7.11.2010

අභාග්‍යය

අසාවෙන්
ඈත් කළා
තිසරපට,
තියාගෙන
දහසක් දේ
හිත
ඇතුළේ.
ගඟට කැපූ ඉණි වගේ!
තණ අග පිනි වගේ!!
හිතු හිතූ දේ
සුන්වුණා.
බැංකුවක්,
පුංචිම
පුංචි බැංකුවක්,
ඒක ඇතුළේ.

7.10.2010

පැතුම

සතියකට
වරක් හෝ
ඇවිදින්,
හාවක් හූවක්‌ නැතිව
මහා බර කල්පනාවක්
ආරූඩ කරගෙන,
සුරතල් ඇඟිලි තුඩින්
නොයෙක් රූප
අඳිනා තෙක්
බලාන ඉන්නවා,
පින්සල්
දිය සායම්
හා
කඩදාසි,
ඉස්තෝප්පුවේ
මේසය උඩ
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS