7.12.2014

බඩගිනි නගරය (Baddaginnie) - සිංහල බසින් කැන්ගරු දේශයට කුඩා දායකත්වයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ජනපදයේ පිහිටි කුඩා නගරයකට ඇත්තේ ඉතා අපූරු නමකි. සිංහල බස හා බැඳුනු නමකි. ඒ නගරයේ නම 'බඩගිනි' යන්න යි. 'බඩගිනි නගරය' Benella නම් නගරයේ Albury -Wodonga දුම්රිය මාර්ගයේ පිහිටා ඇත. 'බඩගිනි අතු ගංගාවෙන්' කිලෝමීටරයක් බටහිරට වන්නට ඇති වනාන්තරයෙන් තොර තැනිතලා බිමක එය පිහිටා ඇත. 2006 වර්ෂයේ සිදුකෙරුණු ජන සංගණනයට අනුව 'බඩගිනි නගරය' හා ඒ අවට ජනගහනයේ ප්‍රමාණය වූයේ 460ක් තරම් ඉතා කුඩා අගයකි.
ජායාරූප උපුටාගැන්ම mmg.com.au වෙබ් අඩවිය හා Google Maps අන්තර්ජාල සේවාව
බොහෝ දෙනෙක් මෙම නම ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබොයිජින්වරුන්ගේ භාෂාවෙන් ඇති වූ වචනයක් ලෙස සැලකුව ද ඊට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් ඇත්තේ නැත. 'බඩගිනි ' යන නම ඇති වීමට හේතු වී ඇත්තේ 1860 දසකයේදී මෙල්බන් හා සිඩ්නි යන නගර අතර ඉඳිකළ දුම්රිය මාර්ගයේ සේවයට ආ ශ්‍රී ලාංකීය දුම්රිය සේවකයන් ය. මෙම ප්‍රදේශයේ ඇති ජනප්‍රවාදයකට අනුව ජනපදිකයන්ට නියමිත සලාකයන් පැමිණීමට ප්‍රමාද වූ  නිසා ඔවුන් තමුන්ගේ කඳවුර 'බඩගිනි' යනුවෙන් නම් කර ඇත.   
  
Austraian Places නම් සඟරාව 'බඩගිනි නගරය' පිළිබඳව පහත දැක්වෙන සටහන උපුටා දක්වයි. ''බඩගිනි නගරය සඳහා වූ මෙම බිමෙහි මුල්වරට මිණුම් කටයුතු සිදු කරණු ලැබුවේ 1857 වර්ෂයේදී ය. මිනින්දෝරු තැන සිලෝනයේ දී තමන් අත්විඳි හැසිරීමක් නැතහොත් මුහුණේ ස්වභාවයක් පදනම් කරගෙන, එනම් මිණුම් කණ්ඩායම බඩගිනි නගරයට එනවිට ඔවුනට ආහාර නොතිබීම යන හේතුව පදනම් කරගෙන, මෙම නම ඇතිවන්නට ඇති බවට විශ්වාස කරනු ලැබේ. නගරයේ 1857 දී මැනීම් කටයුතු සිදුකල ද පදිංචි කිරීම් සිදුවූයේ මන්දගාමීව ය. අවසානයේ, තැපැල්හල විවෘත කරන ලද්දේ 1879 සැප්තැම්බර් 16 වෙනිදා ය."

Eighty Cub - The Newsletter of the Eighty Club Melbourne INC, onmydoorstep.com.au වෙබ් අඩවිය හාFederick Ludowyk ගේ A Simpistic Look at Related Languages යන ලිපිය ඇසුරිනි

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS