කඳ සුන්
පිළිමය අබියස
හිස සුන් මා
බවුන් වඩයි.
ප්‍රාණයක් නැති,
කිසිදු ප්‍රාණයක් නැති
මේ කඳ
බරකි,
මහ බරකි.
කිසිදාක
මින් පෙර
සිදු නොවුනා සේ
මහ අවුලකි.
දිවිය අඳුරකි.
බලන බලන අත ඇත්තේ
මහ අඳුරකි.
මහ ගොරෝසු
කළුම කළු
මහ අඳුරකි,
අඳුරු පොකුරකි.
පතුරු ගැසී
විසිවුණ
මා හිස
ඔසවා තබන්න
මා කඳ මත,
පිහිට වන්න මට
හිමියනි,
නැඟී සිටින්නට
හිස කෙලින් තබාගෙන
නිවහල් මිනිසෙකු ලෙස
පෙර සේ.
No comments:
Post a Comment