* රටේ ධනය සීමාවීම නිසා J R සීමාවක් නැති ණය පිටරටින් ගත්තේ ය. 1977 ට පෙර ණය ගත්තේ ජාතික උවමනාව ඉක්මවන ලෙස නොවේ. රට ණය හා විදේශ ආධාර මත යැපුණේ නැත. එහෙත්, 1977 පසු අප රට ණය හා විදේශ ආධාර මත යැපෙන දුර්වල ආර්ථිකයක් ඇති රටක්  බවට පත් විය.


* තම්බි මුදියන්සේගේ මී මුණුබුරාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ ස්ථිර කිරීමට ජාතික උවමනාවන් කපා හැරියේ ය. සියලු අංශවල ඇති බටහිර ගැතිකම නිසා සංස්කෘතිය විනාශ විය. J R ටෙලිවිෂනය හඳුන්වාදුන්නේ දියුණු සන්නිවේදන උපකරණයක් ලෙස නොව ඔහුගේ බටහිර ගැති ආර්ථික හා දේශපාලන ක්‍රමය වසාගැනීම සඳහා ය.


* මෙම ආර්ථික දේශපාලන ක්‍රම මගින් J R බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි අධිරාජ්‍යවාදී රටවල් පවා නොකළ ආර්ථික වෙනස්කම් කළේ ය. විදේශිකයන්ට රටේ සම්පත් කොල්ලකන්නට හා රටේ සංස්කෘතිය විනාශ කරන්නට සෑම පහසුකමක් ම ලබා දුන්නේ ය.  රටේ අද පවතින රටේ අනන්‍යතාව හඳුනන්නේ නැති, බටහිර ගැති, විකෘති සංස්කෘතිය මෙරට තරුණ පරපුරට ලැබුණේ J R නිසා ය.


* J R රට පාවා දුන්නේ ඔහුගේ මීමුත්තා මෙන් ඔත්තු සැපයීමෙන්, විදේශිකයින්ට පහත් සේවා සපයන්නෙකු ලෙස නොවේ. රටේ බහුතරය තෝරාගත් රාජ්‍ය නායකයා ලෙස ම ය.


* අනාගත පරම්පරා ගණනාවකට උත්තර පිළිබඳව සිතාගැනීමවත් කළ නොහැකි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ප්‍රශ්න දෙක රටේ ජනතාවට ඉතිරිකර J R මිය ගියේ ය.


* J R බලයට ආ 1977 පෙර 1970-77 පැවති සමඟි පෙරමුණ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ වුවත් කළමනාකරණයේ දුර්වලතා නිසා මිනිසුන් කරදරයට පත්ව සිටියේ ය. භාණ්ඩ හිඟ වී ජන ජීවිතය දුෂ්කර විය. එනිසා 1977 දී  J Rට ඉහළ ජයක් ලැබිණ. J R බලයට ආ විගසම ඔහුගේ සතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මර්ධනය කිරීම සඳහා එහි නායිකාවගේ හා එහි සමහරක් ප්‍රධානීන්ගේ ප්‍රජා අයිතිය වසර 07 කට නැති කළේ ය. ශ්‍රී.ල.නි.ප. මර්ධනයට එ.ජා.ප.යේ සාමාජිකයින්ට අවස්ථාව ලබා දුන්නේ ය. ශ්‍රී.ල.නි.ප. සාමාජිකයින් පවුල් පිටින් විනාශ කළේ ය. ගිණිතබා මංකොල්ල කෑවේ ය. පොලීසිය නිහඩව සති ගණනනාවක් බලා සිටියේ ය.


* උතුරේ ප්‍රශ්නයට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබුණේ 1983 කළු ජූලිය නිසා ය. 1983 ජූලි මාසයේ උතුරේ මරා දැමූ හමුදා සෙබළු 13 දෙනාගේ සිරුරු හොර රහසේ කොළඹට ගෙනවිත් ජාතිවාදී කොලාහයක් ඇතිකිරීමට J R ආණ්ඩුව ක්‍රියාකළ බව අද ප්‍රසිද්ධ රහසකි. J R එසේ කළේ ඔහුගේ ක්‍රමයට හා පංතියට ප්‍රශ්නයක් වූ ජ.වි.පෙ. මර්දනය කිරීම සඳහා ය.


* 1982 ජනාධිපතිවරණයෙන් ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර J R ට වඩා ජන්ද 273,000 ක් ලබා ගත්තේ ය. ඉන් පසුව පැවැත්වූ ජනමත විචාරණයෙන් එ.ජා.ප ජයගත්තේ දූෂණයෙන් බව කියා රෝහණ විජේවීර උසාවියේ නඩුවක් දමා තිබිණ. එය ආණ්ඩුවට අවාසිසහගත වන බව J R දුටුවේ ය.  හමුදා සෙබළු 13 දෙනා කොටින් විසින් මරාදැම්මේ මේ අතර ය. J R ඉක්මනින් වැඩ පටන් ගත්තේ ය. දෙමළ ජනයාට ප්‍රහාර ආරම්භ විය. මිනීමැරුම් හා මංකොල්ලකෑම් සිදුවිය. එජාප ආණ්ඩුවේ ඇමතිවරුගේ පූර්ණ සහය ලැබිණ. රට ගිණි ගත්තේ ය. හදිසි නීතිය පනවන ලදී.


* කෝලහාල කරන්නේ ජ.වි.පෙ., නව සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්ෂය බව කියූ ආණ්ඩුව එම පක්‍ෂ තුන තහනම් කර එහි නායකයින් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේ ය. දින කීපයකට පසුව නව සමසමාජ පක්‍ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ තහනම ඉවත් කළත් ජ.වි.පෙ. තහනම ඉවත් නොකළේ ය.  මෙයින් මෙය ජ.වි.පෙ. ට ඇටවූ උගුලක් බව පැහැදිළි විය.


* ඉන් පසුව ජ.වි.පෙ. රහසිගත ව්‍යාපාරයක් බවට පත් විය. ජ.වි.පෙ. සාමාජිකයින් දහස් ගණනින් අත්අඩංගුවට ගත්තේ ය. 1983-1993 දක්වා එම පක්ෂයට ප්‍රසිද්ධ දේශපාලනය තහනම් විය. තමුන්ගේ බලය වෙනුවෙන් J R 1983 දී ගත් පියවර නිසා රට භීෂණයට ඇද වැටී තරුණ තරුණියෝ ලක්ෂයක් පමණ රටට අහිමි විය.


* 1983-1993 කාලයේ උතුරේ කොටි දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ලෙස බලවත් විය. ජාත්‍යන්තර අවධානය ලබා ගෙන ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව මෙහයවිය හැකි ආයුධයක් බවට පත් විය.


* සදාකාලයට ම එ.ජා.ප.ට බලය ලබාගැනීම සඳහා 1978 දී J R සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද විසදාගත නොහැකි ප්‍රශ්නයක් වී ඇත. අද රටේ සියළු දේශපාලන පක්‍ෂ හා නායකයන්ගේ ක්‍රියාකාරකම් තීරණය කරන ප්‍රධාන සාධක දෙක J R විසින් ඇතිකළ මෙම ප්‍රශ්න දෙකයි. ඒ ගැන කතා නොකර ක්‍රියාකිරීමට නොහැකිව ඔවුන් මෙම ගැටළුවල සිරවී සිටී. රට ඉදිරියට යා නොහැකිව එකතැන පල්වෙමින් සිටී. ඒ තම්බි මුදියන්සේගේ මීමුණුබුරා වන J R ජයවර්ධනට පිං සිදු වන්නට ය.


උතුරේ අරගලයට විසඳුමක් කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ LTTE ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් 2002 02 22 දින සටන් විරාම ගිවිසුම අත්සන් කළ අවස්ථාව. නෝවේ රාජ්‍යයේ මැදිහත්වීම යටතේ රනිල් වික්‍රමසිංහ වව්නියාවේ සිට ද LTTE නායක ප්‍රභාකරන් කිලිනොච්චියේ සිට ද ගිවිසුම අත්සන් කළ අතර ශ‍්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා වූ ජෝන් වෙස්ට්බර්ග් මැදිහත්කරු ලෙස ක්‍රියා කළේ ය.
ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ  හෙක්ටර් ජයවර්ධන නම් පුතා :                          

                නීතීයෙකි. වසර 20ක් කොළඹ නගර සභාවේ නිව් බසාර් ආසනයේ නාගරික මන්ත්‍රී ය. මුත්තා වන තම්බි මුදියන්සේ විසින් ග්‍රෑන්ඩ්පාස් හි සාදා තිබූ ජයවර්ධන වලව්වේ සිට මේ රටේ මැතිවරණ දේශපාලනයේ පළමු ජාතිවාදී කුමන්ත්‍රණය  දියත් කර ජයගත්තේ ය. 1910දී සිදුවූ මෙරට ප්‍රථම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උගත් ලාංකික මන්ත්‍රීවරයකු තෝරාගැනීම වෙනුවෙන් ලබා දුන් අවස්ථාව, තමාට ශක්තිමත් පදනම් නොමැති නිසා, එයට ඉදිරිපත් වූ දොස්තර මාක්ස් ප්‍රනාන්දුහට එය ලැබීම වැලැක්වීම සඳහා ඉන්දියාවෙන් කැඳවා ගෙන ආ පොන්නම්බලම් රාමනාදන් යොදාගැනීමයි, ඒ. මෙරට ඊනියා ජනවාර්ගික        ගැටළුවට හේතු වූ සිද්ධිය මෙය වේ. ඊළඟ මැතිවරණයෙන් තනතුර තමාට ලබා ගැනීමට සැලසුම් කලත් ඊට පෙර 1913 දී මිය ගියේ ය.


ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ තියොඩෝර් ගොඩ්ෆ්‍රෙඩ් ජයවර්ධන හෙවත් කර්නල් ටී.ජී. ජයවර්ධනනම් පුතා :


          1930 දී දකුණු කොළඹ ආසනයට තරග කර ඊ. ඒ. කුරේට පරාජය විය. ජේ. සී. රත්වත්ත මන්ත්‍රීවරයා මිය යාමෙන් හිස්වූ බලංගොඩ අසුනට තරග කර 1932 ඔක්තෝම්බර් අතුරු මැතිවරණයේදී ජය ගත්තේ ය. නමුත් 1936 දී,  එච්. ඒ. ගුණසේකරට පරාජය විය. 


ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ  ඉයුජීන් විල්ෆ්‍රඩ් ජයවර්ධන හෙවත් ඊ. ඩබ්ලිව්. ජයවර්ධනනම් පුතා :            

          පුතුන් හය දෙනාගෙන් තුන්වැන්නා හා පවුලේ පස් වැන්නා ය. නිව් බසාර් ආසනයේ නාගරික මන්ත්‍රී ලෙස 1920 දී පත් විය. 1924 දී වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී ඇති කළ මන්ත්‍රණ සභාව වෙනුවෙන් උතුරු කොළඹ ආසනය වෙනුවෙන් තරග කර වික්ටර් කොරයාට පරාජය විය. දේශපාලනයෙන් ඉවත් වී වැඩ බලන ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් විය.


         ඊ. ඩබ්ලිව්. ජයවර්ධන හා ඇග්නස්ට පුතුන් හතරකි. දුවරු පහකි. වැඩිමහල් පුතා, පළමු විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් J R ජයවර්ධන ය. J R හැරුණ විට ඔහුගේ පවුලෙන් දේශපාලනයට ආවේ පවුලේ බාලයා වූ කෝබට් ජයවර්ධන පමණි. ඒ, J R වැනි දක්ෂිණාංෂික ගමනක නොගිය ඔහු, සමසමාජ පාක්ෂිකයෙක් විය. J Rට ලැබූ දේශපාලන දියුණුව හමුවේ කෝබට් දේශපාලනයෙන් ඉවත්වී සේදවත්තේ ධම්මරුචි නමින් මහණ විය.


අද්වකාත් ඊ.ඩබ්. ජයවර්ධන,අද්වකාත් එච්.ඒ. ජයවර්ධන,අද්වකාත් ජේ.කිව්. ජයවර්ධන, කපිතාන් ටී.ජී.ජයවර්ධන, අද්වකාත් ජේ. එස්. ජයවර්ධන, අද්වකාත් ඒ. වී. ජයවර්ධන (ඡායාරූප උපුටා ගැනීම  - rootsweb.ancestry වෙබ් අඩවිය)



තම්බි මුදලියාර්ගේ විවාහය හා මරණය ලියාපදිංචිය කළ  කොළඹ ආදුරුප්පු වීදියේ ඩච් පල්ලිය
(ඡායාරූප උපුටා ගැනීම  - trip advisor වෙබ් අඩවිය)

ජයවර්ධන පවුලේ ලාංනය 
(ඡායාරූප උපුටා ගැනීම  - rootsweb.ancestry වෙබ් අඩවිය)
----------
[1] ඉංග්‍රීසීන් ඔහු හැඳින්වීමට තම්බි යන නම පාවිචිචි කළත් මුදියන්සේ යන නම පාවිචිචි කර නැත. ඒ වෙනුවට, මුදලි, මුහන්දිරම් යන නිල නම් යොදාගෙන ඇත. 'තම්බි මුදලි' යන වචනයෙන් 'මුස්ලිම්' යන අදහස ගෙන නොදෙන බවත්, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයේදී හමුදාවේ ඔත්තුකාර සේවය හැඳින්වීම සඳහා යොදාගත් 'තෝම්බො' (Thombo) යන වචනයෙන් සැදුණු වචනයක් බවත් 1941 දී 'කර්නල් ටී.ජී. ජයවර්ධන' නම් පොතට එකල රජයේ ලේඛනාරක්ෂක ඊ. රෙම්ස් කළ ලිපියක සඳහන් වේ.


දෙමල බසින් 'තම්බි' යනු 'සහෝදරයා නැතහොත් මල්ලී' යන අදහසයි. දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ සැබෑ පැටිකිරිය දන්නා සිංහලයින් විසින් ඔහු 'තම්බි' යනුවෙන් හැඳින්වූවා විය හැක. මුදලි පට්ටම් දැරුව ද ඒ නම එලෙසින් පවතින්නට ඇත.
මූලාශ්‍ර (ප්‍රධාන) - ධර්ම ශ්‍රී කාරියවසම්ගේ 'තම්බි මුදියන්සේ - රට පාවා දීමේ ආරම්භකයා' ග්‍රන්ථය, ඇස්. නිමල් ගුණරත්න විසින් 1966 දේ ලියූ 'තම්බි මුදියන්සේ' නම් ග්‍රන්ථය. 

----------
මූලාශ්‍ර (වෙනත්) - 'ආ ගිය කතා' වෙබ් අඩවියේ පළ වූ 'සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්. ගේ මී මුත්තා නම් ලිපිය, 'දිගු දුර විහිදුම් බළකාය පාවාදීම' නමින් කීර්ති වර්ණකුලසූරිය දිවයින Online EDITION හි  පළ කළ ලිපිය, 'අවසාන සිංහල රජු ඇල්ලීමෙන් පසු' නමින් ගුණපාල ජයතිස්‌ස දිවයින Online EDITION හි  පළ කළ ලිපිය, O.E. Martinus විසින් රචිත The Life of Colonel T.G. Jayewardene නම් ග්‍රන්ථය, Padma Edirisinghe විසින් 'Remembering the most dominant Lankan political figure' නමින් Sunday Observer පුවත්පතේ 2002 සැප්. 15 දින පළ කළ ලිපිය,  Wikipedia වෙබ් අඩවියේ Ranil Wickremesinghe නම් ලිපිය,  Lanka වෙබ් අඩවියේ 'Place where King Sri Wikrama Rajasinghe was Captured' නම් ලිපිය, Lankaweb News & Forum නම් වෙබ් අඩවියේ ' MASSIVE DEMONSTRATION DEMANDS THE ARREST OF RANIL WICKREMESINGHE FOR HIS PART IN ATHURIGIRIYA DEBACLE' නම් ලිපිය, rootsweb.ancestry වෙබ් අඩවියේ 'JAYEWARDENE, Don Adrian Wijesinghe (Tombi Mudaliyar)' නම් ලිපිය, Wikitree වෙබ් අඩවියේ 'Don Adrian Wijesinghe Jayewardene' නම් ලිපිය, යටියන ප්‍රදීප් කුමාර විසින් Lanka C News වෙබ් අඩවිය වෙත 'රනිල් – ප‍්‍රභා ‘පාවාදීමේ ගිවිසුමට’ වසර 11යි' යනුවෙන් කළ ලිපිය.

2.16.2015

Dr. Zakir Naik, President of Islamic Research Foundation, public speaker, says Buddha to be, the Maithriya Buddha, is a messenger of Allah

 
There are many religions in the world. Generally, Buddha's Teaching (Buddhism) is known as a religion. In fact, it is not and it is a way of life. The Western world says it’s a philosophy. The only doctrine which teaches the non-existence of a creator or the creator is nothing but Buddha's teaching. All other religions preach about a creator. But Buddha's teaching does not. The one and only doctrine which does not teach about theism is Buddhism. 'The world is a creation of the four great elements' is the teaching of the Buddha. The creation of the God is not found in the teachings of the Buddha. 'The punishment and the reward' commonly found in the theistic religions cannot be seen in Buddha's teachings, but 'the course and effect', instead. In many instances, in the Buddhist canon, the Buddha himself has very clearly rejected the concept of the Brahma, or the concept of one God.



Across the history, there are numerous instances where Buddha's teachings and Buddhist traditions had been altered and robbed by other religions (nothing else of this subject is not written here as it leads to a lengthier note). But not a looting, an insult of this nature !!!.



This person insults his own religion. He lies to people by telling something which is not taught by his own religion.



He does not show any hesitation to play the role of a liar by altering and modifying the non-theistic Buddha's teaching, in fact, it is 'a way of life'.



What does this person know about Maithriya Buddha - the Buddha to be in the future?


What does this person know about Bodhisatta - the Buddha aspirant?



What is his urge to modify Buddha's teachings? Why does he insult Buddha's teaching? Does he have any hidden agendas?



Is it because he is well aware that no any Buddhist will take his head? Is it because this person knows that Buddhist (OR THE BUDDHA HIMSELF) will not attend to do something of that nature even for any betterment of the doctrine?



Does he believe that Buddhists will consider something of that nature as a cheap action which is not pleased by them?



The Buddhists are the only group of disciples who do not have blood in their hands in the process of propaganda of their doctrine (if anyone interested in that, please read the respective literature). The Buddhists have shown their tolerance, loving kindness even when their monasteries, Buddhist canon, Buddhist monks and lay Buddhists were destroyed and tortured by the sword and the gun. It is evident that this person is enlightened on that matter as well.


He has read Buddha's teachings, it seems. But, it is evident, he had made that effort to find something which in return can be used by him for his own benefit and not the sacred value of the real teachings of the Buddha. He alters, destroys and insults a sacred doctrine which was preached even prior to thousand years of his own religious leader and by doing so he insults his own leader. 



What would be the consequence, if something of this nature to his own religion is done by a Buddhist monk or a lay Buddhist?



It is not the belief of the Buddhists of a God who punishes. Then, what else is possible, other than the practicing tolerance, to a person of this nature who insults the teachings of the Buddha?

මෛත්‍රී බුදුන්වහන්සේ යනු අල්ලා දෙවියන්ගේ දූතයෙකු යැයි ඉස්ලාම් පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ මෙන්ම ප්‍රසිද්ධ දේශක දොස්තර Zakir Naik පසවයි

 ලෝකයේ ආගම් මහ ගොඩකි. සාමාන්‍ය භාවිතයේදී බුදුදහම ආගමක් ලෙස හඳුන්වයි. නමුත් එය ආගමක් නොවේ. ජීවන ක්‍රමයකි. බටහිර ලෝකය එය දර්ශනයක් ලෙස හඳුන්වයි. මැවුම්කාර දෙවියෙකු ඇත කියා පිළිගන්නේ නැති ලොව ඇති එක ම දහම බුදුන්වහන්සේගේ දහමයි. වෙනත් සියළුම ආගම්, මැවුම්කාර දෙවියෙකු ගැන උගන්වයි. බුදුදහම එසේ නොකරයි. ලොව ඇති එකම අදේවවාදී දහම වන්නේ බුදු දහම යි. 'සතර මහා භූතයන් මත ම ලෝකය ඇතිවේ' කියා බුදුදහම උගන්වයි. දේව මැවීම උගන්වන්නේ නැත. දේව ආගම්වල එන දෙවියන්ගේ දඩුවම හා ත්‍යාගය වෙනුවට හේතු එලය ම දේශනා කරයි. පිටකයන්හී, බුදුන්වහන්සේ විසින් ම මහාබ්‍රාහ්ම මැවීම, හෙවත් ඒක දේව සංකල්පය, ප්‍රතික්ෂේප කළ අවස්ථා ගණනාවකි.


ලෝකයේ ආගම් මහ ගොඩකි. සාමාන්‍ය භාවිතයේදී බුදුදහම ආගමක් ලෙස හඳුන්වයි. නමුත් එය ආගමක් නොවේ. ජීවන ක්‍රමයකි. බටහිර ලෝකය එය දර්ශනයක් ලෙස හඳුන්වයි. මැවුම්කාර දෙවියෙකු ඇත කියා පිළිගන්නේ නැති ලොව ඇති එක ම දහම බුදුන්වහන්සේගේ දහමයි. වෙනත් සියළුම ආගම්, මැවුම්කාර දෙවියෙකු ගැන උගන්වයි. බුදුදහම එසේ නොකරයි. ලොව ඇති එකම අදේවවාදී දහම වන්නේ බුදු දහම යි. 'සතර මහා භූතයන් මත ම ලෝකය ඇතිවේ' කියා බුදුදහම උගන්වයි. දේව මැවීම උගන්වන්නේ නැත. දේව ආගම්වල එන දෙවියන්ගේ දඩුවම හා ත්‍යාගය වෙනුවට හේතු එලය ම දේශනා කරයි. පිටකයන්හී, බුදුන්වහන්සේ විසින් ම මහාබ්‍රාහ්ම මැවීම, හෙවත් ඒක දේව සංකල්පය, ප්‍රතික්ෂේප කළ අවස්ථා ගණනාවකි.

වෙනත් ආගම් විසින්, බුදු දහමේ හා බෞද්ධ සංකෘතියේ ඇති බොහෝ දේ වෙනස් කළ හා පැහැරගත් අවස්ථා මහ ගොඩක් ඉතිහාසයේ ඇත (ලිපිය දීර්ඝ වන නිසා නොලියමි). එහෙත් මෙවැනි කොල්ලකෑමක්, අපහාසයක් මින් පෙර දැක නැත!!!.

මේ පුද්ගලයා පිළිකුල් සහගත ලෙස තමුන්ගේ ආගමටත් අපහාස කරයි.

තමුන් විශ්වාස කරන ආගමේ උගන්වන්නේ නැති දෙයක් ඇත කියා මිනිසුන්ට බොරු කියයි.

ආගමක් නොවන 'ජීවන ක්‍රමයක්' වන අදේවවාදී බුද්ධ වචනය තමුන්ගේ කර ගනිමින් හිරිකිතයක් නැතිව බොරු කියයි.

අනාගත මෛත්‍රී බුදුන් ගැන මේ පුද්ගලයා දන්නේ මොනවා ද?

බෝධිසත්ත්වයා කියන්නේ කවුරු කියා මේ පුද්ගලයා දන්නේ මොනවා ද?

බුද්ධ වචනය මේ අයුරින් වෙනස් කරන්නේ ඇයි? එයට අපහාස කරන්නේ ඇයි? එය තමුන්ගේ වාසියට හරවා ගන්නේ ඇයි?

මහා බොරු කියනා මේ  පුද්ගලයාගේ බෙල්ලට බෞද්ධයෝ කොටන්නේ නැති බව ඔහු දන්නා නිසා ද? තම දහම වෙනුවෙන්වත් බෞද්ධයා එවැන්නක් කරන්නේ නැති බව, එවැන්නක් කිරීම බෞද්ධකමට සුදුසු නැති කියා බෞද්ධයෝ සිතනා බව මේ පුද්ගලයා දන්නා නිසා ද?

දහම ප්‍රචාරය වෙනුවෙන් ලේ සෙලවීමක් නොකළ ලොව ඇති එකම දර්ශනය බුදු දහම යි (ඒ බව නොදන්නා අයට ඉහිහාසය කියවිය හැක). තමුන්ගේ ආරාම, ධර්ම පොත්, සංඝයාවහන්සේ, ගිහි බෞද්ධයන් විනාශ කරද්දීත් ඉවසා සිටියේ බෞද්ධයායි. මේ පුද්ගලයා ද  ඒ බව  හොඳින් දන්නා බව පෙනේ.

මොහු  බුද්ධ වචනය කියවා ඇති  බව පෙනේ. නමුත්, ඒ තමුන්ගේ වාසියට ගන්නේ කුමක් ද කියා සෙවීමට මිස බුදුන් වහන්සේගේ වචන කුමක් ද යන්න සෙවීමට නොවන බව ද පැහැදිළිව ම පෙනේ.

මොහු විශ්වාස කරනා ආගම් නායකයාට වසර දහසකට පෙර, බුදුන්වහන්සේ කියා ඇති දෙයක්, එම නායකයාට ද අපහාසය කරමින් දහම විකෘති කරයි.

බෞද්ධ භික්ෂුවක් හෝ ගිහියෙකු මොහුගේ ආගම වෙනුවෙන් මෙවැනි දෙයක් කළහොත් කුමක් සිදුවේ ද?

දඩුවම් දෙන දෙවියෙකු ගැන බෞද්ධයන් විශ්වාස නොකරන නිසා, බුද්ධ වචනය කෙලසන මේ වාගේ පුද්ගලයන් ගැන ඉවසනවා ඇර වෙන කළ හැකි වෙනත් දෙයක් වේ ද?

2.10.2015

ශ්‍රී ලංකාවේ අනාගතය හා ඇමරිකාවේ අතපෙවීම


(Helping Sri Lanka’s New Democracy - ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහයෝගය දැක්වීම - යනුවෙන් Ryan Goodman විසින් The New York Times හි 2015-01-19 දින පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය)

"ආරක්ෂක ලේකම් වන තම සහෝදරයා සමඟින්, 2009 වසරේදී දෙමළ කැරැල්ල මැඩපැවත්වා රට මෙහෙයවූ, අධිකාරීවාදියේ ආසන්නයේ සිටි, තමුන්ගේ ජනපතිවරයා පිටතට විසිකර දැමීමෙන් ශ්‍රී ලාංකික ඡන්දදායිකයින් මේ මස තමන්ව මෙන් ම මුළු ලෝකය ම මහත් තිගැසීමකට පත්කොට තිබේ. පුවත්පත් නිදහස, විනිසුරුවන්ගේ නිදහස, සුළුතර ජනයාගේ හා ආගමික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.

දශකයකටත් වැඩි කාලයකට පසුව මේ එළැඹ තිබෙන්නේ රටේ නව පරිච්ජේදයක් ආරම්භ කිරීම සඳහා වඩා වැදගත් ම අවස්ථාවක් බව රාජ්‍ය ලේකම් John Kerry මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිවේදීන් පවසා සිටී.

නමුදු, පහකර දැමූ රෙජීමයේ සාමාජිකයින් නැවත බලයට නොඑන බවට මෙන් ම නව රජය එහි අධිකාරත්ව ආරක්ෂා කරගැනීම පිළිබඳව රට සැක දුරු කරගත යුතු වේ. එක්සත් ජනපදයට - වෙනකක් නොව එක්සත් ජනපදයට ම පමණක් - එය සිදුවීම කෙරෙහි යමක් කළ හැකි වේ.

පෙර සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ- මෙන් ම ඔහුගේ සහෝදරයාවන ගෝඨාභය රාජපක්ෂ- තවමත් දේශපාලනික වශයෙන් මියගොස් නැත. අප්‍රේල් මස සඳහා ඉතා තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයන් සැලසුම්කර තිබේ. නව ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විවිධ දේශපාලන පක්ෂවවල සහයෙන් ඡන්ද ජයග්‍රහණය කරා ගමන් කරනු ලබයි. ඔහු තම බලය පිළිබඳව සැලකිලිමත් විය යුතු වන්නේ එවිට ප්‍රාජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනයා හැකි නිසාවෙනි.

මේ වෙනුවෙන් එක්සත් ජනපදයට කළ හැකි උපකාරය කුමක් ද? Kerry මහතා කියා සිටියේ, එක්සත් ජනපදය දිගු කාලයක් පුරාවට පවතින මානව අයිතිවාසිකම් පිළිබඳ කරුණු කාරණා නව රජය සමගින් නැවත කරළියට ගන්නා බවයි. 1983 සිට 2009 දක්වා රටේ සිවිල් යුද්ධය පැවති සමයේ රාජපක්ෂ රෙජීමය මගින් සිදුකළ යුධ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් නිර්මාණය කිරීම සම්බන්ධව රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙරමුණ ගෙන තිබේ.

නමුත්, එම විමසුමෙන් එම කරුණ සම්බන්ධව ලබාදෙන්නේ වඩාත් වැඩි මෙන්ම වඩාත් අඩු දෙයකි. වඩාත් වැඩි දෙය නම්, සංක්‍රාන්තිය සිදුවන මෙම දුර්වල අවස්ථාවේ වන අතුගා යෑමේ වඩාත් පූර්ණ වගකීම නව රජය පෙරලීම සඳහා මෙන්ම එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති හිතවත් සම්බන්ධය උවදුරේ හෙළීමට එය හේතු විය හැකි නිසාවෙනි යන්නයි. වඩාත් අඩු දෙය නම්, එක්සත් ජාතීන්ගේ විමර්ශනයට දත් නැත යන්නයි - එනම්, එය මෙහෙයවන මණ්ඩලයට අපරාධ අධිකරණ සභාවක බලය නැත යන කරුණ මෙන්ම ආර්ථික වශයෙන් දණ්ඩනයක් පැමිණවීම වැනි දෙයකට පවා හැකියාවක් ඊට නැත යන්න යි.

වොෂින්ටනයට වඩාත් වැඩදායී කාර්යභාරයක් කළ හැකි අවස්ථාවක් මෙන්න.
සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවන්ගේ ඉතා දරුණු කෲරකම්, එය සිදුවන අයුරින්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂා මැඩපවත්වා ඇති අතර ඔහු ඇමරිකානු පුරවැසිකම ලබාගත්තෙකු වේ. (සැබවින්ම, Loyola Law School හි පරිගණක පද්ධති මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරමින් ලොස් ඇන්ජලීස්වල ජීවත් වූ අයෙකි, ඔහු.)

අපරාධකරු නැතහොත් අගතියට පත්වූ පාර්ශවය එක්සත් ජනපද වැසියකු වන්නේ නම් ලොව කොතැනක හෝ සිදුවන යුධ අපරාධ එක්සත් ජනපද අධිකරණයන්හී අධිකරණ බලය යටතට ගතහැකි නිසාවෙන්, පුරවැසියකු නිසාවෙන්, රාජපක්ෂක මහතාට 1996 යුධ අපරාධ පනත යටතේ වගකීම පැවරිය හැක. මෙය තවත් විදිහකින් කියනවා නම්, රාජපක්ෂක මහතාව ම එල්ල කරගනිමින් ඔහු පසුපස පැන්නීම සඳහා එක්සත් ජනපදයට පරිපූර්ණ සුදුසුකම් ඇත යන්නයි.

නිදහස් නිරීක්ෂකයන් ඉතා දිගු කලක සිට ගෝඨාභය රාජපක්ෂ දෙස බලා සිටියේ, ශ්‍රී ලංකාව තුළ වඩාත් පහසු දේශපාලනමය මාරුවීමක් සඳහා, සමහර විටක, තම සහෝදරයාව ද ඉක්මවා ගිය, බාධාවක් ලෙස ය.

මැතිවරණ ප්‍රතිඑල වෙනස් කිරීම සඳහා, ඔහු හා ඔහුගේ සහෝදරයා හමුදාමය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තේ ය යන කරුණ මත වඩාත් පුළුල්ව වාර්තා වන දෝෂාරෝපණයන් පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති නිසා නව රජය කෙරෙහි ඔහුගේ ගෞරවයක් ඇත යන්නට වන සලකුණු ඉතා ම සීමා සහිත වේ.
නව රජයේ අභිප්‍රාය වන්නේ, රාජපක්ෂ මහතා නැවත බලයට ඒමේ අනතුර මුලුමනින්ම ඉවත් කිරීම මගින් තමන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමට තීරණාත්මක ලෙස කටයුතු කිරීමයි. එය ඉතා පැහැදිළි ශාක්‍යතාවක් බවට පත් වන්නේ, ඔහුගේ සහෝදරයා වන මහින්ද බලවත් විරුද්ධ පක්ෂයක බලය රැඳවීම සඳහා වන ඉල්ලීම සාර්ථක වුවහොත් ය .

රාජපක්ෂ මහතා කොන්කර දැමීම වැදගත් වන්නේ ඒ නිසා ය. විදේශීය යුධ අපරාධ පිරික්සුම් වළක්වා ස්වදේශීය සාපරාධී චෝදනා සඳහා තමා විවෘත බව නව ජනපති වන සිරිසේන මහතා ලකුණු පෙන්වා තිබේ. එමෙන් ම, යම් නියත යුධ අපරාධ, සිවිල් යුද්ධයේ අවසන් දිනයේදී සුදු කොඩි සමග සිටි යටත්වන දෙමළ නායකයින් සොල්දාදුවන් විසින් චෝදනා සමගින් මරාදැම්මේ ය කියනා වඩාත් ප්ර්සිද්ධ සුදු කොඩි සිද්ධිය වැනි, සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කටයුතු කරනු ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශක අඟවා තිබුණේ ය. මෙය ඉතා ම වැදගත් ප්‍රකාශයක් වේ. ඒ මන්ද යත්, බොහෝ ශ්‍රී ලාංකිකයින් දන්නා ලෙසට මෙන්ම රාජ්ය දෙපාර්තමේන්තුව විසින් කොන්ග්‍රාසයට වාර්තා කළ ආකාරයට, එකල හමුදා ප්‍රධානී කියා සිටියේ රාජපක්ෂ් මහතා 'ඔවුන් සියල්ලන් ම මරා දැමිය යුතුයි' කියමින් අණ ලබා දුන් බව සහ පසුව පැවසුවේ තමුන් යුධ අපරාධ නිසාවෙනි පිරික්සුමකදී සාක්ෂි දීමට වුවද කැමතිය යන කරුණු නිසාවෙනි.

එහෙත්, රාජපක්ෂ මහතාට එරෙහිව වන ක්‍රියාපටිපාටීන් ශ්‍රී ලංකා රජය විසින් ම ක්‍රියාවේ යෙදවීමේදී එය එම රජයට දේශපාලනමය අභියෝගයක් වේ. ශ්‍රී ලංකාව විසින් සිදු නොකරන්නේ නම්, රාජපක්ෂල මහතාට විරුද්ධව වන අපරාධ නඩුවක් ගොනුකිරීම මගින් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ඇති උනන්දුව හැඟවීමෙන් ඉදිරිපත් කළ හැක. නව රජයට ඒ මගින් අවස්ථාවක් මෙන් ම යුක්තිසහගත බව යන කරුණු දෙකම ලැබීමෙන් තම දෑත් සෝදා ගැනීමට හැකි වේ. රාජපක්ෂල මහතාගේ පුරවැසිභාවය යන කරුණ නිසාවෙන්, වෙනත් ජාතියක කටයුතු වෙනුවෙන් අතපෙව්වේය, යන දෝෂාරෝපණයට එක්සත් ජනපදය භාජනය වීමට ඇති හැකි අවදානම ද අඩු වේ.

ශ්‍රී ලංකාවේ නව සංස්ථාපනයට පළමුවෙන් ම ක්‍රියාත්මක වීම සඳහා අවස්ථාවක් ලබාදීමෙන් පසුව, ඔබාමා පරිපාලනය තමුන්ගේ ම අපරාධ විභාගයක් පවත්වන්නේ ද නැද්ද යන වග තීරණය කර ඒ පිළිබඳව, වඩාත් ප්‍රසිද්ධ ආකාරයෙන්, සමහර විටක පැවසිය හැක. එක්සත් ජනපදයෙන් එන එවැනි හැඟවීම්, රටේ පැවැත්ම වෙනුවෙන් අදාල වන වඩාත් තීරණාත්මක අවස්ථාවකදී රාජපක්ෂවරු දේශපාලනික වශයෙන් කොන්කිරීම වෙනුවෙන් යොදාගත හැක.

රටේ අතීතය ප්‍රතිෂේප කිරීම සඳහා වන ජනපති සිරිසේනගේ වන ප්‍රයත්නයන් සඳහා ඒවා උපකාරී වන අතර ම ඔහුගේ පරිපාලනය මත රඳන එහි යහපත් අනාගතය ඉන් හඳුනාගනු ඇත. වඩාත් නිවැරදි ශ්‍රී ලංකාවක් සඳහා, එක්සත් ජනපදය තමාගේ කොටස කළ යුතු වන අතර ප්‍රජාතත්ත්‍රවාදය සඳහා එහි වන පෙරලීම වෙනුවෙන් උපකාර කළ යුතු වේ.

Ryan Goodman නීතිය, දේශපාලනය සහ සමාජවිද්යාරව පිළිබඳව නිව් යෝක් සරසවියේ මහාචාර්යවරයකු මෙන්ම Just Security නම් බ්ලොග් අඩවියේ ප්‍රධාන සමකතෘ ද වේ."

- පහත ද ගෙනහැරපා ඇති මෙහි මුල් ඉංග්‍රීසි ලිපියට සම්බන්ධ වීම සඳහා -  


---------------------------------------------------------------------------------------------------------------------
"Sri Lanka’s voters shocked themselves and the world this month by tossing out their president, who crushed the Tamil insurgency in 2009 and then led the country, along with his brother as defense secretary, to the brink of authoritarianism. The new president has promised to restore freedom of the press, independence of judges, and the rights of religious and ethnic minorities.

Democracy advocates, including Secretary of State John Kerry, say this is the country’s most important chance to open a new chapter in more than a decade.

But the country must make sure that members of the ousted regime do not return to power and that the new government can secure its authority. The United States — and only the United States — can do something to help make that happen.



The former president, Mahinda Rajapaksa, and his brother, Gotabaya Rajapaksa, aren’t politically dead yet. Critical parliamentary elections are scheduled for April. The new president, Maithripala Sirisena, rode to electoral victory on the back of a diverse group of parties. He must now consolidate his power so that democratic reform can go ahead.

What can the United States do to help? Mr. Kerry said the United States would take up longstanding human rights concerns with the new government. The State Department has spearheaded the creation of a United Nations investigation into war crimes committed under the Rajapaksa regime during the country’s civil war, which lasted from 1983 to 2009.

But that inquiry offers both too much and too little at this point. Too much, because pushing for full, sweeping accountability in this fragile moment of transition could destabilize the new government and jeopardize the warming of relations between the United States and Sri Lanka. Too little, because the United Nations investigation doesn’t have any teeth — the panel leading it doesn’t have the powers of a criminal tribunal, and cannot even impose a financial penalty.

Here is where Washington can play a constructive role.

Gotabaya Rajapaksa, the former defense secretary, oversaw the Sri Lankan armed forces’ worst atrocities during the final stages of the civil war and, as it happens, he is a naturalized American citizen. (Indeed, he used to live in Los Angeles, where he worked as a computer systems operator at Loyola Law School.)

As a citizen, Mr. Rajapaksa can be held liable under the War Crimes Act of 1996, which puts war crimes anywhere in the world under the jurisdiction of United States courts if the perpetrator, or the victim, is a United States citizen. Put another way, the United States has a perfect justification to go after Mr. Rajapaksa individually.

Independent observers have long viewed Gotabaya Rajapaksa as an obstacle, perhaps even more than his brother, to a smooth political transition in Sri Lanka. There is little indication that he will respect the new government, which has opened an investigation to look into widely reported allegations that he and his brother attempted to engineer a military coup to overturn the election results.

It is in the new government’s interest to move decisively to protect its democratic victory by eliminating the threat of Mr. Rajapaksa’s return to power. That is a distinct possibility if his brother, Mahinda, succeeds in a bid to maintain control over the powerful opposition party.

That’s why marginalizing Mr. Rajapaksa now is important. The new president, Mr. Sirisena, has signaled that he is open to domestic criminal prosecutions to ward off foreign war crimes trials. And the president’s spokesman has indicated that the government may be willing to prosecute specific war crimes, such as the so-called White Flag incident, in which surrendering Tamil leaders with white flags were allegedly executed by soldiers on the final day of the civil war. That’s a highly significant statement because, as many Sri Lankans know, and as the State Department reported to Congress, the army chief at the time said that Mr. Rajapaksa gave the order “they must all be killed,” and later added that he would be willing to testify in a war crimes trial.

But proceeding against Mr. Rajapaksa will be politically challenging for the new Sri Lankan government to do on its own. The United States could help by signaling its own interest in opening a criminal case against Mr. Rajapaksa in the event that Sri Lanka doesn’t. That would give the new government both an opportunity and a justification to clean its house. Because of Mr. Rajapaksa’s citizenship, the United States would also be less vulnerable to accusations that it was meddling in the affairs of another nation.
The Obama administration might even say, in a very public way, that it will decide whether to proceed with its own criminal inquiry after giving Sri Lanka’s new establishment an opportunity to move first. Such signals from the United States could help politically marginalize the Rajapaksas at a critical point in the life of the country. They would also bolster President Sirisena’s efforts to have the country repudiate the past and recognize that its best future lies with his administration. The United States should do its part to bring accountability to Sri Lanka and assist its transition to democracy.

Ryan Goodman is a professor of law, politics and sociology at New York University and co-editor in chief of the blog Just Security."



2.09.2015

Hon MP Vinayagamoorthy Muralitharan's (Karuna Amman) stunning speech in SL Parliament 2015 Budget: කරුණා අම්මාන්ගේ ගරු කටයුතු කතාවක්

He reveals the facts behind the war, how late president R Premadasa supported LTTE, how Hon president Mahinda Rajapaksa defeated LTTE and brought peace to all the citizens, how the Indian Peace Keeping Forces raped Tamil women. He says the support given by the Mahinda Rajapaksa government to uplift North & East, how important the country to have its own forces, how disciplined Sri Lankan Forces are and etc.


"(...ගරු විනයාගමූර්ති මුරලිදරන්)

(ඔයාල හැමෝටම මොනවා වේවිද කියලා පෙන්නේ නෑ ... - කෑ ගැසීමක්)

...ඔව්... ඒකයි.. කරුණාකර මගේ කාලය ගන්න එපා. මෙහි ඉන්නා සෑම ප්‍රධානියෙකුටම බොහොම ස්තූතියි. අද මම හරි කැමතියි කතා කිරීමට...කාලයකට පසුව... මගේ මිත්‍රයා... ට පසුව.. අවසානවට අද ඔහු මගේ නම සඳහන් කළේ නෑ. නැත්නම්, ඔහු සෑමවිටම සඳහන් කරනවා.... මගේ නම (සිනා). ඊයෙත් මගේ මිත්‍රයා සුජීව සේරසිංහ සඳහන්කළා...කරුණ අම්මාන් රජය සමග... කරුණ අම්මාන් අතිගරු මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා සමඟ. එක හරි. ඔහු හරි. මම අහනවා ප්‍රශ්නයක්. JVP කට්ටිය රජයට විරුද්ධව සටන්කළා. ඔවුන් මෙතන ඉන්නවා. TNA රජයට විරුද්ධව සටන්කළා. ඔවුන් මෙතන ඉන්නවා. ඇයි අපට මෙතන ඉන්න බැරි? අපේ ශ්‍රේෂ්ට... අපේ ශ්‍රේෂ්ට... කරුණාකර බාධා කරන්න එපා. (ගරු කරුණ අම්මාන් මම කිව්වේ ඔබ ඉන්න එක හොඳයි කියලයි... මම කිව්වේ නෑ...).....දැන් මට ඉතිහාසය ගැන කියන්න ඕනේ. මේ දවස්වල... උදාහරණයක් හැටියට... ජේෂ්ඨ UNP මන්ත්‍රීන් මෙතන ඉන්නවා... ජෝන් අමරතුංග ... ලක්ෂ්මන් කිරිඇල්ල... ඔවුන් දැනගෙන හිටියා ඉතිහාසය... මොකක්ද ලංකාවේ වුනේ කියලා. උදාහරණයක් හැටියට 1989 IPK ලංකාවෙන් ගියාට පස්සේ...LTTE එකේ ඉතිරිව සිටියේ 350ක් පමණයි. අනෙක් අය විසිරි ගිහින් නැතිනම් මිය ගිහිල්ලා. අපේ තුන්වැනි ජනාධිපතිතුමාට පසුව...අපේ ප්‍රේමදාසට පසුව...ඔහු මේ රට මෙහෙයවන්න ගත්තා. ඔහු ජනාධිපතිකම ගත්තාට පසුව...ඔහු තමා LTTE යැව්වේ... ඔහු තමා ආයුධ 5000 කට වඩා LTTEට දුන්නේ. ඔහු තමා කරෝර් ගණනින් මුදල් දුන්නේ LTTE එකට (කෝටි ගණනින්). එම 300ය, තුන් මසකින් 6000 බවට පත්වුනා. ඔයාලා ඉතිහාසය දන්නේ නෑ. LTTE  ගැන කතාකරන ඔයාල හැමෝම දන්නේ නෑ.... ඔයාලා ඉතිහාසය දන්නේ නෑ. ඒකයි මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ  මගේ නම කියන්න එපා ආයෙත්.. ඔයාලා මගේ නම කියන්න කියන්න ආයෙත් මට බොහෝ රහස් හෙළිකරන්න පුළුවන්. එතකොට ඔයාලට බටහිරට යන්න බෑ. එතකොට ඔයාලට රට මැදට බෑ....දකුණට යන්න බෑ.


ඒ වගේම... මගේ දැනුමට අනුව... යුද ජයග්‍රහණය සඳහා කරුණු තුනක් වැදගත් වෙනවා. එකක් වන්නේ තීරණ ගැනීම. දෙවැන්න වන්නේ සැලසුම්. තෙවැන්න වන්නේ ක්‍රියාත්මක කිරීමයි. මම ඉතා ඉහලින් අගය කරනවා අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා...ඔහු ගත්තා දැඩි තීරණ.... යුධමය ක්‍රමයට LTTE ය නැතිකර දමන්න. ඒ.. ඔහු බලය ලබාදුන්නා අපේ  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂතුමාට.... කරන්න ... ඔයා කැමති ඕනෑම දෙයක්....එවිට ඔහු කළා ....මට සවන්දෙන්න...ඔහු හොඳ සැලසුම් කළා.... ඇති සූක්ෂම ප්‍රධාන සැලසුම්...කොහොමද? කොහෙද? කවදාද? මෙහෙයුම් පටන්ගත්තා... කොහොමද අවසන් කළේ LTTE ය? ඒ ඔහු ප්‍රධාන සැලසුම සැදුවා. ඔහු එය ත්‍රිවිද හමුදාවට එය බාරදුන්නා. ඔවුන් එය නිවැරදිව ක්‍රියාවට නැගුවා. ඒ නිසයි අපට නිදහස ලැබුනේ. ඒ නිසයි අපට ජයග්‍රහණය ලැබුනේ. මෙය ඉතා අනතුරුදායක මෙහෙයුමක්. මම කරුණාවෙන් කියා සිටියා අපේ ගරු ජේෂ්ඨ සාමාජිකයාට...මෙතන ඉන්න සම්බන්දන් වැනි අයට...ඔහු කතාකරනා විට ඔහු කිව්වා මසාකා එකක් සිදුවූ බව (මැසකර් - සමූලඝාතනය).  ඒ, මසාකා එකක් නොවේ. එය බේරාගැනීමේ මෙහෙයුමක්. 10,000 වඩා LTTE සාමාජිකයෝ එතන හිටියා. 3,000 දෙමළජනතාව එතැන හිටියා. ඔවුන් යොදාගත්තා ... දෙමළ ජනතාවව මනුෂ්‍ය පළිහක් හැටියට.... රජයේ වගකීමක් හැටියට. රජයට කළ හැක්කේ කුමක්ද? රජයට වගකීමක් තියෙනවා මිනිසුන්ව බේරාගැනීමට. එය බේරාගැනීමේ මෙහෙයුමක්. ඒ වගේම මම අගය කරනවා...මොන යම් හෝ හානියක් නොකර ඔබට යුධ කරන්න බෑ. අලාභහානි වෙනවා. මටත් මගේ ම සහෝදරයා නැතිවුනා....LTTE විසින් මරා දැම්මා. හැමෝම දුක් වින්දා. නමුත්, නැවත නැවත... ඒ දෙවල් කරන්න එපා. නැවත නැවත ශ්‍රී ලංකාව... සිරියාව හෝ හයිටිය .. හෝ ඇෆ්ගනිස්ථානය බවට පත්කරන්න එපා. මොනවාද වෙන්නේ? ඒ රටවල. නේටෝ ගියා ඇෆ්ගනිස්ථානයට...කිව්වා අපි යුද්ධය නවත්වන බවට. අප සාමය ගෙනාවා කිව්වා. නමුත්, අද දවසේ වෙන්නේ කුමක්ද? හැම දවසකම මිනිසුන් මැරෙනවා. මරනවා. හැමදාම බෝම්බ පුපුරනවා. ඒකයි අප ජාත්‍යයන්තර ප්‍රජාවට ලංකාවට  එන්න ඉඩ දුන්නේ නැත්තේ. ඒකයි ශ්‍රී  ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට ඉඩ දුන්නේ නැත්තේ ලංකාවට එන්න. ඔවුන් එක්ක එකට කටයුතු කරන්න එපා. අපේ රජය පත්කලා .. LLRC ලෙසින්. LLRC මගින් විවෘත විමර්ශන උතුරේ හා නැගෙනහිර සිදුවෙනවා. ඔයාලගේ මිනිස්සුත් ඒවා දිරිමත් කරනවා...මම දැක්කා... ඔයාලගේ TNA මිනිස්සු ඒවා දිරිමත් කරනවා...යන්න...ගිහිල්ලා දෙන්න...දෙන්න සාක්ෂි. හැමෝම යනවා. ඇයි ඔයාලා කෑගහන්නේ? මොනවාද වෙන්නේ දකුණු අප්‍රිකාවේ? ඔයාලා දකුණු අප්‍රිකාවට ගියොත් අවබෝධ වෙයි. යුධයට පසුව.. ඔවුන් පත්කලා... ඔවුනට අවශ්‍යයි කියලා TRC (Truth and recocilliatin - සත්‍ය හා ප්‍රතිසංධානය). ඔවුන් කිසිම විටෙක ජාත්‍යයන්තර ප්‍රජාවන්ට අවසර දුන්නේ නෑ. මේ දැනුත් ඔයාලට විමසන්න පුළුවන්... ගිහින් බලන්න... අහන්න... කොපමණ මිනිසුන් අතුරුදහන් වී තිබෙනවාද කියලා? මිනිසුන් 12,000 ට වඩා අතුරුදහන් වෙලා දකුණු අප්‍රිකාවේ. දැන්... මේවට කිසිම පිළිතුරක් නෑ. එය යුදමය ස්ථානයක්.  ලංකාවට වඩා ඉතා දරුණු යුධ ඇතිවුනා. අපිට එවැනි දේ අත්හැර දාන්න බෑ.  ඒ නිසයි මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපි එකට වැඩ කළ යුතු බව. අප සාමය ගෙන ආ යුතුයි. දැනටමත් අපේ අතිගරු මහින්ද රාජපක්ෂා ජනාධිපතිතුමා සැමටම සාමය ලබාදුන්නා.


දැන් මෙහෙම බලන්න... මහින්දෝදය විද්‍යාගාර තිබෙනව ද කියලා එහෙ. කී දාහක පරිගණක තිබෙනව ද කියලා එහෙ... උතුරේ හා නැගෙනහිර. TNA අය එක පරිගණකයක් හෝ ලබා දී නෑ. ඩයස්පෝරාව දෙමළ දරුවන් වෙනුවෙන් එක පරිගණකයක් හෝ ලබා දී නෑ. එහෙ විද්‍යාව හා තාක්ෂණ පාසැල් කීයක් තිබෙනව ද? මෑතකදී මම දැක්කා පත්තරේ ලිපියක්... අපේ ජනාපධිතුමා එහෙ ගිය අවස්ථාවක.. වත්තල පදිංචි එක ගැහැණු දරුවෙක් ඉගෙනගන්නවා යාපනයේ. එවිට, එතුමා ඇසුවා ඇයි ඔබ මෙහෙ කියා. 'මට හොඳ අවස්ථාවක් ලැබුනා ඉගෙනගන්න යාපනයේ...විද්‍යා හා තාක්ෂණ පාසැලේ. මට ඉගෙනගන්න අවස්ථාවක් හෝ ලැබුනේ නෑ කොළඹ දී. ඒකයි මම මෙහෙ ආවේ ඉගෙනගන්න'. ඒ තරමට ඔවුන් සංවර්ධනය අගයනවා. අධ්‍යාපන අංශය ඒ තරමට හොඳට සිදුවෙනවා. අධ්‍යාපනය පමණක් නොවේ. සෑම අංශයම හොඳින් වෙනවා.


අද, මම සැබෑවටම සතුටුවෙනවා ආරක්ෂාව ගැන කතාකිරීමට. මොකද... ආරක්ෂාව පමණක් නොවේ... ඔවුන් නගර සංවර්ධනය සිදු කරනවා. පසුගිය වසරේ  මිලියන 135 වියදම් කළා මඩකලපු නගරය පිරිසිදු කිරීම වෙනුවෙන්. ඔබ මඩකලපු නගරයයට පැමිණියහොත් දකීවි ඉතා ලස්සන මඩකලපු නගරයක්... එය සිදුකලෙත් අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂතුමා විසින්. එකයි මම කරුණාවෙන්...ඔබ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතූයි.


දැන්.. ඔබලා බලන්න.. ඔවුන් මෑතකදී හමුදා මඩකලපුවේ කඳවුරු 5කට වඩා ඉවත්කළා. මොරකොඩාන්ජන, හමුදා කඳුවරු අසල ජනයා නැවත පදිංචි කිරීම කළා. කිරාන් කඳවුර ඔවුන් මුළුමනින් ම ඉවත් කළා. කින්නඅඩි කඳවුර ඔවුන් මුලුමනින්ම ඉවත් කළා. කින්නඅඩි.. මුරාවුඩි කඳවුර ඔවුන් මුළුමනින්ම ඉවත් කළා.මාන්ච්වඩ කඳවුර ...ඔවුන් මුළුමනින්ම ඉවත් කළා. කඳවුර ඔවුන් මුළුමනින්ම ඉවත් කළා. අපි පවුල් 500 කට වඩා එතන නැවත පදිංචි කළා. එපමණක් නොවේ. හේපාලෝවල සිදුවන්නේ කුමක්ද? අක්කර 200 ට වඩා මිනිසුන්ට නැවත ලබාදීලා. ඇයි? ඔබ විසින් පත්කළ හමුදා රැඳී සිටින්නේ...(පැහැදිළි නැත). ඔයාලා වැනි අයයි ජාතිවාදය පිළිබඳව කතා කරන්නේ. ඔයාලා වැනි අයයි එහෙ භීෂණය  දිරිමත් කරන්නේ. එවිට කෙසේද ඔවුන් හමුදාව ... (පැහැදිළි නැත).


LTTE ය අවදානමක් වූවත් නැතත් ජාතික ආරක්ෂාව යන්න මුළු රටට ම වැදගත් දෙයක්. ශ්‍රී  ලංකාවට පමණක් නොවේ ...සෑම රටකටම ඔවුනගේ ම හමුදා තිබිය යුතූයි. ඒ  ජාතික ආරක්ෂාවයි. ඔවුනට ඒවා මුදාහරින්න බෑ. නමුත් ඔබ ඔවුන් සමග කටයුතු කළ යුතූයි. යම් ව්‍යවසනයක් සිදුවුවහොත්, 2010 හා 2011 දී මඩකලපුවේ දී අප මහා ගංවතුර අත්වින්දා. ඒ කාලයේ, දිවා රෑ හමුදාවන්හි සොල්දාදුවෝ පමණයි මට උපකාර කළේ. යුධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව. ඔවුන්ගේ සහයෙන් පමණි අපට මිනිසුන් බේරා ගත හැකිවූයේ. දැන් බදුල්ලේ වන්නේ කුමක්ද? දිවා රෑ මහා දරුණු කාලගුණ කැලබීම්.... ඒ දරුණු කාලගුණය යටතේ ඔවුන් මිනිසුන් බේරාගත්තා. කුමක් ද ඒ ස්ථානයේ නම? කොස්ලන්ද. ඔබට පේනවා ඇති. යාපනයේ සුනාමියක් ඇති වුවහොත්...ඔබලා මොනවදා කරන්නේ? කවුරුන් ද ඔබලාව බේරාගන්නේ?

ඒවගේ, මම අහනවා පැනයක්. දැන් සිතා බලන්න...යාපනයේ ධීවර ප්‍රජාව... ධීවර මිනිසුන් පිළිබඳව. ඔවුන්ගේ මත්ස්‍ය සම්පත රකින්නේ කවුරුන් විසින් ද? (ගරු මැතිතුමනි, ඔබට තව එක් මිනිත්තුවක් තිබේ). මන්ද, ඔබ දන්නවා ඇති, අපේ ශ්‍රී ලංකා නාවික හමුදාව අපේ මුහුදු අවට ප්‍රදේශය රකිනවා. එහෙම නැත්නම් සියලුම ඉන්දියානු ධීවරයෝ අපේ මුහුදට ඇවිත් අපේ බිමෙන්.. අපේ සාගරයෙන්... අපේ සියලුම මත්ස්‍ය සම්පත අරගෙන යනවා. ඔවුන් අපේ දැල් විනාශ කරනවා. ඔවුන් අපේ බෝට්ටු  විනාශ කරනවා. යාපනයේ ධීවරයින් රකින්නේ කවුද? අපේ නාවික හමුදාව පමණයි ඔවුන්ව රකින්නේ. ඔබලා  කවදාවත් ඔවුන්ව රකින්නේ නෑ. ඔබලා කවදාවත් එවැනි දේ ගැන කතා කරන්නේ නෑ. දැන් ඔබලා ජාත්‍යන්තර විමර්ශනයක් ගැන කියනවා.


එතකොට, ඔබලා IPK ගැන සිතන්නේ කුමක්ද? IPK මෙහෙ ඉන්නා විට ඔවුන් බොහෝ දෙමළ කාන්තාවන් දූෂණය කළා. ඔවුන් බොහෝ දෙමළ මිනිසුන් මරුවා. මොකක්ද ඔබ ඒ පිළිබඳව නැගූ හඬ?... TNA. මම ඔබලාගෙන් ඇහැව්වා, ඔබලා ඒ වෙලාවේ ඉන්දියාවේ ඉන්න විට... ඔබලා හැමෝම පිටරට ඉන්නා විට. ඔබලා ඉතිහාසය දන්නේ නෑ. එකයි ඔබලා කට වහගෙන සිටියේ. මොකද නැතිනම් ඔබලාට ඉන්දියාවට යන්න බෑ. මම ප්‍රසිද්ධියේ කියනවා ඉන්දියානු හමුදාව බොහෝ දෙමළ කාන්තාවන් දුෂණය කළා. මට කිව හැකියි... සාක්ෂි බොහොමයක් තිබෙනවා. ගිහින් බලන්න. ගිහින් මිනිසුන්ගෙන් අහන්න. (කරුණාකර හමාර කරන්න). ඒකයි මම ඔබට කියන්නේ අපි එකට වැඩ කළ යුතුයි කියලා.   අපි එකට සංවර්ධනය කළ යුතුයි කියලා.   අපේ අතිගරු ජනාධිපතිතුමා සිටිනා විට ඒකයි කිව්වේ සෑම විටම අපේ දොර විවෘතයි කියලා. ඔබට ඇවිත් අප සමග සම්බන්ධ වී  එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඔබට බොහොම ස්තුතියි.


(ඔබට බොහොම ස්තූතියි)."

2.01.2015

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද?

(බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද? යනුවෙන් ඇන්ස්ලම් ඩි සිල්වා සහ රුචිර සෝමවීර  කළ ලිපියේ සිංහල පරිවර්තනය)


බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද?

ඇන්ස්ලම් ඩි සිල්වා 1 සහ රුචිර සෝමවීර 2

1 ශ්‍රී ලංකාවේ උභයජීවී සහ උරගයින් පිළිබඳ පර්යේෂණ ආයතනය, 15/1, දොළොස්බාගේ පාර, ගම්පොල, ශ්‍රී ලංකාව
2 ජෛවවිද්‍යාත්මක පාරිසරික පර්යේෂණය, 50 B, ඇන්ගෝව් වීදිය, උතුරු පර්ත්, ඩබ්.ඒ 6006, ඔස්ට්‍රේලියාව
1kalds@sltnet.lk, 2ruchira.somaweera@gmail.com (ලිපි කටයුතු පිළිබඳ කර්තෘ)

සාරාංශය :  දඩයමේදී සතුන් ඇම වශයෙන් යොදාගැනීම අසාමාන්‍ය ක්‍රියාවක් නොවේ. ­මෙහිදී, පවතිනා වාර්තාවන්, විමර්ශනයන් හා මෙම කාර්යය වෙනුවෙන් ලියවී ඇති අනෙකුත් වාර්තාවන් යනාදිය අප විසින් ගොණුකරනු ලැබ ඇති අතර මෙකී කාර්යය සැබෑවටම පැවතුන බවට වන කරුණ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

ප්‍රධාන පද : සිලෝනය, යටත්විජිත යුගය,  Crocodylus porosus, Crocodylus palustris, ජීවී ඇම, දඩයම් ක්‍රීඩාව

සතුන්ගෙන් ලබාගත් හැකි සම්පත් විවිධ මනුෂ්‍යය අවශ්‍යතාවයන් සඳහා යොදාගත හැකිවීම වනසත්ත්ව දඩයම සඳහා පොළොඹවනු ලබයි. ක්‍රීඩාව සඳහා වන වනසතුන් දඩයම, විනෝදය සඳහා වනදිවිය යොදාගත් පැරණි ම අවස්ථාවක් වන අතර එය පුරාණ ග්‍රීක යුගයේ සිට වසර 2500කටත් වඩා වැඩි කාලයක සිට පැවතුණි. රාජවංශිකයින්, ඉහළ සමාජ තලයට අයත් පුද්ගලයින් මෙන් ම යටත්විජිත යුගයේ පාලකයින් විසින් එය වැඩි වශයෙන් කරනු ලැබුවේ ය (Coningham 1995; Smalley 2005; Griffin 2007). ක්‍රීඩාව වෙනුවෙන් දඩයම් කළ විශාල සතුන් අතරින් වැඩි වශයෙන් ම දඩයම් කරණු ලැබුවේ කිඹුලා ය. 19 වන හා 20 වන ශතවර්ෂයේ මුල් අවධියේදී කිඹුල් දඩයම පිළිබඳව ලියවුණු වාර්තා වඩාත් සුලභ විය. ශ්‍රී ලංකා දිවයින (එවකට සිලෝනය) ඇතුළුව බ්‍රිතාන්‍ය යටත්විජිතයන් තුළ එවැනි දඩයම් අතිශයින් ම සුලභ වූ අතර (MacKenzie 1997, Taylor 2004), දඩයම් කිරීම් හා කිඹුලන් ඇල්ලීම පිළිබඳව සමහර මුල් කාලීන ලේඛකයින් විස්තර කර තිබේ (නිදසුන් - 1843 දී Bennett, 1850 දී Sirr, 1854 දී Baker, 1861 දී Tennent, 1901 දී Clark,  1901 දී Hornaday, 1907 දී Wright, 1942 දී Hagenbeck හා Hoeven).

ලංකාවේ කිඹුලන් සම්බන්ධ තිහාසික ශාස්ත්‍රීය තොරතුරු පිළිබඳව මෑතකදී කරනු ලැබූ සමාලෝචනයකදී දඩයම් ක්‍රීඩාවේදී මනුෂ්‍ය ළදරුවන් ඇමක් ලෙස යොදා ගනිමින් කිඹුලන් ආකර්ෂණය කරගැනීම සම්බන්ධ ඉතා කුහුල දනවන සුළු විස්තර දිවයින තුළ පැවති බව අපහට දැනගැනීමට හැකි විය. මෙකී වාර්තාවන් අප මෙහිදී ගොණුකරනු ලබන අතර මෙකී කටයුත්ත පිළිබඳව වූ අනෙකුත් වාර්තාවන් ද විමර්ශනය කරණු ලබයි.

ළදරුවන් ඇම වශයෙන් යොදාගැනීම 

දෙවර්ගයක කිඹුලන් ලංකාවේ ජීවත් වේ: දකුණු හා නිරිතදිග වෙරළාශ්‍රිත ප්‍රදේශයන්ට වැඩි වශයෙන් සීමා වී ඇති ලවණ ජලයේ වෙසෙන කිඹුලා (Crocodylus porosus)[i] සහ පහත බිම් හා වියළි කලාපය  පුරාවට වාසය කරන කිඹුලා, Mugger (Crocodylus palustris)[ii].  (Whitaker & Whitaker 1979); Santiapillai & de Silva 2001;  de Silva 2013). මෙම දෙවර්ගයේ ම අතීත ව්‍යාප්තිය මෙන් ම සුලභත්වය අදට වඩා වැඩි විය (1852 දී Kelaart; 1877 දී Ferguson; 1939 දී Deraniyagala), එමෙන් ම මෑතක් වන තුරු ම ඔවුන් නීතිමය වශයෙන් ආරක්ෂා කර නොතිබිණ, සත්ත්ව දඩයම ද බහුලව සිදු විය (1930 දී Deraniyagala; 1934 දී Tutein-Nolthenius; 1965 දී Ahlip). දිවයිනේ කිඹුලන් දඩයම් කිරීම සම්බන්ධ බොහෝ අතීත වාර්තා අතරින්, එකල පුවත්පත්වල පළවූ පහත දැක්වෙන සිදුවීම් මනුෂ්‍ය ළදරුවන් ඇම වශයෙන් භාවිත කරමින් කිඹුලන් ආකර්ෂණය කර දඩයම් කිරීම පිළිබඳව වාර්තා කරයි.


1 වන රූප සටහන. 'සිලෝනයේ දඩයම - මිනීකන කිඹුලෙකු වෙඩිතබා මරාදැමීම' (Sport in Ceylon-Shooting a Man-eating Crocodile)' The Graphic (1888 ජනවාරි 21) හි පළ විය. Hughes (2013) මගින් අන්තර්ජාලයෙන් සපයා ගන්නා ලදී.
ලන්ඩනය පාදක කරගත් The Graphic පුවත්පත, 1888 ජනවාරි මස 21 වන දින දඩයම සඳහා කිඹුලන් ආකර්ෂණය කර ගැනීමට ඇමක් වශයෙන් ළදරුවන් යොදාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ඉතා අගනා සිතුවම් ත්‍රිත්වයක් එළිදැක්වූයේ ය (1 වන රූප සටහන). එය 'සිලෝනයේ දඩයම - මිනීකන කිඹුලෙකු වෙඩිතබා මරාදැමීම' (Sport in Ceylon - Shooting a Man-eating Crocodile) යන ශීර්ෂය යටතේ වූ අතර ඊට අදාළ විස්තර වූයේ : (1) යුරෝපීය  මිනිසෙකු කිඹුලෙකුගේ දිග අඩි විස්සක් වෙතැයි තක්සේරු කිරීම; (2) ඇම සඳහා ළදරුවකු මුදලට ගැනීම; හා (3) ගංඉවුරේ  පඳුරක බැඳ තබණු ලැබූ ළදරුවා වෙත ඇදී එන කිඹුලාට සැඟවුණු දඩයක්කරු ගිනිබිඳීම. තමුන් වඩාත් අගය කළ ඇම පිළිබඳව සඳහන්කර තිබුනේ 'තරබාරු, බත් කෑමෙන් පිම්බුණ සහ හඬ නඟා කෑගසන ළදරුවෙක්'  ලෙසිනි. The Red Cloud Chief (1888 අප්‍රේල් 6), The Helena Independent (1890 අප්‍රේල් 18), Desert Evening News (1890 අප්‍රේල් 29), Roanoke Times (1890 ජූලි 20) ඇතුළු සමකාලීන පුවත්පත් කිහිපයක මෙන් ම  මතු සඳහන් කරන සෑම පුවත්පතක ම වාගේ 'කිඹුල් ඇම සඳහා ළදරුවන්' යන නමින් පුවත් අංගයක් අඩංගු විය.  සිලෝනයේ පළ වන Ceylon Catholic Messenger[iii] නම් පුවත්පතේ 'කිඹුල් ඇම සඳහා ළදරුවන් ඕනෑකර තිබේ. පණපිටින් නැවත බාරදෙන්නෙමු' යන ශීර්ෂය යටතේ පළ වූ එම දැන්වීම මෙම සියලු පුවත්පත් ගෙනහැරපා තිබේ. මෙකී පුවතේ මුල් ලිපිය සොයාගැනීම සඳහා අප ගත් උත්සහයන් අසාර්ථක වූ අතර  Roanoke Times හි පළවූ සටහන 2 වන රූප සටහන වශයෙන් මෙහි නැවත ඉදිරිපත් කරන්නෙමු (මෙම සටහනේ සිංහල අර්ථ සඳහා ලිපිය අවසානයේ එන 4 සටහන බලන්න).[iv]
2 වන රූප සටහන. Roanoke Times (1890 ජූලි 20) හි පළ වූ ලිපිය. Library of Congress  මගින් මූලාශ්‍ර සපයාගන්න ලදී

3 වන රූප සටහන. The Valentine Democrat (1896 ඔක්තෝම්බර් 1) 'ඇම සඳහා වන දරුවන් සමඟින් : සිලෝනයේ දඩයම්කරුවන් කිඹුලන් උන්ගේ මරණය තෙක් ආකර්ෂණ කරගනී. Library of Congress  මගින් මූලාශ්‍ර සපයාගන්න ලදී.
ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයක්කරුවන් කෙරෙහි  සිලෝනයේ දෙමාපියන් අසීමිත විශ්වාසයකින් තබා ඇත යැයි එම සටහනෙහි දැක්වේ. ඔවුන් ඉතා කුඩා වාසියක් වෙනුවෙන් තම දරුවන් කිඹුල් ආකර්ෂණ ඇම සඳහා කුලියට දෙනු ලබන බව හා ඉංග්‍රීසි ජාතික දඩයක්කරුවෙකු හට ඇම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දීම අසීරු නොවනා බව පවසයි (Mower Country Transcript : 1890 ජූලි 23). ගංඉවුරේ සිටිනා අඳුරු-දුඹුරු පැහැ ළදරුවා වෙත කිඹුලන් ආකර්ෂණය වී සජීවී 'ඇම' කර ඇදෙනා විට සැඟවී සිටින දඩයම්කරු ගිනිබිඳිනු ලබන බව එම ලිපිය තවදුරටත් සඳහන් කරයි. දඩයම්කරු එවිට කිඹුලාගේ සම හා හිස ලබාගන්නා අතර ස්වදේශිකයින් මළකුණේ ඉතිරිය තම ප්‍රයෝජනයට ගනී. 'තම ආදරණීය දෙමාපියන් වෙත ගෙනියනු ලබන දරුවා පසු දිනයේ ද එම කටයුත්ත වෙනුවෙන් ම යොදාගණු ලැබේ' යැයි  සමහරුන්  වාර්තා කරයි. Omaha Daily Bee (1888 මාර්තු 5), Western Kansas World  (1888 ජූනි 30) සහ Barton Country Democrat (1888 මාර්තු 29) වැනි පුවත්පත් සමහරක මෙම වාර්තා සම්බන්ධව සඳහන්කෙරුණේ පහත දැක්වෙන දේ වේ. 'මේ ආකාරයෙන් කරනු ලබන කිඹුලන් ලබාගැනීමේ ක්‍රමවේදය ඇමරිකානු මව්වරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ඇත. තමුන්ගේ රාත්‍රී භෝජනය ලබා නොගත් නිරෝගී කටුස්සෙක් විසින් ගිලදැමීම සඳහා කරනු ලබන ඉතා කෑදර බැල්ම ඇමරිකානු ළදරු පරිකල්පනය විසින් වසාදාමනු ලැබුවා විය හැක; නමුදු, ඇතැම් ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයම්කරුවන් ප්‍රශංසනීය අයුරින් අපහට කියා සිටින්නේ, තමා ඉදිරියෙන් පමුණුවන්නාවූ දේ පිළිබඳව සිලෝනයේ සාමාන්‍ය දරුවකු අකර්මණ්‍ය උදාසීනත්වයක් පෙන්වනු ලබන බව සහ ඔහුට බියවීමට ඇති එකම කරුණ වන්නේ තුවක්කුවෙන් ලැබිය හැකි 'වාර්තාව' ගැන පමණක් යන්න බවයි'.  

මෙකී පුවතම The Valentine Democrat (1896 ඔක්තෝම්බර් 1) හි පලවූ අතර එය එහි විස්තර කෙරුණේ 'ඔට්ටුවක් සඳහා සුන්දර, පුෂ්ටිමත් ළදරුවකු කිඹුලන් බහුල යම් පොකුණක් හෝ කලපුවක් අසල පාදයෙන් බැඳ දමා තිබේ. ළදරුවා ඉක්මනින් හඬනා අතර එම හඬ ඇසෙන මානයේ සිටිනා කිඹුලන් ආකර්ෂණය කරගනු ලබයි. වැළපෙන ළදරුවා දෙසට වහාම පැමිණීම අරඹන ඔවුන්...' යනුවෙනි. ලේඛකයා තව දුරටත් කියන්නේ 'බොහෝ දඩයම්කරුවන් ඉතා ශූර වන අතර ඇලිගේටයකු (නිවැරදිව පවන්සන්නේ නම්, කිඹුලෙකු) දරුවාට අඩි කිහිපයක් ලඟාවනතුරු ඔවුන් ගිණිබිදීම කරනු ලබන්නේ නැත' යන්නයි. මෙම ලිපිය පළකර තිබුනේ දරුවාට ඉතා සමීපයේම සිටිනා, එහෙත් පඳුරු අතරේ සැඟව සිටින, දඩයක්කරුවකුගේ කටුසටහන් සිතුවමක් සමඟිනි.   

Careron Country Press ('ළදරුවන් සහ ඇම' - 1907 දෙසැම්බර් 12), The daily News (Perth, WA) ('ඇම ලෙස ළදරුවන් - 1908 අප්‍රේල් 11), The Columbian ('කිඹුලන් සඳහා ළදරු ඇම' - 1908 ජූලි 2), Healesville and Yarra Glen Guardian ('කිඹුලන් සඳහා ළදරු ඇම' - 1910 අගෝස්තු 23), The Southern Record and Advertiser ('ළදරුවන් සඳහා නව භාවිතයක්' - 1910 නොවැම්බර් 26), Shiner Gazette (ඇම වශයෙන් ජීවී ළදරුවන් - 1911 ජනවාරි 26) සහ Kilmore Free Press ('ළදරුවා සහ කිඹුලා' - 1911 ජූනි 1: රූප සටහන් 4) ආදී වශයෙන් වන ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පුවත්පත්වල පලවූ තෙවැනි වාර්තා ගොනු, සිලෝනයේ දී කිඹුලන් ආකර්ෂණය සඳහා ළදරුවන් ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳව වන නාවිකයෙකුගේ වාර්තාවක් ගෙනහැර දක්වයි. ඔහු පවසන්නේ සිංහල (මුල්කාලීන සමහර බටහිර ලේඛකයින් මෙය ලියනු ලැබුවේ Cingalese ලෙසිනි) මව්වරුන් සාමාන්‍යයෙන් (සතියකට සතර වතාවක් දක්වා) තම දරුවන් දිනකට සිලින් දෙකක මුදලකට (මුල්කාලීන බ්‍රිතාන්‍ය සිලෝනයේ භාවිතා වූ මුදල් ඒකකය මෙය වූ අතර 1852 දී මෙය වෙනුවට රුපියල හඳුන්වාදෙනු ලැබීය. අද දවසේදී එක් සිලිමක් ඇමෙරිකානු ශත 8 1/2 වන නමුදු එහි මිලදී ගැනීමේ හැකියාව මුල් කාලීන 1900 දී තර්ක කළ හැකි ඉතා ඉහළ අගයක පැවතුනි) කුලියට ලබා දෙන බවයි. ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ 'කිඹුලන් සඳහා ඇති එකම ඇම ළදරු ඇම වන අතර සෑම අයෙකුම එය භාවිතයට ගනු ලැබේ' යන්න යි. මෙම නාවිකයා එක් උදෑසනකදී කිඹුලන් සතර දෙනෙකු තරමේ ප්‍රමාණයක් එක් ළදරුවකු යොදාගෙන ගිනිබිඳ ඇති අතර ක්‍රියාවලියේදී ළදරුවන්හට කිසිඳු උපද්‍රවයක් සිදුවී නැත. Ceylon Catholic Messenger හි දැක්වෙන විස්තරයට සමානව,  මෙම පුවතින් විස්තර කරනුයේ කිඹුලන්ගේ අවදානය ගැනීම සඳහා වන වඩාත් සුදුසුම ඇම වන්නේ මනුෂ්‍ය ළදරුවන් බවත් එමගින් ගිනි බිඳීම සඳහා ඔවුන් ගංඉවුර තෙක් ඇද ගැනීම කරනු ලබනා බවයි.

වෙනත් ස්ථානයන්හී දක්නට ලැබෙනා වාර්තා

ළදරුවන් කිඹුලන්ගේ ඇම වශයෙන් යොදාගත් වාර්තා වෙනත් ස්ථානයන්ගෙන් ද වාර්තා වේ.  The Richmond Dispatch (1894 ජූලි 10) සහ Record- Union (1894 සැප්තැම්බර් 1) 'හින්දු ළදරුවන් ඇම වශයෙන් යොදා ගනිමින් කිඹුලන් පසු පස යමින් ඔවුන් දඩයම් කිරීම අප ඉන්දියාවේදී පුරුදුව සිටි අගනා ක්‍රීඩාවකි.' යනුවෙන් විශ්‍රාමික බ්‍රිතාන්‍ය යුධ හමුදා නිලධාරියෙකු විසින් කරනු ලැබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය ජාතික දඩයම්කරුවන් ඉන්දියාවේදී කිඹුලන් මරා දමන්නේ කෙසේද' යන නමින් ලිපියක් මුද්‍රණය කළේ ය.  ඔහු කියා සිටින්නේ දිනකට ශත හයේ වටිනාකමකට තම ළදරුවන් කුලියට දීම සඳහා ස්වදේශික කාන්තාවන් ඒකරාශී වන බවත් ඇතැමුන් එම දරුවන්ගේ ආරක්ෂාකාරී නැවත පැමිණීම වෙනුවෙන් වන ඇපවීම ද තදින් ඉල්ලා නොසිටි බවයි (එමෙන්ම ඇතැම් කිඹුලන් සැබවින්ම තම 'ඇම' සමගින් පලාගොස් ඇත). මෙකී නිළධාරියා තෝරාගත් එක් ගැහැණු දරුවකු ඇම වශයෙන් යොදාගෙන කිඹුලන් 100 කට වඩා ගණනකට ගිනිබිඳ ඇතැයි පැවසේ. ඇමෙරිකාවේ ෆොලොරිඩාවේ දී මෙකී ක්‍රියාවලියම අනුගමනය කරමින් ඇලිගේටර් දඩයම කිරීමට තමාට නොහැකි වූයේ එහිදී ළදරුවකු මේ ආකාරයෙන් කුලියට ගැනීමට නොහැකි වූ නිසා යැයි ඔහු තව දුරටත් කීවේ ය.   

Anecdotal වාර්තා කරන්නේ කිඹුලන් සඳහා ඇම වශයෙන් මනුෂ්‍ය දරුවන් යොදාගැනීම, එසේ වුවද, ඇමරිකානු පුවත්පත් තුළ දක්නට ලැබෙනා බවයි. ඇමරිකාවේදී ඇලිගේටරයන්ගේ ඇම සඳහා අප්‍රිකානු-ඇමරිකානු දරුවන් යොදාගැනීම පිළිබඳ වන වාර්තා සම්පාදනය කිරීමේදී, Gillian (2014) වාර්තා කරන්නේ 1908 දී Washington Times පුවත්පත නිව් යෝක්  සත්ත්ව උද්‍යානයේ සතුන් බලාගන්නෙකු විසින් ඇලිගේටරයන්ගේ ඇම සඳහා Piccaninnyයන්[v] (අප්‍රිකානු - ඇමරිකානු දරුවන්හට පරිභවකිරීම සඳහා යොදාගන්නා පදයක්) යොදාගත් බව සහ 'අලිගේටරයන් ඔවුනගේ ග්‍රීෂ්ම වාසස්ථාන වෙත ''ඉච්චාවෙන් පොලොබවා ගැනීමෙන්'' දක්කවා ගැනීමට තරබාරු පුංචි අප්‍රිකානුවන් නිසාවෙන් කරගත හැකි විය' යන්නයි. 1923 සැප්තැම්බර් මස 21 වන දින The Oakland Tribune හි 'Piccaninny ඇම කෑදර ගේටර්හට මාරු කැඳවයි' යනුවෙන් වන ලිපියක් විය. Villier (1923) කළු දරුවන් (ඩොලර් 2 ක් සඳහා) ජීවී ඇම ලෙස යොදාගැනීමේ ක්‍රියාපටිපාටිය වඩාත් සවිස්තරව දක්වන අතර තවදුරටත් සඳහන් කරන්නේ 'ඇලිගේටරයන්ගේ මරණය කෙරෙහි වන මායාමය බලපෑම හැරුනවිට එය මහත් භයානක කරුණක් නොවේ' යනුවෙනි. 1968 ජූලි මාසයේ දී Los Angeles Times පුවත්පත බේස් බෝල ක්‍රීඩකයෙකු වන Bob Gibson පිළිබඳ පුවතක් පළ කළේ ය. එහි දී ඔහු සඳහන් කරන්නේ Georgia හි වැසියකු 'නීග්‍රෝ ගැටවරයන්' ඇලිගේටරයන් ඇල්ලීම සඳහා යොදාගත් බව පැවසුවේය යන්න යි (Chapin 1968). අප්‍රිකානු - ඇමරිකානු ළදරුවන් ජීවී ඇලිගේටර ඇම වශයෙන් භාවිතා කිරීම Alligator Bite (1900), The Gator and the Pickaninny (1900) සහ Untamed Fury (1947) ආදී වශයෙන් වන ඇමරිකානු චිත්‍රපට කථාවන්හි මෙන්ම තැපැල්පත්වල ද (Abagond 2010; Hughes 2013; Gilliam 2014) භාවිතයට ගෙන තිබේ.  

Melina da Fonseca විසින් රචිත ඇයගේ The story of Melina Rorke නම් ග්‍රන්ථයේ කිඹුලන් (නයිල් නදියේ වසනා කිඹුලන් විය හැක) ආකර්ෂණය සඳහා තම දරුවන් යොදාගත් අප්‍රිකානු පියවරුන් පිළිබඳව වන සිද්ධියක් විස්තර කරයි. ඇය මෙසේ සඳහන් කරයි '... ඇසිල්ලකින්, එසේ වුවත්, මෙයට ඉහත දී නොසලකා හරිනු ලැබූ දරුවන් අවදානයේ කේන්ද්‍රය බවට පත්විය; ඇසිල්ලකින් මහ පොළවෙන් 'හැදිගා ගන්නා' ඔවුන්, එසැනකින් ගංඉවුර වෙත ඇදගෙන ගොස් අඩි 10ක් පමණ පරතරය සිටින සේ මඩෙහි අතුරවා තබයි. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ වන මා සිත්හි වන මහත් සංත්‍රාසය හේතුවෙන්, මා හට අවබෝධ වූයේ මේ අසරණ කුඩා නීග්‍රෝ ළදරුවන් කිඹුලන් සඳහා ජීවී ඇම ලෙසින් යොදාගැනීම උදෙසා වන බවයි....' (Rorke 1938). මෙම සිද්ධියේදී, පිරිමින් සමූහයක් හෙල්ල භාවිතයෙන් කිඹුලන් දඩයම්කර ඇති අතර දරුවන් හා ළදරුවන් (බොහෝවිට ඔවුනගේම) කිහිපදෙනෙකු ඇම වශයෙන් යොදාගෙන තිබේ. 

සාකච්ඡා

ලංකාවේ කිඹුල් දඩයම පිළිබඳ ලිඛිත වාර්තා වසර දහස් ගණනක් පුරාවට දිවයයි. ශ්‍රී ලංකා මහාවංශයේ පවා මිනිසුන් මරාකමින් ගල්ඔය ජීවත් වූ කිඹුලෙකු දෙවන රාජසිංහ මහ රජුන් (1629-1687) විසින් මරාදැමීමේ පුවතක් වාර්තා කරයි. 17 වන ශතවර්ෂයේ සිට ඉදිරියට වන වාර්තාවලින් පෙන්නුම් කරන්නේ පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රීඩාවක් ලෙසින් හා 'මිනීකන්නන්' බැහැර කිරීම සඳහා කිඹුල් දඩයම සිදුකරන ලද බවයි. Haugton 1916; Deraniyagala 1939 ; Hagenbeck & Hoeven 1942; de Silva 2013). ශ්‍රී ලංකා විශේෂයන් දෙක 1964 දී රක්ෂිත විශේෂයන් ලෙස නම් කිරීමත් සමඟ ම ක්‍රීඩාව සඳහා කිඹුලන් දඩයම් කිරීම තහනම් කරන ලද නමුත්, එය එසේ වුවත්, දිගින් දිගටම ඔවුන් දඩයම් කිරීම (නීතිවිරෝධී අයුරින්),  බිය හා අනාගත පහරදීම් වැලැක්වීම යන අරමුණින් (Somaweera & de Silva 2012) මෙන්ම මස් හා හම් සඳහා සිදුකරන ලදී (Madawala et al. 2013; Samarasinghe 2014).

මෙකී මුල් කාලීන වාර්තා වඩාත් චිත්තාකර්ශනීය වන්නේ කිඹුලන් සම්බන්ධයෙන් ම දිවයින පුරාවට මෑතකදී සිඳුකරනා ලද සමීක්ෂණ, ඔවුන්ගේ පහරදීම් සහ කිඹුලන් පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති ආකල්ප යන කරුණු කාරණා කිඹුල් ඇම සඳහා මිනිසුන් යොදාගැනීම පිළිබඳව කියවෙනා කිසිඳු වාර්තාවක්, ජනප්‍රවාදයක් හෝ යම් පුරාවෘතයන් හා නොගැලපුන නිසාවෙනි (de Silva 2010, 2013). දිවයිනේ පැවතී මෙකී අභ්‍යාසය වෙනුවෙන් දක්නට ඇති විමර්ශනයන් ශ්‍රී ලංකා ඉතිහාසයේ මැදි බ්‍රිතාන්‍යය කාල වකවානුවේදී විදේශීය රටවල මුද්‍රිත මාධ්‍යයන්හි  ප්‍රකාශයට පත්කරන ලද්දේ වේ (ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත කාල වකවානුව 1802 සිට 1948 දක්වා විය).

කෙසේ වෙතත්; මුල්කාලීන; Bennett 1843, Sirr 1850, Baker 1854, Tennent 1861, Suckling 1876, Clark 1901, Hornaday 1901, Wright 1907, Haughton 1916, Deraniyagala 1939, Hagenbeck & Hoeven 1942 ආදී වශයෙන් වන දිවයිනේ කිඹුල් දඩයම හා ඇල්ලීම පිළිබඳ වඩාත් සවිස්තරාත්මක ශාස්ත්‍රීය ලේඛණ සම්බන්ධයෙන් වන සමාලෝචනයක්; ඉහත සඳහන් කළ පෙර, සමකාලීන හා දෙවනුවට සඳහන් කළ මාධ්‍ය වාර්තා; එමෙන්ම (මෙකී අදාළ විෂයයන් පිළිබඳව ඇති ප්‍රධාන පෙළේ ගවේෂණ ආයතනයන්ගෙන් එකක් වන) පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා{යින්, ඉතිහා{යින්, පුරාවිද්‍යා{යින් සමග කරනා ලද සංනිවේදනයන් ආදියෙන් මනුෂ්‍ය දරුවන් ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳව වන සම්ප්‍රධායික වාර්තා කිසිවක් අනාවරණය කර ගැනීමට අසමත් වී නැත. මහත් පුදුමය ගෙනදෙන කරුණ වන්නේ, වඩාත් විස්තරාත්මක තොරතුරු අඩංගුව මෙම අභ්‍යාසය සැබෑවටම වාර්තා කළ ග්‍රන්ථ හා සඟරා යන දෙවර්ගයෙන් කවරක් හෝ පුවත්පත් ලිපි මගින් පෙන්වාදුන් ආකාරයෙන් ම වඩාත් සුලබ (නිදසුන්, සමහර ලිපි උපුටා දක්වන්නේ 'කිඹුලන් සඳහා වන එකම ඇම වන්නේ ළදරු ඇම බවත් එය සෑම අයෙක් විසින් ම යොදාගනු ලබනා බවත් ය') මෙන්ම වඩාත් ඵලදායී (දසුන්, Richmond Dispatch හි සඳහන් විස්තරයෙන් කියවෙන්නේ දුසිම් භාගයක් තරමේ වන කිඹුලන් සංඛ්‍යාවක් ගංගාවක නොයෙක් දිශාවන්ගෙන් දරුවා ස්ථානගතකර විනාඩි පහක් තුළ දරුවකු වෙත වේගයෙන් පැමිණෙන බවයි) නොවීම යන කාරණාවයි. එලෙසින්ම වැදගත් ලා සැලකිය යුතු කරුණක් වන්නේ, මෙකී සිද්ධීන් වාර්තා කිරීමේ වාර ගණන මගින්, මෙම අභ්‍යාසය සුලභ මෙන්ම කවුරුත් දන්නා දෙයක් ලෙස ඇඟවීම අත්‍යාවශ්‍යයෙන් ම සිදුවිය යුත්තක් නොවන බවයි. සැබවින්ම, විද්‍යුත් මෙන්ම වඩාත් වේගවත් වන මුත්, අද දිනයේ සිදුවන්නා සේ, එක් පුවත්පතක ලිපියක් වෙනත්  පුවත්පත් රැගෙන එය නැවත ඉදිරිපත් කිරීම, බොහෝ කලකට පසු දිනකදී පවා (උ.දා., ඉහත දැක්වූ එක් සිද්ධියක එය වසර අටකට පසුව වේ) සිදුවී ඇත. 

කෙසේවෙතත්, මුල් කාලීන සිලෝනය තෙක් විහිදී ගිය ඉතිහාසයක් ඇති අභ්‍යාසයක් වන, අපගේ පරීක්ෂණයේ ස්ථාන කිහිපයක දී ජීවී සුනඛයන් මෙන්ම මියගිය සතුන් (කුකුලන්, බල්ලන්, වඳුරන්, ගවයන්) කිඹුලන් ආකර්ෂණය කරගැනීමේ ඇම වශයෙන් යොදාගන්නා බවට වාර්තා විය.  

Ahlip (1965) වාර්තා කරන්නේ වඳුරු මස ඇම වශයෙන් භාවිතා කළ බවයි. Muggers සහ Clark (1901) සඳහන් කරන්නේ ගංඉවුරේ බැඳ තබන බලු පැටියකු, නැතහොත් නාඹර 'පරයා'[vi] සුනඛයකු (බොහෝවිට මෙනමින් හඳුන්වන්නේ අයාලේ යන සුනඛයකු වේ), ගවයන්ගේ මළකුණු ආදිය අසල සැඟවී සිට පහරදීමේ ක්‍රමයෙන් සිලෝනයේ දී  කිඹුලන් ඉතා පහසුවෙන් මරා දමනා බවයි. බලු පැටියාගේ උඩු බිරීම වෙත කිඹුලන් ආකර්ෂණ වන බවත් ගිනිබිඳීම සඳහා පහසු දුර ප්‍රමාණයන් වෙත ඔවුන් ගෙන එන බවත් පැවසේ. කිඹුලන් ආකර්ෂණය සඳහා ජීවී සුනඛයින් යොදාගනු ලැබුවේ කෙසේද යන්න මෙන්ම ඇම වශයෙන් ජීවී හා මියගිය සතුන් යොදාගැනීම එකල සුලභ කාරණයක් විය යන්න Deraniyagala (1939) වාර්තා කරනු ලැබුවේ ය (Rajakarunnayake 2000). 
   
කිඹුලන් සඳහා වෙනත් ජීවී ඇම යොදාගැනීම සම්බන්ධව මෙකී ලේඛකයින් ඉතා පැහැදිළිව සඳහන්කර ඇතත්,  ඇම වශයෙන් දරුවන් යොදාගැනීම පිළිබඳව මොනයම් හෝ සිද්ධියක් පෙරටු කොට නොපෙන්වීම පුදුමය දනවන දෙයකි.

දඩයම් සඳහා යොදාගන්නා බොහෝ උපායමාර්ගයන්හි දඩයම්කරුවා වෙත ගොදුර ආකර්ෂණය කරගැනීම උදෙසා ජීවී ඇම  යොදාගන්නාමුත්, ඇම වශයෙන් මනුෂ්‍යයින් යොදාගැනීම සිදුකර ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. සමහර අප්‍රිකානු ගෝත්‍රිකයින් බෙන තුළ සිටිනා පොළඟුන් ආකර්ශනයකර ඇදගැනීම සඳහා තම දෙපා භාවිතා කිරීම  (http://www.youtube.com/watch?v=kqVfgJrDYSO) සහ දකුණුදිග ඇමෙරිකා එක්සත් ජනපදයේ ධීවරයින් ඔවුන්ගේ දෑත් ඇම වශයෙන් යොදාගනිමින් විශාල කැට්ෆිෂ් වර්ගයේ මසුන් 'නෝංජල් කිරීම' මගින් දඩයම් කිරීම (Zalasar 2002) දැනට පවතිනා නිදසුන් වේ. මෙකී සිද්ධීන් දෙකෙහි ම දඩයම්කරුවා තමාගේ ම ශරීරය ඇමක් වශයෙන් භාවිතා කළ මුත්, අතීතයේදී ඇතැම් අවස්ථාවලදී දඩයම්කරුවන් වෙනත් මනුෂ්‍යයින් ඔවුන්ගේ ගොදුර ආකර්ෂණය කරගැනීමේ ඇම වශයෙන් යොදාගෙන තිබේ. නිදසුනක් ලෙස,  1898 දී නැගෙනහිර අප්‍රිකාවේ මොම්බාසා - උගන්ඩා දුම්රියමඟ ඉඳිකිරීමේදී සිංහයින් දඩයම් කිරීම සඳහා ආකර්ෂණය වශයෙන් අප්‍රිකානු කුලී කම්කරුවන් යොදාගන්නා ලදී (Mannix 1978). කෙසේ වෙතත්, පෙනෙන ආකාරයෙන් මේවායේ ළදරුවන් වෙනුවට යොදාගෙන ඇත්තේ වැඩිහිටි මනුෂ්‍යයින් ය. එබැවින්, දඩයම් ක්‍රීඩාවේදී මනුෂ්‍යය දරුවන් ජීවී ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳ මෙකී උපාඛ්‍යානමය[vii] වාර්තා තුළින් අතීතයේදී යොදාගත් දඩයම් අභ්‍යාසයන් පිළිබඳ වැදගත් වාර්තාවක් ස්ථාපිත කිරීම මෙන්ම අපගේ යටත්විජිත ඉතිහාසය වෙත නව ආලෝකයක් පතුරවීමද සිදුකරනු ලබයි.

පරිවර්තනය - අමල් මීමනගේ

WERE HUMAN BABIES USED AS BAIT IN CROCODILE HUTS IN COLONIAL SRI LANKA? යන මුල් ලිපිය (ඉංග්‍රීසි) -       http://dx.doi.org/10.11609/JoTT.o4161.6805-9

මෙම විෂය කරුණ පිළිබඳව සාකච්ජා කරන අන්තර්ජාලයේ හමුවන වෙනත් ලිපි                


[i] Estuarine crocodile
[ii] Marsh crocodile
[iii] සිලෝනයේ  කතෝලික දූතයා, එනම් පුවත් පත - පරි.
[iv] කිඹුල් ඇම සඳහා ළදරුවන් - "කිඹුල් ඇම සඳහා ළදරුවන් ඕනෑකර තිබේ. පණපිටින් නැවත බාරදෙන්නෙමු." යැයි සිලෝනයේ පුවත්පත් කියා සිටී. කිඹුලන් තරමට සිලෝනයේ පුවත්පත් ද බහුල වන්නේ නම්, පෙර සඳහන් කළාක් මෙන් පද ගැලපූ දැන්වීම් ඒවායේ 'ඕනෑකර තිබේ' තීරයන්හි සුලභ වනු ඇත.
ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයම්කරු පෞද්ගලික පෙළඹවීම මගින් ඔහුගේ ළදරුවා ආරක්ෂාව කළ යුතු වන නිසාවෙනි. සිලෝනයේ දෙමාපියන් දඩයම්කරුවන් සෑම විටම රීතියක් ලෙසින් සාර්ථක යැයි අසීමිත විශ්වාසයක් පවතී, එමෙන් ම ඔවුන් තම ළදරුවන් කිඹුල් ඇම වශයෙන් යොදාගැනීම සඳහා කුලියට දෙනු ලබන්නේ  කුඩා වාසියක් වෙනුවෙනි. සිලෝනයේ කිඹුලන් මහත් උදාසීනභාවයෙන් පෙළෙන්නන් වේ; නිශ්චලව බිම වැතිරී සිටීමට ඔවුන් මහත් රුචියක් දක්වයි, හිරුගේ දිළිසෙනා කිරණින් සැනසෙන අතර තම උදාසීන ජීවිත ධ්‍යානයට සමවැදී ගෙවා දමයි.
එහෙත්, අඳුරු දුඹුරු පැහැ බොකුටු පා ඇඟිලි ඇති ළදරුවකු ගංඉවුරේ හිඳිමින් ඔවුන් දෙස ඇසපිය සලනා විට, ඔවුන්ගේ උදාසීනභාවය නැමති කබාය ඉවත්කර සිලෝනයේ මනුෂ්‍යත්වයේ ප්‍රණීත ආහාර කැබැල්ලක් වෙනුවෙන් වන තම පෙනීසිටීම කරනු ලබයි. කිඹුලා ගංඉවුරේ අඩක් පමණ දුරක් ගෙවා දමනා විට, පන් හා බට පඳුරු අතරේ සැඟවසිටිනා දඩයම්කරු, ගිනිබිඳීම ආරම්භ කරනා අතර කුසගින්නෙන් පෙළෙණු කෑම රුචිය ඇති කිඹුලාගේ ජීවිතය ද එම මොහොතේ ම අහිමිවී යයි. එමෙන් ම ළදරුවා ඔහුගේ ආදරණීය මව වෙත සුරක්ෂිත රැඟෙන එනු ලබයි. - සිලෝනයේ  කතෝලික දූතයා.
[v] Piccaninny - කුඩා නීග්‍රෝ දරුවා
[vi] 'pariah'
[vii] විධිමත් තතු හා පර්යේෂණවලින් තොරව පුද්ගලික කරුණු මත පිහිටීම නිසාවෙන්, සැබෑවටම සත්‍ය මෙන්ම විශ්වාසනීය නොවන (කරුණු, වාර්තා)
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS