11.14.2014

මිනී අළු මගින් දියමන්ති නිපදවයි!!!

 

ස්විස්ටර්ලන්තයේ Chur නගරයේ මූලස්ථානය පිහිටා ඇති Algordanza ආයතනය ආරම්භ කරන ලද්දේ 2004 වසර තරම් මෑත භාගයේ වුවද, එය, මිනිස් සිරුරු ආදාහනය කිරීමේ නව ක්‍රමෝපායක් ලොවට හඳුන්වාදීමේ පුරෝගාමී හා දිගු අනාගත දැක්මක් ඇති ආයතනයක් ලෙසින් ලොව පරසිඳු වී ඇත. රුසියානු තාක්ෂණික ක්‍රම වේදයක් භාවිතා කරමින්, Algordanza ආයතනය, මියගිය අප ආදරණීයන්ගේ සිරුරේ අළු අද්විතීය දියමන්ති බවට පත්කරලීමේ ව්‍යාපාරයේ යෙදී සිටී.


මිනිස් සිරුරේ 18% පමණ කාබන් අඩංගු වේ. ආදාහනයෙන් පසුව මින් 2% පමණ ප්‍රමාණයක් ඉතිරිවන අතර Algordanza ආයතනය දියමන්ති නිපදවීම සඳහා යොදාගන්නේ මෙම කාබන් වේ.


ආයතනය ප්‍රකාශ කරන ආකාරයට, Algordanza අනුස්මරණීය දියමන්ති, යම් ආදරණීය පුද්ගලයෙකුගේ පුද්ගලායනය කරන ලද සැමරුම් වේ. එකිනෙකා අතර වන සමීපබව දක්වන සංකේතයක් වේ. මියගිය ආදරවන්ත අයෙකු අනුස්මරණ කිරීමේදී ඔහු හෝ ඇය නිසා ශෝකවන්නන් සඳහා වන වඩාත් පෞද්ගලිකවූ ද වඩාත් සුන්දරවූ ද ක්‍රියා මාර්ගය වේ.


දකුණුදිග ස්විස්ටර්ලන්තය හා උතුරුදිග ඉතාලිය අතර හමුවන රෝමානු උප භාෂාවකට අනුව Algordanza යන පදයේ අර්ථය වන්නේ ද 'අනුස්මරණය' යන්න වේ.


Algordanza ආයතනය මගින් නිපදවනු ලබන මෙම අනුස්මරණීය දියමන්ති අතිශයින්ම අසමසම වන අතර කිසිඳු ආකාරයේ ආකලනයන් හා සම්මිශ්‍රරණයන්ගෙන් තොරව, භාරදෙනු ලැබූ අදාහන අළු මගින් පමණක් ම නිපදවනු ලැබේ. දියමන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක් ම වාර්තා කොට තබාගන්න අතර දියමන්ති නිපදවීමට භාවිතා කළ අළුවල අඩංගු රසායනිකයන් විශ්ලේෂණයන් විස්තර කෙරෙනා සහතිකයක් ද නිකුත් කරනු ලැබේ.


විවිධ හුරුපුරුදු හා පාරිසරික බලපෑම් ආදිය හේතුවෙන් අප අතරේ වන සෑම පුද්ගලයෙකු ම එකිනෙකාගෙන් වෙනස් වේ. අද්විතීය වේ. මෙම හේතූන්, අළුවල පවතිනා සංයුතිය කෙරෙහි ද ඉතා තදින් බලපෑම් කරනු ලබයි. අනුස්මරණීය දියමන්තියක්, එබැවින්, ඉතා අයස්කාන්ත දීප්තියෙන් යුක්ත වේ. ස්වේත වර්ණය දැරුව ද, අළුවලින් ලබා ගන්නා කාබන්හි අඩංගු බෝරෝන් සංඝටක ප්‍රමාණය අනුව, දියමන්තියේ වර්ණය එකිනෙකට වෙනස් වේ. එක හා සමාන මනුෂ්‍යයන් දෙදෙනෙකු ජීවත් නොවන්නා සේ එක හා සමාන දියමන්ති දෙකක් ද හමුවන්නේ නැත. 



දියමන්ති නිපදවීමේ ක්‍රියාවලිය පහත ආකාර ගනී.


භාවිත සංශ්ලේෂණ පහසුකම මගින් මෙකී අද්වීතීය දියමන්ති නිපදවනු ලබන්නේ සැබෑ බල මුසුවක් ලෙසිනි. දියමන්ති නිපදවීමේදී එය එහි උපරිමයට ලඟා වේ. සෙල්සියස් අංශක 2500 තෙක් වන තාපයක් හා හතරැස් අඟලට රාත්තල් 870,000 පමණ ඉහළ අසීමිත පීඩනක් ජනිත කරලීමේ හැකියාවක් යන්ත්‍රය සතු වේ. තාක්ෂණික භාවිතයට අනුව පවසන්නේ නම්, මෙම ක්‍රියාවලිය HPHT (High Pressure/High Temperature - දැඩි තෙරපුම/දැඩි උෂ්ණත්වය) ලෙස හැඳින්විය හැක. මෙය ස්ඵටික හෙවත් පලිඟු සංශ්ලේෂණයක් වේ.


නිෂ්පාදනයේ පළමු පියවර වන්නේ, රසායනික සහ භෞතික ක්‍රමවේදයකට අනුව යමින්, විවිධ පොටෑසියම් (යවකාර ලුණු) හා කැල්සියම් (හුණුවල අඩංගු මූලද්‍රව්‍ය) සංයෝගයන් (මෙය අළු පරිමාවෙන් 85% පමණ වේ) කාබන් වෙතින් වෙන්කර ගැනීම යි. මෙම ක්‍රියාවලියේදී ලුණු ද්‍රව්‍යකරණය කිරීම, රසායනික විච්ජේදනයට පත් කිරීම, නිෂ්ක්‍රීය වායූන් සමගින් මිශ්‍ර කිරීම හා ඉන් පසුව අභිනවයෙන් දවා ගනු ලැබීම කරනු ලබයි. විශේෂයෙන් ගොඩනැඟූ එකී සංශ්ලේෂණ පහසුකම තුළ, මෙම ක්‍රමයට අනුව ලබාගත්තා වූ කාබන් ඉනික්බිතිව සිදුවන සංශ්ලේෂණ  සඳහා යොදාගනු ලැබේ. අපේක්ෂිත පාෂාණයේ ප්‍රමාණය හෙවත් බර මත, ලබාගත් මෙකී කාබන්, සති ගණනාවක් පුරාවට දැඩි පීඩනයට හා උෂ්ණත්වයට අනාවරණය කර තබනු ලබයි. පරමාණුවෙන් පරමාණුව දියමන්ති වැඩීම මෙලෙසින් සිදු වේ.

 

සංශ්ලේෂණ සඳහා අදාහනයේ සියළු අළු භාවිතයට ගත හැකි වුවත් GR 500 ප්‍රමාණයේ අදාහන අළු  මූලික වශයෙන් ප්‍රමාණවත් වේ -  මේ මත බලාපොරොතු වන දියමන්තියේ බර තීරණය වේ. නිපදවීමේ  ක්‍රියාවලියේ ඉතිරිවන අවශේෂ, මනා පාලනයෙන් යුතුව හැසිරවිය හැකි නිසාවෙන් එක් දියමන්තියකට වඩා නිපදවා ගත හැකි ය.


සාමාන්‍යය තත්ත්වයන්ට අනුව, ක්‍රියාවලිය සඳහා යොදා නොගන්නා අදාහන අළු පුනෑව හෙවත් කොතලයක දමා වළදැමීම සඳහා හෝ විසිරුවා හැරීම රඳවාගත හැකි ය. මෙකී කුමන අවස්ථාවක් සඳහා හෝ, ශෝකවන්නන්ගේ ඉල්ලීම් මෙන් ම මියගිය අයගේ අවසන් කැමැත්ත යන කාරණා සැලකිල්ලට ගනු ලබ යි.


අවසානයේදී, නිමනොකළ දියමන්ති, අභිමත හැඩය හා බර අනුව කපා ඔප මට්ටම් කරනු ලැබේ. කරන්නා වූ ඉල්ලීමට අනුව, ලේසර් අභිලේඛන ක්‍රමෝපායක් අනුව මෙකී අනුස්මරණීය දියමන්ති මත ඒ ඒ පුද්ගල නාමයන් ලියවා දීමේ හැකියාව ද ඇත.


ඔබගේ අනුස්මරණීය දියමන්තිය ඔබහට ලබා දෙන්නේ ඉතා විශිෂ්ට දැව පෙට්ටියක දැමීමෙන් අනතුරුව ය.  අවශ්‍යවන්නේ නම් එයට කළු පැහැති ග්‍රැනයිට් පාෂාණ පාදමක් දමා සකස්කර දීම ද කළ හැකි ය

.

Algordanza නියෝජිතයෙකු පෞද්ගලිකවම පැමිණ දියමන්තිය ඔබහට බාරදෙනු ලබන අතර අවශ්‍යය වන්නේ නම් එය ඔබගේ පෞද්ගලික විධිවිධානයකට අනුව ද කරවාදිය හැක.


සෑම ඇණවුමක්ම උපරිම සැලකිල්ල හා උද්‍යෝගය මත සිදුකරනු ලබන අතර ශෝකවන්නන්ගේ ගෞරවය අපහට ඉතා වැදගත් වේ.


නිපදවනු ලබන කුඩා දියමන්තිවල මිල ආරම්භ වන්නේ සුවිස්ටර්ලන්ත මුදලින් 4,259 (ඇ.ඩො. 4,474) වන අතර ඊට අමතර සේවාවන් අයත් නොවේ.


Algordanza ආයතනය ප්‍රංශය, චෙක් රාජ්‍යය, පින්ලන්තය, ජර්මනිය, හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, ලිස්චන්ටයිනය, පෘතුගාලය, රොමේනියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, කැනඩාව, මැක්සිකෝ රාජ්‍යය, ඇමෙරිකාව, හොන්කොන්, ඉන්දුනීසියාව, ජපානය, සිංගප්පූරුව හා තායිලන්තය ආදී රටවල් 21 ව්‍යාප්තව පවතී.


දියමන්ති නිපදවන යන්ත්‍ර. (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


දියමන්ති නිපදවන යන්ත්‍ර. දියමන්ති නිපදවීම සඳහා අවශ්‍යවන අසීමිත පීඩනයට සඳහා මේ සියලුම යන්ත්‍ර අත්‍යවශ්‍යම වේ.  (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)

අළුවලින් වෙන්කොටගත් කාබන් (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


අනුස්මරණීය දියමන්ති වර්ධන අවදියේ දී දිස්වන්නේ මේ ආකාරයෙනි. 
 (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)



(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)

(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


මුලාශ්‍ර - Algordanza නිළ වෙබ් අඩවිය, Algordanza Facebook පිටුව, boredpanda වෙබ් අඩවිය, nodutulokaya වෙබ් අඩවිය






No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS