7.20.2014

සැනසිල්ල

එළිය වැටෙද්දී

හතර වටින්,

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

එකක් දෙකක් නොවේ

මහ ගොඩක්,

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

නෙතට නුහුරු කදුළු බිංදු

පැදුරට මුහු කරන්න

විදිහක් නෑ

කොහෙත් ම,

පිරිත් ඇහෙනවා

රේඩියෝ එකේ.

නිදාගත්තා

අනෙත් පැත්ත හැරිලා.

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

7.15.2014

Killing in gaza - humanitarians, caretakers, god, gods!!! who? where?

looking at her eyes, creeping in to her soul and looking in to what's happening around.

missing my daughter, the reason what brought tears to my eyes, both must be in the same age, I guess.

what does this little one know ? what do these children know about high sounded definitions given for all mighty god or gods, different sects in different religions, political agendas, international trading, fencing boundaries, flow of wealth from this land to another etc etc?

it's guaranteed, thousand percent, they know nothing of them and not worried too. but, the warmth of the ones who were with them just few minutes ago. mother, father or both; brother, sister or both; or all of them.

if this had happened here? in this very land where majority pulls the leg of minority, as it was named by many with mind blogging statements, few weeks ago.

who would listen to this? raising hands towards Him, or to heaven? will it be answered, then?

I looked around, to see one Hand with some kind words, with some words written to say how bad this, this crime, one Hand? a hand with more yellow in it. 

I was not lucky, there were non of them.

('Killing in Gaza' - Picture courtesy - Sangbad24.net)

7.12.2014

Baddaginnie in Victoria, Australia - A small contribution Sinhalese has made to the Aussie language

Baddaginnie is a small town in Victoria, Australia. It is located on the Albury-Wodonga railway line, in the Rural City of Benalla, 12 kilometres south-west of Benalla itself on the old Hume Highway. It is situated in mainly flat unforested country, one kilometre west of Baddaginnie Creek.
Although often mistaken for an Aboriginal word, Baddaginnie was the name given to the local township by Ceylonese railway workers building the Melbourne-Sydney rail line in the 1860s. According to local legend, when provisions failed to arrive at the settlement, the Ceylonese men named their camp `baddaginnie` meaning `hungry` in the Sinhala language (bada is `stomach` and ginnie is `fire`)
Pic. by Road Photos & Information,Victoria
. Another theory is that the name was supplied by the surveyor, who had spent some time in Ceylon (now Sri Lanka), as the survey team was without food when it arrived there. The town was surveyed in 1857, but settlement was slow. A Post Office finally had the opening on 16 September 1879. 

At the 2006 census, Baddaginnie and the surrounding area had a population of 460.

Sources - lankanewspapers.com, onmydoorstep.com.au

බඩගිනි නගරය (Baddaginnie) - සිංහල බසින් කැන්ගරු දේශයට කුඩා දායකත්වයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ජනපදයේ පිහිටි කුඩා නගරයකට ඇත්තේ ඉතා අපූරු නමකි. සිංහල බස හා බැඳුනු නමකි. ඒ නගරයේ නම 'බඩගිනි' යන්න යි. 'බඩගිනි නගරය' Benella නම් නගරයේ Albury -Wodonga දුම්රිය මාර්ගයේ පිහිටා ඇත. 'බඩගිනි අතු ගංගාවෙන්' කිලෝමීටරයක් බටහිරට වන්නට ඇති වනාන්තරයෙන් තොර තැනිතලා බිමක එය පිහිටා ඇත. 2006 වර්ෂයේ සිදුකෙරුණු ජන සංගණනයට අනුව 'බඩගිනි නගරය' හා ඒ අවට ජනගහනයේ ප්‍රමාණය වූයේ 460ක් තරම් ඉතා කුඩා අගයකි.
ජායාරූප උපුටාගැන්ම mmg.com.au වෙබ් අඩවිය හා Google Maps අන්තර්ජාල සේවාව
බොහෝ දෙනෙක් මෙම නම ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබොයිජින්වරුන්ගේ භාෂාවෙන් ඇති වූ වචනයක් ලෙස සැලකුව ද ඊට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් ඇත්තේ නැත. 'බඩගිනි ' යන නම ඇති වීමට හේතු වී ඇත්තේ 1860 දසකයේදී මෙල්බන් හා සිඩ්නි යන නගර අතර ඉඳිකළ දුම්රිය මාර්ගයේ සේවයට ආ ශ්‍රී ලාංකීය දුම්රිය සේවකයන් ය. මෙම ප්‍රදේශයේ ඇති ජනප්‍රවාදයකට අනුව ජනපදිකයන්ට නියමිත සලාකයන් පැමිණීමට ප්‍රමාද වූ  නිසා ඔවුන් තමුන්ගේ කඳවුර 'බඩගිනි' යනුවෙන් නම් කර ඇත.   
  
Austraian Places නම් සඟරාව 'බඩගිනි නගරය' පිළිබඳව පහත දැක්වෙන සටහන උපුටා දක්වයි. ''බඩගිනි නගරය සඳහා වූ මෙම බිමෙහි මුල්වරට මිණුම් කටයුතු සිදු කරණු ලැබුවේ 1857 වර්ෂයේදී ය. මිනින්දෝරු තැන සිලෝනයේ දී තමන් අත්විඳි හැසිරීමක් නැතහොත් මුහුණේ ස්වභාවයක් පදනම් කරගෙන, එනම් මිණුම් කණ්ඩායම බඩගිනි නගරයට එනවිට ඔවුනට ආහාර නොතිබීම යන හේතුව පදනම් කරගෙන, මෙම නම ඇතිවන්නට ඇති බවට විශ්වාස කරනු ලැබේ. නගරයේ 1857 දී මැනීම් කටයුතු සිදුකල ද පදිංචි කිරීම් සිදුවූයේ මන්දගාමීව ය. අවසානයේ, තැපැල්හල විවෘත කරන ලද්දේ 1879 සැප්තැම්බර් 16 වෙනිදා ය."

Eighty Cub - The Newsletter of the Eighty Club Melbourne INC, onmydoorstep.com.au වෙබ් අඩවිය හාFederick Ludowyk ගේ A Simpistic Look at Related Languages යන ලිපිය ඇසුරිනි

7.08.2014

මිහිඳු හිමියන් වඩින්නට පෙරත් ලංකාවේ බුදු දහම පැවති බවට බලංගොඩින් සාක්ෂි?


සත්‍යය සදාකාලිකව සඟවා තැබිය නොහැක යන්න නියතයකි. සැබෑ සත්‍යය කවදා හෝ එළි දකී. එළි දැකිය යුතුය. හෙළයාගේ බුදු උරුමය ශතවර්ෂ කිහිපයක් නොව වසර දහස් ගණනක් පුරාවට විහිදුණු ප්‍රෞඩ අතීතයක් හිමිව තිබූවක් ය යන කරුණ ද එවැන්නකි. සඟවාලනු ලැබූ එම සත්‍යය, වර්තමානයේ පියවරෙන් පියවර කරළියට පිවිසෙමින් පවතී. මෙකී වැළලී ගිය, වළලනු ලැබූ හෙළ බුදු උරුමය, මහාචාර්ය රාජ් සෝම දේවයන් විසින් බලංගොඩ කල්තොට ප්‍රදේශයේ සිදු කරනා නවීන පුරාවිද්‍යා පර්යේෂණ තුළින් සනාථ වීම මෙකී සත්‍යය කරළියට එන ගමනේ පිවිසුමක් සේ ගත හැකි ය. සම්ප්‍රදායට ගැතිව, එහි වහලෙකු නොවී, බටහිරට ආවඩන සිතීමෙන් තොරව තම දැනුම තමා උපන් රටේ සැබෑ අතීතය, වර්තමානයට ගෙන ඒම සඳහා එතුමාණන් විසින් සිදුකරනා මෙහෙය සැබවින්ම අගය කළ යුතු නොවේ ද?

උක්ත හෙළිදරව්ව පිළිබඳව ලක්බිම පුවත්පතේ පළවූ පුවත පහත දැක්වේ.
  • ඔබ විසින් මෑත කාලයේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් පවත්වන බව දැන ගන්නට ලැබුණා. මෙම ගවේෂණයේ අරමුණ කුමක්ද?
මෙම ගවේෂණයට පුළුල් අරමුණක් තිබෙන බව පළමුව පැහැදිලි කළ යුතුයි. ඇත්තෙන්ම එය ගැඹුරු පර්යේෂණ ගැටලුවක් පදනම් කර ගෙන වසර හතක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන දීර්ඝකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක එක් ඉසව්වක් පමණයි. මේ රටේ ඉතිහාසයට අදාළ ප්‍රධාන ගැටලුවක් වන්නේ වංසකතා මගින් පැහැදිලි කරන ඉතිහාසයේ ආරම්භයත් පුරාවිද්‍යාඥයින් විසින් ප්‍රමාණවත් ලෙස දැනට පැහැදිලි කර තිබෙන ගල්යුගයත් අතර සංක්‍රාන්ති කාලපරිච්ජේදයේ ස්වභාවය ගැන කිසිවක් අප නොදැන සිටීමයි. නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරන්නේ නම් ගල්යුගයේ අවසානය පෙනෙන සීමාව දැනට දන්නා කරුණු අනුව ක්‍රිස්තු පූර්ව 1800ට යොමු කළ හැකියි. අප කවුරුත් දන්නා පරිදි වංසකතා ඉතිහාසය ආරම්භවන්නේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිදුවූ බවට පැවසෙන ඉන්දීය ජනසංක්‍රමණයකින් පසුවයි. මේ අන්ත දෙක අතර තිබෙන අවුරුදු 1200ක පමණ කාලයේ මෙරට පැවති තත්ත්වය විස්තර කිරීමට ශාස්ත්‍රීය මූලාශ්‍රයක් නොමැති වීම බලවත් අඩුපාඩුවක්. අපගේ පර්යේෂණ අරමුණ වී තිබෙන්නේ මෙම දැනුම අතින් අන්ධකාරයක තිබෙන මෙම කාලපරිච්ජේදය පුරාවිද්‍යාත්මක ව පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි.
  • බොහෝ පුරාවිද්‍යාඥයින් මෙන්ම ඇතැම් ඉතිහාසඥයින් පවා බැලූ බැල්මට ගාම්භීර බවකින් යුත් ශාස්ත්‍රීය ගැටලුවලට පිළිතුරු සෙවීමට වෑයම් කරනවා. නමුත් ඒවායේ කිසිදු සමාජ උපයෝගීතාවක් දැකිය නොහැකියි. අවසානයේ ඒවා වාර්තාවලට පමණක් සීමා වෙනවා. විද්වතෙකු ලෙස මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම මේ රටේ සමාජ භාවිතයට කෙතරම් අදාළ වේ දැයි තක්සේරුවක් ඔබට තිබෙනවද?
ඕනෑම සමාජයක් ඓතිහාසිකයි. එනිසා සමාජයක ජීවත්වන කුමන තරාතිරමේ පුරවැසියෙකුට වුවත් ඓතිහාසික සවිඥානතාවක් තිබෙනවා. අද අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මතවාදී අර්බුදයක් තිබෙන බව එදිනෙදා පුවත්පත් දෙස බලන විට පෙනෙනවා. මේ රටේ අතීතය හැකි තරම් පසුපසට ගෙන යාමටත්, ඒ අතීතය සමෘද්ධිමත් සහ බලවත් කාලපරිච්ජේදයක් ලෙස විස්තර කිරීමටත් ඒ මතවාදවලින් වෑයම් කරන බවත් පෙනෙනවා. පසුගිය කාලවකවානුව තුළ මේ රටේ නිෂ්පාදනය වූ චිත්‍රපට, ලියැවුණු නවකතා ආදිය දෙස විපරමින් බලන්නේ නම් අතීතය කෙතරම් දුරට වර්තමාන අත්දැකීමක් බවට පත් වී තිබේදැයි අපට පැහැදිලි වෙනවා. සමාජයක් විසින් සිය අතීතය වර්තමාන අවශ්‍යතා සඳහා ආයෝජනය කරන සමාජ ප්‍රාග්ධනයක් බව අමතක නොකළ යුතුයි. මෙහිදී අදළ ක්ෂේත්‍ර පිළිබඳ විද්වතුන්ගේ වගකීම විය යුත්තේ අතීතය පිළිබඳ තථ්‍ය ඥානය ගොඩ නැගීමට හැකි සෑම විද්‍යාත්මක පරිශ්‍රමයක්ම දැරීමයි. මා කල්පනා කරන ආකාරයට මේ රටේ ඉතිහාසය යැයි සම්මත නිම්වළලුවලින් ඔබ්බට ගොස් අප්‍රකාශිත ඉතිහාසයේ ක්ෂිතිජය හෙළිදරව් කරන්නේ නම් එය සියලු පුරවැසියන් තමන්ට නිසි පරිමාණවලින් අවශෝෂණය කර ගනු ඇති කියලයි.
  • ඔබ දැනට කරගෙන යමින් සිටින කල්තොට ප්‍රදේශයේ ගවේෂණකටයුතුවලින් මහින්දාගමනයට පෙර බුදුදහම මෙරටට පැමිණි බව තහවුරු වන බව පවසාතිබුණා. මෙම සොයා ගැනීම සහ ඔබේ පර්යේෂණ අරමුණ අතර තිබෙන සබඳතාව කුමක්ද?
මහින්දාගමනයට පෙර බුදුදහම මෙරට වැසියන් අතර ප්‍රචලිතව තිබෙන්නට ඇතැයි යන අදහස මවිසින් ප්‍රකාශ කරන ලද්දේ නිරීක්ෂණ කිහිපයක් පදනම් කරගෙනයි. විශේෂයෙන්ම එය අදාළ වන්නේ කල්තොට මෙහොර ප්‍රදේශයට අයත් කිරිමකුල්ගොල්ල, ටැම්කැටිය, වැලි‍පොතේයාය, දියවින්න ආදී ප්‍රදේශවල දක්නට තිබෙන පැරණි ගුහා, විහාරවල පිහිටීම සහ ඒවායේ ස්වභාවයේ ඇති විශේෂතාවලටයි. මෙම
විශේෂතා ඉතිහාසයේ සිටම පැවති ඒවායි. එසේ වුවත් ඒවා නිරීක්ෂණය කිරීමට මේ වනතුරු ශාස්ත්‍රීය උත්සාහයක් ගැනීම ප්‍රමාද වී තිබුණා. මෙවර ගවේෂණයේදී අප එය මැනවින් නිරීක්ෂණය කළා. අප විසින් නිරීක්ෂිත ගුහාවිහාර අපට පෙන්වා දෙන ලද්දේ මැනවින් ස්ථාපිත බෞද්ධ සම්ප්‍රදායක් ක්‍රිස්තු පූර්ව 250 පමණ වන විට ඒ ප්‍රදේශවල පැවති බවයි. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර නොබෝ කලකින් ඒ තරම් දුෂ්කර රට අභ්‍යන්තරයට බුදුදහම පැතිරී ගොස් තදබල ලෙස ස්ථාපනය වුණා යැයි සිතීම තර්කානුකූල නොවන බවයි මගේ හැඟීම. කල්තොට ප්‍රදේශයේ තිබෙන ඇතැම් කටාරම් සහිත ගල්ගුහාවල සෙල්ලිපි කොටා නැහැ. ඒවා ඉතා පැරණි කාලයකට අයත් බව පෙනෙන්නේ එවැනි ඇතැම් ගල්ගුහාවල කටාරම් සහිත පියස්ස පවා කඩා වැටී තිබිම නිසයි. සෙල්ලිපි සහිත ගල්ගුහා වඩාත් නූතන බවක් පෙන්නුම් කරනවා. මා සිතන්නේ සෙල්ලිපි සහිත ගල්ගුහා අපේ රටේ සමාජ පරිණාම ඉතිහාසයේ වඩාත් මෑත කාලයකට අයත් විය හැකි බවයි. මේ අදහස තහවුරු කිරීමට විද්‍යාත්මක පරීක්ෂා කිරීම් මාලාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම එක් එක් ගුහාවල අභ්‍යන්තර ස්ථීර විකිරණශීලී ක්‍රම මගින් කාලනිර්ණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඒ සඳහා අප ඉදිරි කාලයේදී කටයුතු කිරීමට නියමිතයි.
  • ඔබ කියන මෙම ලෙන් හා බුදුදහම අතර සම්බන්ධයක් ඇතැයි කියන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් ගල් ලෙනක වැහි වතුර ඇතුළට නොයනු පිණිස එහි කටාරම් කොටන්නේ බෞද්ධ භික්ෂූන්ට පූජා කරන විටයි. මෙම ලෙන්වල ද ඒ ආකාරයෙන් කටාරම් කොටා තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඒ වගේම එම කටාරම් සහිත කොටස් කඩා වැටී තිබිමෙන් අපට පෙනී යන්නේ මෙම කටාරම් කොටා ඇත්තේ ඉතා පැරණි කාලයේදී බවයි. ඒ නිසා මෙම විහාර ලෙන් ඉතා පැරණි යුගයකට අයත් බව අපට අනුමාන කරන්න පුළුවන්.
  • මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැතිරී තිබිණි නම් එය සිදුවූ අයුරු පැහැදිලි කිරීම අවශ්‍යයි. ඒ සඳහා ඔබට යම් ප්‍රවේශයක් තිබෙනවාද?
ඒ සඳහා මහත් වෑයමක් දැරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වරාය තෙක් යාත්‍රා කළ ශ්‍රී ලාංකික නැවියන් ගැන ඒ ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් පර්යේෂණය කළ විද්වතුන් විසින් සඳහන් කරනු ලැබ තිබෙනවා. ඒ නිසා ඉන්දීය සාගරයේ යාත්‍රා කිරීමට අපේ රටේ වැසියන් බොහෝ ඈත කාලයක සිට පුරුදු වී සිටියා. ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ රචිත මෙරට ඇතැම් සෙල්ලිපිවල ඉන්දියාවේ භාරුකච්ඡ තොටුපළට යාත්‍රා කළ නාවිකයින් ගැන සඳහන් කර තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ වර්තමාන ගුජරාට් ප්‍රදේශයේයි. පැරණි භාරුකච්ඡ වරායේ සිට පාටලී පුත්‍ර නගරය දක්වා සෘජු මාවතක් තිබුණා. මෙවැනි වරායන් වෙත යාත්‍රා කළ ශ්‍රී ලාංකික නාවිකයින්ට බුදුදහම ගැන වැටහීමක් ලබා ගැනීම අපහසු දෙයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ පවා ඉන්දීය සාගරයේ වෙළෙඳ කටයුතුවලට සහභාගි වූ තපස්සු-භල්ලුක ආදී වෙළඳුන් ගැන අපට අසන්නට ලැබි තිබෙනවා. නිසැකයෙන්ම මෙරටට බුදු දහම පිළිබඳ අදහස් ගලා එන්නට ඇත්තේ මෙම වෙළෙඳ සම්බන්ධතා හරහායි. සමහර විට ඉන්දීය සම්භවයක් තිබෙන බෞද්ධ ස්වාමීන් වහන්සේලා සිය ධර්මප්‍රචාරක කටයුතු සඳහා වෙළෙඳ යාත්‍රාවල නැගී මෙරටට වැඩම කරන්නට ඇතැයි සිතීම නිරර්ථක අදහසක් නොවෙයි. අපට එහෙම සිතන්නට ඉඩ නොදෙන්නේ සම්මත ඉතිහාසය මගින් අපේ සිත් තුළ ස්ථීර කොට තිබෙන ආකල්පය නිසයි.
  • ඔබ පවසන පරිදි එවැනි බෞද්ධ සම්ප්‍රදායක් අපේ රටේ පැවතියේ නම් ඒ බව වංසකතාවලට ඇතුළත් නොවූයේ ඇයි?
මගේ කල්පනාවේ හැටියට එය ඇතුළත් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ බව ඓතිහාසික මූලාශ්‍ර පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම උන්වහන්සේ මෙරටට වැඩම කොට තිබෙන්නේ එක්කෝ මෙරට වාසය කළ යක්ෂයින්ගේ
ප්‍රශ්නයක් විසඳීමට. එසේත් නොවේ නම් නාගයින්ගේ ප්‍රශ්නයක් විසඳීමට. මේ යක්ෂ සහ නාග කියන නම්වලින් හඳුන්වා තිබෙන්නේ විජයාගමනයට පෙර මෙරට විසූ ස්වදේශික ප්‍රජාවයි. මෙවර ක්ෂේත්‍ර කටයුතුවලදී යක්ෂයින් විසින් කරවන ලද සෙල්ලිපියක් අපට සොයා ගත හැකි වුණා. ඉතා පැහැදිලි ලෙස ඔවුන් එම සෙල්ලිපියේ තමන්ගේ අනන්‍යතාව අකුරෙන්ම සඳහන් කර තිබෙනවා. නාග පරම්පරාවට අයත් සෙල්ලිපි රාශියක් ද දැනට ලංකාවේ කිහිප තැනකින්ම සොයා ගෙන තිබෙනවා. මෙම ස්වදේශික ප්‍රජාව බුදුදහම සමග දැක්වූ සබඳතාව මහාවංස කර්තෘවරයා දැන සිටියත් එය ප්‍රතිජානනාත්මක අර්ථයෙන් කීමට ඔහු උත්සාහ දරා නැහැ. එය මහාවංසය රචනා වූ සමයේ මේ රටේ තිබූ සමාජ - දේශපාලනික සංකථනයක ප්‍රතිඵලයක් විය හැකියි.
  • ප්‍රාග් මහින්දාගමන සමයේ බුදුදහම ප්‍රචලිත වීම සම්බන්ධයෙන් බලංගොඩ කල්තොට ප්‍රදේශය විශේෂ වන බව ඔබ විශ්වාස කරනවාද?
එය එසේ නොවෙයි. මේ රටේ කඳුකර ප්‍රදේශ බොහෝමයක මෙම පරිවර්තනය දකින්නට හැකි වෙතැයි මම විශ්වාස කරනවා. කල්තොට ප්‍රදේශය වැදගත් වන්නේ අපි දැනට ක්‍රමානුකූලව පරීක්ෂා කොට තිබෙන්නේ ඒ ප්‍රදේශය වන නිසායි.

- අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු,
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS