6.03.2014

මා ලියූ කවිය

ඔබ
ඇසූ නිසා
ඔබ
කියූ නිසා
මා
ලිව්වා
කවියක්.
උපමා
උපමේය
අලංකාර
එළිසමය
කවරක්ම
නැති වුවත්,
මා ලියූ
හොඳම කවිය
එයයි.
කියවනු ඇත
ඔබ
එය,
කැඩපත
අභියස.


No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS