1.29.2011

නිදහස

රේජිෆෝම් මත
සීතල යහන.
පහුරු ගාන්නට බෑ
සැටින් රෙදි
සුදු පාට.
හරි බරයි
පස් කන්ද.
නිදහස් කරනවා
අද අදම,
මේ දැම්ම
හොද
නරක
මතක ගොඩ,
ඕනෑ
නිසාවෙන්
සැතපෙන්න,
කරදරයක් නැතිව
රේජිෆෝම් මත
සීතල යහන.

1.26.2011

සතිය

ඉරිදා
ඉරිදා
ඉරිදා
ඉරිදා
ඉරිදා
ඉරිදා
ඉරිදා,
මගේ සතිය.
මගේම ලේ
තුරුලට එන
මගේ සතිය.

1.20.2011

වෙනස

මෙච්චර දවසක්,
හිතුවා මම
අපි ගැන,
ඈත්වුණා ලෝකය මගෙන්.
අද,
හිතනවා
මම
මම ගැන,
ලඟාවෙනවා ලෝකය
බදාගන්න
බැරි තරමට
මට
අපූරුවට.

1.04.2011

දෙකේ පංතියට...

වැහි බිංදු බිංදු
වැටෙනා හිමිදිරි යාමේ
මුතු බිංදු බිංදු
කඳුළැල් වැටෙන සීතේ
මල් පොකුරැ පොකුරැ
රඳවා පොඩි ළය තුරුලේ
අකුරු කරන්නට යන
සුදු පුතු මාගේ

කිසිදු දිනෙක
මුසා බසක් නොදොඩන්න
ඔබේ මිසක්
අනුන්ගේ දේ නොසොයන්න
හොඳක් මිසක්
නරකක් මතු නොකරන්න
දිරිය ලැබේවා
මා පුතු නෙතු මලට

ගහට කොළට
පාන සෙනේ වැඩිවෙන්න
හැදූ රටේ
නම මතුවට රන්දන්න
තුන් සරණය
මතු සරණය කරගන්න
දින දින දිනේවා
මා පුතු හෙට දවස
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS