1.18.2010

මිතුරෝ

සැබෑවටම
එක් දිනකින්
මෝදුවන නව දල්ල
මට ඉගිකරයි.
අද දවසේ දකුණට හැරවුනු අතු
හෙට දවසේ
වමට හැරෙන බව
මට නිසැකය.
ගහ මුදුනේ
එක් පැත්තක්
ඵලෙන් බර වුවත්
අනෙක් පැත්ත
එසේ නොවන්නේ මන්දැයි
මට දැනේ.
මා අවට ඇති
ගහකොළ
මා
උමතු කරයි,
කාලය ගෙවෙනවා
නොදැනෙනා තරමට
මා උමතු කරයි

1.14.2010

විශ්වයේ රහස

මේ මහා විශ්වයේ
අංශුවක්,
අංශු මාත්‍රයක්
ඔබ.
සැහැල්ලු දිවියේ
රහස
දැනගැන්ම එය.
රාත්‍රී අහස දෙස බලන්න
තරු අතරේ අතරමං වෙන්න
ජීවත්වීමේ අරුත
ජීවත්වීමේ රහස
එහි ලියවී ඇත,
එය දැනගන්න.
අනේක තරු දිලෙනා
මන්දාකිනියේ
අතරමං වෙන්න.
වැටහී යනු ඇත
කොතරම් ඔබ
කුඩාද යනවග.
ගෙවාදමූ කාලය
ගවා දැමූ බව.
ඉතිරිව ඇති කාලය
කොතරම් කුඩාද යන වග,
වැටහෙනු ඇත.
ගහට කොළට
ආදරය කිරීමට
සැහැල්ලුවෙන් ඉදීමට
ඔබට සිතෙනු ඇත,
එය ඔබ
ඉගෙනගනු ඇත.
අත්දුටුවයි.
ප්‍රත්‍යක්ෂයි

1.04.2010

මරණ තුන

අතෙකින් විභාගය
අතෙකින් රස්සාව
අතෙකින් විවාහය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑහ.
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS