2.16.2015

මෛත්‍රී බුදුන්වහන්සේ යනු අල්ලා දෙවියන්ගේ දූතයෙකු යැයි ඉස්ලාම් පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ මෙන්ම ප්‍රසිද්ධ දේශක දොස්තර Zakir Naik පසවයි

 ලෝකයේ ආගම් මහ ගොඩකි. සාමාන්‍ය භාවිතයේදී බුදුදහම ආගමක් ලෙස හඳුන්වයි. නමුත් එය ආගමක් නොවේ. ජීවන ක්‍රමයකි. බටහිර ලෝකය එය දර්ශනයක් ලෙස හඳුන්වයි. මැවුම්කාර දෙවියෙකු ඇත කියා පිළිගන්නේ නැති ලොව ඇති එක ම දහම බුදුන්වහන්සේගේ දහමයි. වෙනත් සියළුම ආගම්, මැවුම්කාර දෙවියෙකු ගැන උගන්වයි. බුදුදහම එසේ නොකරයි. ලොව ඇති එකම අදේවවාදී දහම වන්නේ බුදු දහම යි. 'සතර මහා භූතයන් මත ම ලෝකය ඇතිවේ' කියා බුදුදහම උගන්වයි. දේව මැවීම උගන්වන්නේ නැත. දේව ආගම්වල එන දෙවියන්ගේ දඩුවම හා ත්‍යාගය වෙනුවට හේතු එලය ම දේශනා කරයි. පිටකයන්හී, බුදුන්වහන්සේ විසින් ම මහාබ්‍රාහ්ම මැවීම, හෙවත් ඒක දේව සංකල්පය, ප්‍රතික්ෂේප කළ අවස්ථා ගණනාවකි.

වෙනත් ආගම් විසින්, බුදු දහමේ හා බෞද්ධ සංකෘතියේ ඇති බොහෝ දේ වෙනස් කළ හා පැහැරගත් අවස්ථා මහ ගොඩක් ඉතිහාසයේ ඇත (ලිපිය දීර්ඝ වන නිසා නොලියමි). එහෙත් මෙවැනි කොල්ලකෑමක්, අපහාසයක් මින් පෙර දැක නැත!!!.

මේ පුද්ගලයා පිළිකුල් සහගත ලෙස තමුන්ගේ ආගමටත් අපහාස කරයි.

තමුන් විශ්වාස කරන ආගමේ උගන්වන්නේ නැති දෙයක් ඇත කියා මිනිසුන්ට බොරු කියයි.

ආගමක් නොවන 'ජීවන ක්‍රමයක්' වන අදේවවාදී බුද්ධ වචනය තමුන්ගේ කර ගනිමින් හිරිකිතයක් නැතිව බොරු කියයි.

අනාගත මෛත්‍රී බුදුන් ගැන මේ පුද්ගලයා දන්නේ මොනවා ද?

බෝධිසත්ත්වයා කියන්නේ කවුරු කියා මේ පුද්ගලයා දන්නේ මොනවා ද?

බුද්ධ වචනය මේ අයුරින් වෙනස් කරන්නේ ඇයි? එයට අපහාස කරන්නේ ඇයි? එය තමුන්ගේ වාසියට හරවා ගන්නේ ඇයි?

මහා බොරු කියනා මේ  පුද්ගලයාගේ බෙල්ලට බෞද්ධයෝ කොටන්නේ නැති බව ඔහු දන්නා නිසා ද? තම දහම වෙනුවෙන්වත් බෞද්ධයා එවැන්නක් කරන්නේ නැති බව, එවැන්නක් කිරීම බෞද්ධකමට සුදුසු නැති කියා බෞද්ධයෝ සිතනා බව මේ පුද්ගලයා දන්නා නිසා ද?

දහම ප්‍රචාරය වෙනුවෙන් ලේ සෙලවීමක් නොකළ ලොව ඇති එකම දර්ශනය බුදු දහම යි (ඒ බව නොදන්නා අයට ඉහිහාසය කියවිය හැක). තමුන්ගේ ආරාම, ධර්ම පොත්, සංඝයාවහන්සේ, ගිහි බෞද්ධයන් විනාශ කරද්දීත් ඉවසා සිටියේ බෞද්ධයායි. මේ පුද්ගලයා ද  ඒ බව  හොඳින් දන්නා බව පෙනේ.

මොහු  බුද්ධ වචනය කියවා ඇති  බව පෙනේ. නමුත්, ඒ තමුන්ගේ වාසියට ගන්නේ කුමක් ද කියා සෙවීමට මිස බුදුන් වහන්සේගේ වචන කුමක් ද යන්න සෙවීමට නොවන බව ද පැහැදිළිව ම පෙනේ.

මොහු විශ්වාස කරනා ආගම් නායකයාට වසර දහසකට පෙර, බුදුන්වහන්සේ කියා ඇති දෙයක්, එම නායකයාට ද අපහාසය කරමින් දහම විකෘති කරයි.

බෞද්ධ භික්ෂුවක් හෝ ගිහියෙකු මොහුගේ ආගම වෙනුවෙන් මෙවැනි දෙයක් කළහොත් කුමක් සිදුවේ ද?

දඩුවම් දෙන දෙවියෙකු ගැන බෞද්ධයන් විශ්වාස නොකරන නිසා, බුද්ධ වචනය කෙලසන මේ වාගේ පුද්ගලයන් ගැන ඉවසනවා ඇර වෙන කළ හැකි වෙනත් දෙයක් වේ ද?

1 comment:

BLOG TEMPLATE BY DESIGNER BLOGS