11.10.2011

මවකි නුඹ මට

මවකි
නුඹ මට.
මවකි
නුඹ මට.
නුඹ කුස
මා
දැරූ නිසාවෙන් නොවේ.
සියලූ දේ
මගෙන් ගත්
අන් අයට
පහන් සිත් දල්වන්න
කියාදී
ජීවිතය
මට යලිත්
ලබා දුන්
නිසාවෙනි,
ඒ.
මවකි
නුඹ මට.

11.03.2011

ගමන

හිතන්න එපා
රැවටෙයි කියලා මම
හිනාවුණාට යාන්තමට
කිසි දෙයක්
සිදු නොවූ විලසට
අද.
මතකයි
ගිලගත්තා
හැමදේම
දත් විලිස්සාගෙන
නැතිව
කිසිම කිසි අනුකම්පාවක්
දෙසැම්බර් විසි හය
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS