5.21.2014

මඟ තොටේ අමුත්තෙක්

රුවක් ඇති
පණක් නැති
ඇට මස් ලේ කඳ
බාවලා
ඇඳක් උඩ.
නටාපන් නාඩගම
හුස්ම වැටෙන
මළමිනිය හා එක්ව.
ඇහෙන් එන කදුළු කැට
වැටෙන බිම තෙත්කරන්
නොසිතාම,
හකුළුවා නාස්පුඩු
කිරිසුවද
නොතකාම,
සිහිකරන් තව අයෙක්
සිත්සතන් පුරාවට,
නටාපන් නාඩගම.
කළු කාසි මිටිකරන්
සියලු පව් සෝදපන්,
පහුවදා මඟ තොටේ
නොදැක්කා සේ ඉඳන්
රවාපන්,
මුවින් බැන රවාපන්.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS