5.20.2014

ජීවිතය

ගෙයක් දොරක්
රස්සාවක්
වාහනයක්
ඒ තමා
ජීවිතය.

ඇහුනා කව්දෝ කියනවා.

මහ වලහා ළඟ ඉඳලා
හත්දින්නත් තරුවලට
කොච්චර දුර ඇත්ද?
ආ, එතකොට
මන්දාකිනියේ තරු,
තරු පොකුරු කොච්චර ඇද් ද?
බට්ටිච්චාගේ කූඩුව ඇතුලේ
කොච්චර සපපහසුව ඇද්ද?
ආවේනික කුරුල්ලෝ
සමනල්ලු හා උඩවැඩියා
දැකගත්ත ගාණට වඩා
නොදැක්ක ගණන
අනිවාර්යෙන් වැඩියි නේද?
සීගිරිය
හා රාවණා අධිරාජයා අතර තියෙන සම්බන්දකම?
අතීතයේ
චීන, රෝම වෙළෙන්දෝ
ලංකා වෙරළේ
මොන විදිහේ ඇඳුම් ඇඳගෙන ඉන්න ඇද්ද?
ජේතවනාරාමයේ
බුදුන්ගේ ඝන්දකුටිය වටේ
මහා රාත්‍රියට යන ආනන්ද හාමුදුරුවෝ?
මහා රහතුන්ගේ සමවත වැඩීම?
අද උපන් දරුවා
කොතැන
කවදා
කෙලෙස
මිය යයිද?

මොනතරම්
ගැඹුරුද
ලොකුද
ජීවිතය?

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS