කෝච්චිය
හිමින් යන්න.
ඕනෙම නම්
යන්න වේගෙන්
එත්,
අඩු කරගෙන
හූ ගෑම.
ලේ රහ
දැනෙනවා
උගුරට.
මීට වඩා නම්
බෑ හයියෙන්
ගී ගයන්න.
රිදෙනවා
ඇගිලිත්
රබානට
තලලාම.
කෝච්චිය
හිමින් යන්න.
6.02.2014
ගායක යාචක
share: facebook | twitter | pinterest
Labels:
Poems\කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment