7.20.2014

සැනසිල්ල

එළිය වැටෙද්දී

හතර වටින්,

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

එකක් දෙකක් නොවේ

මහ ගොඩක්,

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

නෙතට නුහුරු කදුළු බිංදු

පැදුරට මුහු කරන්න

විදිහක් නෑ

කොහෙත් ම,

පිරිත් ඇහෙනවා

රේඩියෝ එකේ.

නිදාගත්තා

අනෙත් පැත්ත හැරිලා.

යටලීයෙන්

නාරිලතා මල් පූදිනවා.

1 comment:

  1. මෙය කිසිවෙකුට නැහැයි කිව නොහැකියි.

    ReplyDelete

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS