5.21.2014

අකම්පිත

මහ වනයේ
ආරාමේ
සියොත් නාද
ඇහැව්ව ඔබ,
මද පවන්
සුව වින්ද ඔබ,
සිය දහසක් කල්
දොහොත් මුදුන්
නළල තබා
වැදුම් ලැබූ ඔබ,
හූ කියාගෙන
ඉබාගාතෙ
වාහන දුවනා
මහ පාර අයිනේ
ගඳ ගහන
කාණුවට උඩින් තියෙන
ඇන්ටීක් සාප්පුවේ
දුටුවා
බවුන් වඩනවා.

ඔබ වැන්ඳ
ඔබ පුතුන්
දෙස හෙලූ
මඳ සිනා,
නැතිව
කිසිදු කිසි වෙනසක්,
අලෙවියට ඔබ තැබූ
උවැසි උවැසියන්ටත්
හෙලනු දුටුවා.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS