5.31.2014

පුංචි පුංචි තරුවැල් එළි

කෑලි කපන
ඝන අඳුරේ
පුංචි පුංචි
තරුවැල් එළි
එහෙට මෙහෙට
නොයෙක් අතට
පාවෙනවා,
නිදි නැති ඇස්
නිදි යහනේ
නිදිකිරද්දී.
කවුළු උඩින්
කවුළු යටින්
බිඳුණු තැනින්
හොර රහසේ
හෙමින් හෙමින්
ගෙට රිංගපු
පුංචි පුංචි
තරුවැල් එළි
එහෙට මෙහෙට
නොයෙක් අතට
පාවෙනවා.
'ලන්ද පුරා
බැද්ද පුරා
වෙල් එළියේ
හැම මඟකම
හැම තැනකම
ඒ කාලේ
පුංචි පුංචි
තරුවැල් එළි
ආවා ගියා
අදට වඩා'
කව්දෝ කිව්වා.

ඒ කාලේ.
අද දියුණුලු
ඊට වැඩිය.
අද දකිනා
පුංචි පුංචි
තරුවැල් එළි
මෙලෙසින්වත්
අනාගතේ
දකිවිදෝ?

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS