6.01.2014

ඈ යන්න ගියා

ඈ යන්න ගියා,
හිතට
හිතා ගන්නට බැරි
ඈත ඈත
දුරු රටකට
ඈ යන්න ගියා.
මගෙ කියපු
මගේ සිත අරන්
ඈ යන්න ගියා.
මම හිතුවා මෙතුවකට
මගේ ළඟ කියලා,
මගේ හිත.
ඈ යන්න ගියා.
සිය දහසක් ගවු දුරකට,
ඈ යන්න ගියා.
හුස්ම හිරකරන
පාළු තනිය
මගෙ හිත තුළ රඳවා,
ඈ යන්න ගියා.
ඈත ඈත
දුරු රටකට
ඈ යන්න ගියා.
ඉන්න ඉසව්වක්‌
හිතා ගන්න බැරි
ඈත ඈත
දුරු රටකට
ඈ යන්න ගියා.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS