7.10.2016

පැරණි සිංහලයාගේ ලිංගික දැනුම ගැන කියනා 'කොටහළු යාගය'




(රූප අනුග්‍රහය -http://www.dailynews.lk/)

'"... අතීතයේදී ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණීමත් සමගින් ම හෝ ඊට ආසන්න කාලය තුළ දී ම හෝ ඇගේ විවාහ කටයුතු ද සිදු කෙරිණි. එහෙයින් දැරියගේ අනාගත දිවිය සඳහා අවැසි දැනුම හා අවබෝධය ඇය වෙත ලබාදීමට මෙම යාගය කදිම ලෙස උපයෝගී කරගෙන ඇති අන්දම පෙනේ.

සංකෘතිකමය හා සදාචාරයෙන් පෝෂණයලත් පැරණි ගැමි සමාජය ලිංගික කර්තව්‍ය සැලකුවේ අතිශයින් රහස්‍ය්යි ලෙසින් රැකගතයුතු දෙයක් වශයෙනි. ඒ අනුව එදා කාන්තාවනට එවැනි දෑ ඉගැනීමට ඇති මංපෙත් වැසී ගියේ ය. වැඩිහිටි පිරිස් සිය බාල පරම්පරාව සමඟ මෙවැනි විෂයයන් පිළිබඳව කතා කිරීම, සිය සාරධර්මයන්ට ගෝචර නොවන දේ ලෙස සැලකූහ. එහෙත් දරුවකු දැරීමට සුදුසු බවට පත් තරුණිය වෙත දරුවකු පිළිසින්දීමේ සිට බිහි කිරීම දක්වා වූ ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුත්තේ නුදුරු අනාගතයේදී ඉසිලීමට වන වගකීම් භාරයට ඈ සූදානම් කරවෙමට ය. ඒ සඳහා අවැසි අධ්‍යාපනය දැරිය වෙත ලබාදීම උදෙසා කොටහළු යාගය යොදාගෙන ඇති අන්දම අතිශයින් උපක්‍රමශීලී වේ.

තුන් දින ඇතුළත් රුධිරය දුටු     තැන
කම් රස විඳිමින් සතහට ලෙඩ     එන 
ඉන් දහසය දින තුළ දරු පල      දෙන
මින් මතුවට දරුවන් නොම උප   දින

යන පද්‍යයෙන් සාර්ථක විවාහ ජීවිතයක් උදෙසා ලිංගික ක්‍රියාවලියේ යෙදිය යුතු ආකාරය පැහැදිලිකර තිබේ. ඔසප් කාලය තුළදී රමණයේ යෙදීමෙන් රෝදුක් ඇතිවන බවත්, ඔසප් වීමෙන් දහසය වන දින දරු ගැබක් හටගත හැකි බවත්, ඉන් අනතුරුව ගර්භයක් පිහිටිය නොහැකි බවත් තත්ත්වාකාරයෙන් එසේ විස්තර වේ. ඒ අනුව ඉපැරණි ගැමි ජනතාව ලිංගික දේ පිළිබඳ විවෘත අන්දමින් කතා නොකළ ද ඔවුන් සතුව පැවති ලිංගික දැනුම මොනවට විදහා දැක්වේ. ඔවුන් සාර්ථක හා විද්‍යානුකූල ලෙසින් ස්වාභාවික දරු උපත් පාලනය යොදා ගෙන ඇති අන්දම මැනෙවින් නිරූපණය වන්නේ ය..." 

('ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද' - පී. ඇම්. සේනාරත්න)

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS