2.10.2015

ශ්‍රී ලංකාවේ අනාගතය හා ඇමරිකාවේ අතපෙවීම


(Helping Sri Lanka’s New Democracy - ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහයෝගය දැක්වීම - යනුවෙන් Ryan Goodman විසින් The New York Times හි 2015-01-19 දින පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය)

"ආරක්ෂක ලේකම් වන තම සහෝදරයා සමඟින්, 2009 වසරේදී දෙමළ කැරැල්ල මැඩපැවත්වා රට මෙහෙයවූ, අධිකාරීවාදියේ ආසන්නයේ සිටි, තමුන්ගේ ජනපතිවරයා පිටතට විසිකර දැමීමෙන් ශ්‍රී ලාංකික ඡන්දදායිකයින් මේ මස තමන්ව මෙන් ම මුළු ලෝකය ම මහත් තිගැසීමකට පත්කොට තිබේ. පුවත්පත් නිදහස, විනිසුරුවන්ගේ නිදහස, සුළුතර ජනයාගේ හා ආගමික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.

දශකයකටත් වැඩි කාලයකට පසුව මේ එළැඹ තිබෙන්නේ රටේ නව පරිච්ජේදයක් ආරම්භ කිරීම සඳහා වඩා වැදගත් ම අවස්ථාවක් බව රාජ්‍ය ලේකම් John Kerry මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිවේදීන් පවසා සිටී.

නමුදු, පහකර දැමූ රෙජීමයේ සාමාජිකයින් නැවත බලයට නොඑන බවට මෙන් ම නව රජය එහි අධිකාරත්ව ආරක්ෂා කරගැනීම පිළිබඳව රට සැක දුරු කරගත යුතු වේ. එක්සත් ජනපදයට - වෙනකක් නොව එක්සත් ජනපදයට ම පමණක් - එය සිදුවීම කෙරෙහි යමක් කළ හැකි වේ.

පෙර සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ- මෙන් ම ඔහුගේ සහෝදරයාවන ගෝඨාභය රාජපක්ෂ- තවමත් දේශපාලනික වශයෙන් මියගොස් නැත. අප්‍රේල් මස සඳහා ඉතා තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයන් සැලසුම්කර තිබේ. නව ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විවිධ දේශපාලන පක්ෂවවල සහයෙන් ඡන්ද ජයග්‍රහණය කරා ගමන් කරනු ලබයි. ඔහු තම බලය පිළිබඳව සැලකිලිමත් විය යුතු වන්නේ එවිට ප්‍රාජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනයා හැකි නිසාවෙනි.

මේ වෙනුවෙන් එක්සත් ජනපදයට කළ හැකි උපකාරය කුමක් ද? Kerry මහතා කියා සිටියේ, එක්සත් ජනපදය දිගු කාලයක් පුරාවට පවතින මානව අයිතිවාසිකම් පිළිබඳ කරුණු කාරණා නව රජය සමගින් නැවත කරළියට ගන්නා බවයි. 1983 සිට 2009 දක්වා රටේ සිවිල් යුද්ධය පැවති සමයේ රාජපක්ෂ රෙජීමය මගින් සිදුකළ යුධ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් නිර්මාණය කිරීම සම්බන්ධව රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙරමුණ ගෙන තිබේ.

නමුත්, එම විමසුමෙන් එම කරුණ සම්බන්ධව ලබාදෙන්නේ වඩාත් වැඩි මෙන්ම වඩාත් අඩු දෙයකි. වඩාත් වැඩි දෙය නම්, සංක්‍රාන්තිය සිදුවන මෙම දුර්වල අවස්ථාවේ වන අතුගා යෑමේ වඩාත් පූර්ණ වගකීම නව රජය පෙරලීම සඳහා මෙන්ම එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති හිතවත් සම්බන්ධය උවදුරේ හෙළීමට එය හේතු විය හැකි නිසාවෙනි යන්නයි. වඩාත් අඩු දෙය නම්, එක්සත් ජාතීන්ගේ විමර්ශනයට දත් නැත යන්නයි - එනම්, එය මෙහෙයවන මණ්ඩලයට අපරාධ අධිකරණ සභාවක බලය නැත යන කරුණ මෙන්ම ආර්ථික වශයෙන් දණ්ඩනයක් පැමිණවීම වැනි දෙයකට පවා හැකියාවක් ඊට නැත යන්න යි.

වොෂින්ටනයට වඩාත් වැඩදායී කාර්යභාරයක් කළ හැකි අවස්ථාවක් මෙන්න.
සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවන්ගේ ඉතා දරුණු කෲරකම්, එය සිදුවන අයුරින්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂා මැඩපවත්වා ඇති අතර ඔහු ඇමරිකානු පුරවැසිකම ලබාගත්තෙකු වේ. (සැබවින්ම, Loyola Law School හි පරිගණක පද්ධති මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරමින් ලොස් ඇන්ජලීස්වල ජීවත් වූ අයෙකි, ඔහු.)

අපරාධකරු නැතහොත් අගතියට පත්වූ පාර්ශවය එක්සත් ජනපද වැසියකු වන්නේ නම් ලොව කොතැනක හෝ සිදුවන යුධ අපරාධ එක්සත් ජනපද අධිකරණයන්හී අධිකරණ බලය යටතට ගතහැකි නිසාවෙන්, පුරවැසියකු නිසාවෙන්, රාජපක්ෂක මහතාට 1996 යුධ අපරාධ පනත යටතේ වගකීම පැවරිය හැක. මෙය තවත් විදිහකින් කියනවා නම්, රාජපක්ෂක මහතාව ම එල්ල කරගනිමින් ඔහු පසුපස පැන්නීම සඳහා එක්සත් ජනපදයට පරිපූර්ණ සුදුසුකම් ඇත යන්නයි.

නිදහස් නිරීක්ෂකයන් ඉතා දිගු කලක සිට ගෝඨාභය රාජපක්ෂ දෙස බලා සිටියේ, ශ්‍රී ලංකාව තුළ වඩාත් පහසු දේශපාලනමය මාරුවීමක් සඳහා, සමහර විටක, තම සහෝදරයාව ද ඉක්මවා ගිය, බාධාවක් ලෙස ය.

මැතිවරණ ප්‍රතිඑල වෙනස් කිරීම සඳහා, ඔහු හා ඔහුගේ සහෝදරයා හමුදාමය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තේ ය යන කරුණ මත වඩාත් පුළුල්ව වාර්තා වන දෝෂාරෝපණයන් පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති නිසා නව රජය කෙරෙහි ඔහුගේ ගෞරවයක් ඇත යන්නට වන සලකුණු ඉතා ම සීමා සහිත වේ.
නව රජයේ අභිප්‍රාය වන්නේ, රාජපක්ෂ මහතා නැවත බලයට ඒමේ අනතුර මුලුමනින්ම ඉවත් කිරීම මගින් තමන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමට තීරණාත්මක ලෙස කටයුතු කිරීමයි. එය ඉතා පැහැදිළි ශාක්‍යතාවක් බවට පත් වන්නේ, ඔහුගේ සහෝදරයා වන මහින්ද බලවත් විරුද්ධ පක්ෂයක බලය රැඳවීම සඳහා වන ඉල්ලීම සාර්ථක වුවහොත් ය .

රාජපක්ෂ මහතා කොන්කර දැමීම වැදගත් වන්නේ ඒ නිසා ය. විදේශීය යුධ අපරාධ පිරික්සුම් වළක්වා ස්වදේශීය සාපරාධී චෝදනා සඳහා තමා විවෘත බව නව ජනපති වන සිරිසේන මහතා ලකුණු පෙන්වා තිබේ. එමෙන් ම, යම් නියත යුධ අපරාධ, සිවිල් යුද්ධයේ අවසන් දිනයේදී සුදු කොඩි සමග සිටි යටත්වන දෙමළ නායකයින් සොල්දාදුවන් විසින් චෝදනා සමගින් මරාදැම්මේ ය කියනා වඩාත් ප්ර්සිද්ධ සුදු කොඩි සිද්ධිය වැනි, සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කටයුතු කරනු ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශක අඟවා තිබුණේ ය. මෙය ඉතා ම වැදගත් ප්‍රකාශයක් වේ. ඒ මන්ද යත්, බොහෝ ශ්‍රී ලාංකිකයින් දන්නා ලෙසට මෙන්ම රාජ්ය දෙපාර්තමේන්තුව විසින් කොන්ග්‍රාසයට වාර්තා කළ ආකාරයට, එකල හමුදා ප්‍රධානී කියා සිටියේ රාජපක්ෂ් මහතා 'ඔවුන් සියල්ලන් ම මරා දැමිය යුතුයි' කියමින් අණ ලබා දුන් බව සහ පසුව පැවසුවේ තමුන් යුධ අපරාධ නිසාවෙනි පිරික්සුමකදී සාක්ෂි දීමට වුවද කැමතිය යන කරුණු නිසාවෙනි.

එහෙත්, රාජපක්ෂ මහතාට එරෙහිව වන ක්‍රියාපටිපාටීන් ශ්‍රී ලංකා රජය විසින් ම ක්‍රියාවේ යෙදවීමේදී එය එම රජයට දේශපාලනමය අභියෝගයක් වේ. ශ්‍රී ලංකාව විසින් සිදු නොකරන්නේ නම්, රාජපක්ෂල මහතාට විරුද්ධව වන අපරාධ නඩුවක් ගොනුකිරීම මගින් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ඇති උනන්දුව හැඟවීමෙන් ඉදිරිපත් කළ හැක. නව රජයට ඒ මගින් අවස්ථාවක් මෙන් ම යුක්තිසහගත බව යන කරුණු දෙකම ලැබීමෙන් තම දෑත් සෝදා ගැනීමට හැකි වේ. රාජපක්ෂල මහතාගේ පුරවැසිභාවය යන කරුණ නිසාවෙන්, වෙනත් ජාතියක කටයුතු වෙනුවෙන් අතපෙව්වේය, යන දෝෂාරෝපණයට එක්සත් ජනපදය භාජනය වීමට ඇති හැකි අවදානම ද අඩු වේ.

ශ්‍රී ලංකාවේ නව සංස්ථාපනයට පළමුවෙන් ම ක්‍රියාත්මක වීම සඳහා අවස්ථාවක් ලබාදීමෙන් පසුව, ඔබාමා පරිපාලනය තමුන්ගේ ම අපරාධ විභාගයක් පවත්වන්නේ ද නැද්ද යන වග තීරණය කර ඒ පිළිබඳව, වඩාත් ප්‍රසිද්ධ ආකාරයෙන්, සමහර විටක පැවසිය හැක. එක්සත් ජනපදයෙන් එන එවැනි හැඟවීම්, රටේ පැවැත්ම වෙනුවෙන් අදාල වන වඩාත් තීරණාත්මක අවස්ථාවකදී රාජපක්ෂවරු දේශපාලනික වශයෙන් කොන්කිරීම වෙනුවෙන් යොදාගත හැක.

රටේ අතීතය ප්‍රතිෂේප කිරීම සඳහා වන ජනපති සිරිසේනගේ වන ප්‍රයත්නයන් සඳහා ඒවා උපකාරී වන අතර ම ඔහුගේ පරිපාලනය මත රඳන එහි යහපත් අනාගතය ඉන් හඳුනාගනු ඇත. වඩාත් නිවැරදි ශ්‍රී ලංකාවක් සඳහා, එක්සත් ජනපදය තමාගේ කොටස කළ යුතු වන අතර ප්‍රජාතත්ත්‍රවාදය සඳහා එහි වන පෙරලීම වෙනුවෙන් උපකාර කළ යුතු වේ.

Ryan Goodman නීතිය, දේශපාලනය සහ සමාජවිද්යාරව පිළිබඳව නිව් යෝක් සරසවියේ මහාචාර්යවරයකු මෙන්ම Just Security නම් බ්ලොග් අඩවියේ ප්‍රධාන සමකතෘ ද වේ."

- පහත ද ගෙනහැරපා ඇති මෙහි මුල් ඉංග්‍රීසි ලිපියට සම්බන්ධ වීම සඳහා -  


---------------------------------------------------------------------------------------------------------------------
"Sri Lanka’s voters shocked themselves and the world this month by tossing out their president, who crushed the Tamil insurgency in 2009 and then led the country, along with his brother as defense secretary, to the brink of authoritarianism. The new president has promised to restore freedom of the press, independence of judges, and the rights of religious and ethnic minorities.

Democracy advocates, including Secretary of State John Kerry, say this is the country’s most important chance to open a new chapter in more than a decade.

But the country must make sure that members of the ousted regime do not return to power and that the new government can secure its authority. The United States — and only the United States — can do something to help make that happen.



The former president, Mahinda Rajapaksa, and his brother, Gotabaya Rajapaksa, aren’t politically dead yet. Critical parliamentary elections are scheduled for April. The new president, Maithripala Sirisena, rode to electoral victory on the back of a diverse group of parties. He must now consolidate his power so that democratic reform can go ahead.

What can the United States do to help? Mr. Kerry said the United States would take up longstanding human rights concerns with the new government. The State Department has spearheaded the creation of a United Nations investigation into war crimes committed under the Rajapaksa regime during the country’s civil war, which lasted from 1983 to 2009.

But that inquiry offers both too much and too little at this point. Too much, because pushing for full, sweeping accountability in this fragile moment of transition could destabilize the new government and jeopardize the warming of relations between the United States and Sri Lanka. Too little, because the United Nations investigation doesn’t have any teeth — the panel leading it doesn’t have the powers of a criminal tribunal, and cannot even impose a financial penalty.

Here is where Washington can play a constructive role.

Gotabaya Rajapaksa, the former defense secretary, oversaw the Sri Lankan armed forces’ worst atrocities during the final stages of the civil war and, as it happens, he is a naturalized American citizen. (Indeed, he used to live in Los Angeles, where he worked as a computer systems operator at Loyola Law School.)

As a citizen, Mr. Rajapaksa can be held liable under the War Crimes Act of 1996, which puts war crimes anywhere in the world under the jurisdiction of United States courts if the perpetrator, or the victim, is a United States citizen. Put another way, the United States has a perfect justification to go after Mr. Rajapaksa individually.

Independent observers have long viewed Gotabaya Rajapaksa as an obstacle, perhaps even more than his brother, to a smooth political transition in Sri Lanka. There is little indication that he will respect the new government, which has opened an investigation to look into widely reported allegations that he and his brother attempted to engineer a military coup to overturn the election results.

It is in the new government’s interest to move decisively to protect its democratic victory by eliminating the threat of Mr. Rajapaksa’s return to power. That is a distinct possibility if his brother, Mahinda, succeeds in a bid to maintain control over the powerful opposition party.

That’s why marginalizing Mr. Rajapaksa now is important. The new president, Mr. Sirisena, has signaled that he is open to domestic criminal prosecutions to ward off foreign war crimes trials. And the president’s spokesman has indicated that the government may be willing to prosecute specific war crimes, such as the so-called White Flag incident, in which surrendering Tamil leaders with white flags were allegedly executed by soldiers on the final day of the civil war. That’s a highly significant statement because, as many Sri Lankans know, and as the State Department reported to Congress, the army chief at the time said that Mr. Rajapaksa gave the order “they must all be killed,” and later added that he would be willing to testify in a war crimes trial.

But proceeding against Mr. Rajapaksa will be politically challenging for the new Sri Lankan government to do on its own. The United States could help by signaling its own interest in opening a criminal case against Mr. Rajapaksa in the event that Sri Lanka doesn’t. That would give the new government both an opportunity and a justification to clean its house. Because of Mr. Rajapaksa’s citizenship, the United States would also be less vulnerable to accusations that it was meddling in the affairs of another nation.
The Obama administration might even say, in a very public way, that it will decide whether to proceed with its own criminal inquiry after giving Sri Lanka’s new establishment an opportunity to move first. Such signals from the United States could help politically marginalize the Rajapaksas at a critical point in the life of the country. They would also bolster President Sirisena’s efforts to have the country repudiate the past and recognize that its best future lies with his administration. The United States should do its part to bring accountability to Sri Lanka and assist its transition to democracy.

Ryan Goodman is a professor of law, politics and sociology at New York University and co-editor in chief of the blog Just Security."



No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS