පුර පෝය
ගෙවිලා ගිහින්
ආකාසෙ අනන්තේ.
වෙනදාවාගේ
මහ පිරිස් නැගූ හඬ
මැකී ගොස්
නිසලවෙලා බෝ මළුව,
ශාන්තයි
සුන්දරයි
වැලි ඇතිරූ බෝ මළුව.
පරිසරය පුරාවට
මඳ පවන් හමාලා
සිහින් හඬ නංවමින්
ළපළු පත් සැලෙද්දී
වැලි මළුව සිපගන්න
වෙහෙසෙනා අතුරිකිලි
හිස් මුඳුන සිඹිද්දී,
පැතිරෙද්දී සුවඳ දුම්
දස අතේ,
සමිදුණේ
ඔබේ වත අභිමුවේ
මා ලබන
මේ සැපත
මා විඳින
මේ සුවය
ඔබ දෙසූ
නිවන දැයි
මට සිතේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment