2.03.2011

ඩේ කෙයා සෙන්ටරය

මවක් නැත
පියෙක් නැත.
අද ඊයෙ හඳුනගත්
අක්කා ඇත.
නැන්දා ඇත.
කෑම ඇත
කවනු නැත.
ඒ දේ ඇත
මේ දේ ඇත.
හුරතලුන් ඇත,
හුරතලය ඇත.
ඩේ කෙයා සෙන්ටරය,
සිරවෙන්න එහි
ඔබ කල වරද කිම?
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS