5.19.2015

let me tell you a photo story

a floating boat ..... to see. 
හුදෙකලා..... ඔරුවක් ? පාරුවක් ?

a boat ..... to pull. 
..... මිනිසෙක්.....

a flowering boat ..... to smile. 
හිනැහෙන.....මල් ගොඩක්.

a journey ..... heading home.
ගෙදර යන ගමන්.....

a whole load ..... being piled up. 
බරට බරේ.....මහ ගොඩක්.....

a whole load ..... to carry. 
කර මතින්..... පරිස්සමට.....

a whole load ..... to carry.
කර මතින්..... පරිස්සමට.....
an unusual place ..... to await. 
..... නුපුරුදු තැනක තාවකාලික නැවතුමක්.

5.02.2015

Happy Hippies (A picture tour to their origin)


In the 1960’s and 1970’s, a group women who were discontent with society and men who, upon returning form the Vietnam War, were unwelcome guests in their own country, decided to do something about their dissatisfaction. It probably sounds familiar: lots of college students and no good jobs, no equal rights in society, and raging segregation and inequality.


These problems birthed the hippie movement, and along with that movement came communes. Communes were basically living spaces and villages where like-minded people lived a more agrarian lifestyle away from the madness that was the United States of America. They were able to explore their minds and their souls. As University of Kansas professor Timothy Miller put it, “reason had run its course; now it was time to return to the mystical and intuitional…the hippies rejected the industrial for the agrarian, the plastic for the natural, the synthetic for the organic.”


Each commune was different. Some were extremely religious, others secular and more involved with the Earth. There was some drug use while others were strictly sober. Each commune had its own culture. One of the strangest communes was the Source Family. The Source Family was founded by spiritual leader Ed Baker, better known as Father Yod. The family was entrepreneurial. They opened the first vegetarian restaurant in Los Angeles. They became known for their unusual living style, long hair, and bears. Father Yod died in 1977 in a hand-gliding accident. The Source Family fell apart soon after.


These are some of the amazing photos of hippie communes and the Source Family.



“If I could go back, I would go back this second,” said David Pearson, a surfer who moved to Taylor Camp in 1972. He's 67 now, and a retired school teacher. “I can’t imagine anything more pristine and beautiful than the life I had there. It was the single most defining experience of my life.” Source: Messy Nessy Chic

Photography by John Olsen. Source: Fans In A Flashbulb

Clothing was highly optional at Taylor Camp. 
Source: Messy Nessy Chic

Taylor Camp had few amenities and no electricity. 
Source: Messy Nessy Chic

Photography by John Olsen. Source: Fans In A Flashbulb
Tent-dwelling hippie Family of the Mystic Arts commune Bray family reading bedtime stories, with father Ron (former bank computer programmer) mother Nancy (Radcliffe grad) and 4 kids. Sunny Valley, Oregon 1969. (Photographer: John Olson)

Hippies on a school bus. 
Source: My Web


Photography by Sara Davidson

With the rise of Hawaii's tourism industry, the government cracked down on Taylor camp. In 1977 the land was seized by the government, the village was burned to the ground, and the entire area was turned into Na Pali State Park. 
Source: Messy Nessy Chic

The Farm still exists today with about 170 members. 
Source: The Atlantic

In the early days of the commune, Farm members took serious vows of poverty. They owned few possessions, use no artificial birth control, alcohol, tobacco, animal products, or--and this was unusual for communes--no man-made psychotropics (LSD). Source: Steven War Ran

They built their beach front tree houses out of anything they could find: bamboo, scrap lumber, and salvaged materials. Source: Messy Nessy Chic

They lived off of the land (and food stamps). 
Source: Messy Nessy Chic

The commune was founded by 13 hippies who, tired of the Vietnam war and constant police brutality of the mainland, fled to this island paradise. Source: Messy Nessy Chic

Taylor Camp was a sanctuary for Vietnam veterans who wanted to escape the stresses of ever day life. 
Source: Messy Nessy Chic

Taylor Camp was a tropical ocean-front utopia in Hawaii without rules, politics, or bills to pay. 
Source: Messy Nessy Chic


One of the most interesting (and strangest) communes to come out of the 70s was the Source Family. 
Source: Messy Nessy Chic

The Source Family was the brainchild WWII  martial arts expert turned Hollywood restauranteur turned spiritual leader, Ed Baker, or Father Yod, as he preferred to be called. 
Source: Messy Nessy Chic
Father Yod was not a young man, and he had 13 youthful, beautiful wives. His pervy behavior drew some serious criticism. Source: Messy Nessy Chic

The women of the Source Family outside their Hollywood Hills home. Source: Messy Nessy Chic

Since he had 13 wives, Father Yod also had many children. 
Source: Messy Nessy Chic
The Source Family Band practiced every morning at 3AM. Together they recorded more than 60 limited-pressing records of psychedelic rock chants and prayers. Source: Messy Nessy Chic

Father Yod died in a freak hand-gliding accident in 1977 in Hawaii. The Source Family fell apart soon after his death. Source: Messy Nessy Chic

Original letter - 'Eye Opening Images Of One Of America’s Hippy Communes'
Other Sources - Meet The New Aquarians : Society’s Dropouts

                          48 Eye-Opening Photos Of America’s 1970s Hippie Communes

හැපියෙන් සිටින හිපියන්ගේ ඉතිහාසයෙන් බිඳක් (පින්තූර කතාවක්)

1960 හා 1970 දශකයන්වලදී සමාජය සමඟ අතෘතිමත් වූ කාන්තාවන් පිරිසක් සහ වියට්නාම යුද්ධයෙන් පෙරළා පැමිණි පිරිමින් පිරිසක් ඔවුන්ගේ ම දේශය (ඇමරිකා එක්සත් ජනපදය) විසින් සාදරයෙන් පිළිනොගත් අමුත්තන් බවට පත්වූ නිසාවෙන්, ඊට තම අසතුට ප්‍රකාශ කිරීම සඳහා යමක් කිරීමට සිතා ගත්තේ ය. බොහෝ විද්‍යාල සිසුන් හා රැකියා විරහිත පිරිස්වල ද සමාජයේ සමාන අයිතිවාසිකම් නොලත් පිරිස්වල ද කොන්කිරීම හා අසමතාව නිසා සමච්චලයට පත්වූ පිරිස්වල ද අවදානය ඊට ලැබිණි.

1972 දී Taylor Camp වෙත පැමිණි රළ මත ලිස්සා යන්නෙක් වන David Pearson 'මට නැවත යා හැකි නම්, මේ මොහොතේ ම මම පිටත් වන්නෙමි' යැයි පවසයි. මේ වන විට 67වන වියේ පසුවන ඔහු විශ්‍රාමික ගුරුවරයෙකි. 'එහි මා ගත කළ ජීවිතය තරම් වඩාත් නැවුම් හා ලස්සන ජීවිතයක් ගැන මට සිතා ගත නොහැක. මාගේ ජිවිතයේ ඉතාමත් අර්ථ සම්පන්න අත්දැකීම වන්නේ එයයි. ' ඡායාරූප - Messy Nessy Chic


මෙම  ගැටළු හිපි ව්‍යායාපාරයේ ආරම්භය වූ අතර ඒ සමඟින් ම ප්‍රජා කොට්ඨාස ද ඇති විය. මෙම ප්‍රජා  කොට්ඨාස වූ කලී,  ඇමරිකා එක්සත් ජනපදයේ පැවති වියරු බවින් මිදී, මූලික වශයෙන් ම එක හා සමාන අදහස් ඇති මිනිසුන් වඩාත් කෘෂිකාර්මික අංශයට නැඹුරු වූ දිවිපෙවතක් ගෙවූ ජනයා ජීවත්වන ප්‍රදේශ හා ගම්මාන විය.

ඔවුනට තමුන්ගේ  විශ්වාසයන් හා ආත්මයන් පිළිබඳව වඩාත් හොඳින් ගවේෂණය කිරීමට හැකියාව ලැබිණ. කැන්සාස් (Kansas) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තොමොති මිලර් (Timothy Miller) පවසනා ආකාරයට "...ඊට හේතු වූ දේ විසින් එය මෙහෙයවනු ලැබ ඇත. වර්තමානයේ මේ එළැඹ ඇත්තේ ගුප්තමය  මෙන්ම අන්තර්ඥාමය ... වෙත නැවත ගමන් කිරීමේ කාලයයි... හිපියන් ගොවිකම වෙනුවෙන් කාර්මීකරණය ද, ස්වභාවික දේ වෙනුවෙන් ප්ලාස්ටික් ද, කාබනික දේ වෙනුවෙන් කෘතීම දේ ද ප්‍රතික්ෂේප කර ඇත."

මෙකී සෑම ප්‍රජා කොට්ඨාසයක් ම එකිනෙකට වෙනස් විය. සමහරුන් අතිශයින් ම ආගමානුකුල වූ අතර  සමහරුන් වඩාත් ලෞකික මෙන් ම පොළොව සමඟ වඩාත් බැඳී සිටියේ ය. සමහරුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු දිවියක් ගෙවූ අතර වෙනත් අය මත්නොවූ තදින් ම සන්සුන් බවේ ඇලීගැලී සිටියේ ය. ඒ එක් එක් ප්‍රජා කොට්ඨාසයකට ම ඔවුනට කියා වෙන ම ආගමික මාධ්‍යස්ථානයක් හෙවත් පල්ලියක් විය. 'මූලාශ්‍ර  කුටුම්භය' හෙවත් Source Family නමින් හැඳින් වූ ප්‍රජා කොට්ඨාසය මේ අතරින් වඩාත් පුදුමසහගත ප්‍රජා කොට්ඨාසය වූයේ ය. 'මූලාශ්‍ර කුටුම්භ' ආරම්භ කරන ලද්දේ අධ්‍යාත්මික නායක Ed Baker විසිනි. ඔහු වඩාත් ප්‍රරසිද්ධියට පත්ව සිටියේ Father Yod යන නමිනි.

මෙම කුටුම්භය ව්‍යාවසායකයින්ගෙන් සමන්විත විය. ලොස් ඇන්ජලීස් හි ප්‍රථම නිර්මාංශ අවන්හල ආරම්භ කරන ලද්දේ ඔවුන් විසිනි. අසාමාන්‍ය ජීවන රටාව, දිගු හිසකේ හා රැවුල් හේතුවෙන් ඔවුන් වඩාත් ප්‍රසිද්ධියට පත් විය. පාදයෙන් ක්‍රියාකරන සැහැල්ලු ගුවන් යාන අනතුරකින් Father Yod 1977 දී මිය ගියේ ය. ඒ සමඟම 'මූලාශ්‍ර කුටුම්භය' කොටස්වලට කැඩී ගියේ ය.

පහත දැක්වෙන්නේ 1960 හා 1970 දශකවලදී හිපි සමාජයේ පැවැත්ම ද 'මූලාශ්‍ර කුටුම්භය' විසිරී යාමට පෙර එහි ස්වාභාවය ද පෙන්වා දෙන අපූරු ඡායාරූප සමූහයකි.

ඡායාරූප - Fans In A Flashbulb  (ඡායාරූශිල්පී - John Olsen)

Taylor Camp හි දී ඇඳුම් භාවිතය තම සිතැඟි පරිදි තීරණය කිරීමට හැකි විය. ඡායාරූප - Messy Nessy Chic

Taylor Camp හි පැවතියේ ඉතා අඩු පහසුකම් ප්‍රමාණයකි. විදුලිය නොවීය. ඡායාරූප - Messy Nessy Chic


ඡායාරූප - Fans In A Flashbulb (ඡායාරූශිල්පී - John Olsen)

කූඩාරම් දිවියක් ගෙවනා කලින් බැංකු පරිගණක විශේෂඥයෙක් වූ රොන් නම් පියා හා නැන්සි නම් මව රාත්‍රී නින්දට පෙර තම දරුවන්ට කතන්දර කියා දෙන අවස්ථාවක්. 1969 දී Sunny Valley හි Oregon පළාත. ඡායාරූප - LIFE සගරාව John Olson විසින් ගන්නා ලදී

පාසැල් බසයක නැග ඉන්නා හිපි සාමාජිකයින්. ඡායාරූප - My Web

ඡායාරූප - Sara Davidson

හවායි හි සංචාරක ව්‍යාපාරයේ නැගීමත් සමඟ රජය විසින් Taylor  Camp එක ඉවත් කරන ලදී. 1977 දී රජය විසින් එම භූමිය අල්ලාගෙන ගම්මානය ගිනි තබා විනාශ කළේය. මුළු ප්‍රදේශයම Na Pali ජනපද උද්‍යානය බවට පත් කරන ලදී. ඡායාරූප - Messy Nessy Chic

සාමාජිකයින් 170 සමන්විතව ගොවිපළ අද දවසේ ද ක්‍රියාත්මක වේ. ඡායාරූප -  The Atlantic

මුල් කාලයේ දී ප්‍රජා කොට්ඨාසයේ, ගොවිපල් සාමාජිකයින් ඉතා දැඩිව 'දුගීබවේ පොරොන්දු දුන්නේය'. ඔවුන් සතු වූ දේඉතා සීමා සහිත විය. කෘතීම උපත් පාලන ක්‍රම,  මද්‍යසාර, දුම්කොළ, සත්ව නිෂ්පාදන භාවිතා නොකළ අතර මෙය ඉතා අසාමාන්‍ය මානසික තත්ත්වයක් විය. ඡායාරූප -  Steven War Ran

ඔවුන් උණබට, ඉවතලන සුන්බුන්, වෙරළට පා වී ආ නොයෙක් අමුද්‍රව්‍ය වැනි තමන්ට සොයාගත හැකි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් වෙරළේ පිහිටි ගස්මත තම නිවාස සාදා ගත්තේය. ඡායාරූප - Messy Nessy Chic


ඔවුන් ප්‍රධාන භූමියෙන් (මෙන්ම ආහාර සලාකවලින් ද) වෙන්ව ජීවත් විය. ඡායාරූප - Messy Nessy Chic

හිපියන් සාමාජිකයින් 13 දෙනෙකු විසින් ප්‍රජා කොට්ඨාසය පිහිටුවන ලදී. වියට්නාම යුද්ධය හා ප්‍රධාන භුමියේ පැවති නොනවතින පොලිස් කෲරත්වය හේතුවෙන් හෙම්බත්වී සිටි ඔවුන් පාරාදීසයක් වැනි මෙම දූපතට පැන ආවේය. ඡායාරූප - Messy Nessy Chic


පැරණි වියට්නාමිකයින්ට එදිනෙදා දිවියේ පැවති ආතතියෙන් මිඳීම සඳහා Taylor Camp ක්‍ෂේමභූමියක් විය. ඡායාරූප - Messy Nessy Chic

නීතිරීති, දේශපාලනය හා ගෙවීම් කළ යුතු නොයෙක් වර්ගයේ බිල් වර්ග නැති හවායි හි Taylor Camp නවාතැන, නිවර්තන කළාපීය සමුද්‍රය ඉදිරියේ පිහිටි මනෝරාජ්‍යයක් විය. ඡායාරූප - Messy Nessy Chic


70 දශකයේදී කරලියට ආ එක් වඩාත් සිත්ගන්නා සුළු මෙන් ම පුදුමසහගත ප්‍රජා කොට්ඨාසය වූයේ 'මූලාශ්‍ර කුටුම්භය' හෙවත් Source Family වේ. ඡායාරූප - Messy Nessy Chic

Source Family හෙවත් 'මූලාශ්‍ර කුටුම්භය' හි නිර්මාතෘ, සටන් කලා ශිල්පී, හොලිවුඩ් හි අවන්හල්කරු, අධ්‍යාත්මික නායක, තමා විසින් Father Yod හඳුන්වනු ලබන දැකීමට කැමැත්ත පළ කළ Ed Baker. ඡායාරූප - Messy Nessy Chic
Father Yod තරුණයෙක් නොවීන. ඔහුට සිටි තරුණ, ලස්සන බිරියන්ගේ ගණන 13 කි. ඔහුගේ මෙම කාමයෙහි ඇළුණ ස්වභාවය ඉතා බරපතල විවේචනය ගෙන ආවේය. ඡායාරූප - Messy Nessy Chic


Source Family කාන්තාවන් Hollywood Hills හි පිහිටි තම නිවාස ඉදිරියේ සිටිනා අවස්ථාවක්. ඡායාරූප - Messy Nessy Chic

බිරියන් 13 දෙනෙකු සිටි Father Yodට බොහෝ දරුවන් සංක්‍යාවක් ද සිටියේ ය. ඡායාරූප - Messy Nessy Chic
Source Family සංගීත කණ්ඩායම සෑම උදෑසනකම 3වන විට පුහුණුවීම් ආරම්භ කළේය. රොක් සංගීතය මුසු  අධි චිත්තවේගී ගීත හා යාතිකා 60 වඩා ඔවුන් විසින් නිර්මාණය කළේය. ඡායාරූප - Messy Nessy Chic


Father Yodගේ දේහය අසල නිදිවැරීම. ඡායාරූප - Isis Aquarian

ප්‍රධාන මූලාශ්‍රය - 'Higher Perspective' නම් වෙබ් අඩවියේ පළ වූ' Eye Opening Images Of One Of America’s Hippy Communes' නම් ලිපියේ පරිවර්තනය
වෙනත් මූලාශ්‍ර - Meet The New Aquarians : Society’s Dropouts: 48 
                            Eye-Opening Photos Of America’s 1970s Hippie Communes
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS