3.19.2011

සිල් සුවඳ මගෙ පුතුට

සංසාරෙන්
එතෙර වෙන්න
අ යනු ආ යනු කියනවා
මගේ පුතා
සුදට සුදේ
සුදු ඇඳගෙන.
ඔබේ පියා
මා නොවන්න
මගේ පුතා
ඔබ නොවන්නදකින්නට කෙළවරක්
මේ සංසාරේ
අ යනු  ආ යනු කියනවා
මගේ පුතා
සුදට සුදේ
සුදු ඇඳගෙන.
එරමිණියා
ගොතාගෙන
ඇස දල්වා
අතන
මෙතන
පුන් සඳ පරයන
මුහුණ දල්වගෙන
අ යනු  ආ යනු කියනවා
මගේ පුතා
සංසාරෙන්
එතෙර වෙන්න,
හමද්දී සිල් සුවඳ
වැලි මළුව පුරාවට.


 
BLOG TEMPLATE BY DESIGNER BLOGS