5.21.2014

ඈ නැහැ අපි ළඟ

කීපාරක්‌
කිව්වද දැන්.
දන්නවා ඔබ
මටත් වඩා
කරපු කියපු
සිද්ධ වෙච්ච සෑමදේම
වඩා හොදට
මටත් වඩා
අද ඊයේ වුණාවගේ.
ඇයි පාළුද?
පිය තෙපුලක්
නැති නිසාද?
මුඳු සුවදක්
නැති නිසාද?
ඉවසාපන්.

ඇයි නොසිතන්නේ
ඈ නැතිවග
අපි ළඟ.
එයයි ඇත්ත.
තිත්ත ඇත්ත.
අදහාපන්
අකමැත්තෙන් හරි.

නැහැ
අපි ළඟ
මින් මතුවට.

ඉඳලා හිටලා
සමහර විට
හම්බවේවි
මඟතොටේ දී.
ඒත්
අදහාපන්,

නැහැ
අපි ළඟ
මින් මතුවට.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS