ලේ පිරුණු
ලොකු
කුඩා
නහරවැල්
මහ රොත්තම
එක් හුයෙන් අල්ලලා
අදින්නා සේ එළියට
ජර බරස්
ජර බරස්
මහ හඬින්
පොරෝපාරින් ඉරිතැලී
දෙකඩවුණා
විසල් රුක.
සියොත්කැල
උපන් තැන
ගී කියපු
උන් හැමට සෙවන දුන්
උන් හැමට අභය දුන්
විසල් රුක,
සිප ගත්තා
මහපොළොව.
දෙකම්මුල් දොවාලා
ලේ කදුළු වැටෙද්දී
කිරි කදුළු නුඹ හෙළු බව
දනිමි.
දෙතැන හිද හඬන මුත්
අද එක්ව අප දෙදෙන
වේදෝ මට යම් දිනෙක
නුඹ
හා
මා
වෙනුවෙන්
හඬන්නට,
තනියෙම්ම.
No comments:
Post a Comment