6.06.2014

කළු හිත

කුඩාවට
මහ දරුණු
මකුළුවෙක්
වැඩෙනවා
මගේ හිතේ.
තලතලා
අත් මිටෙන්
පොඩි කළත්
නොයෙක්වර,
දිවා
රෑ
උපදිනවා
ඌ
මගෙ හිතේ.
හපයක් කරනවා
මම ඌව
නොදී
කිසිම කිසි බුරුලක්,
කළු
කැත
විෂ ගුළිය.
මිරිකාදානවා
අහකට
කළු මකුළුවා
මම
ඉන්න
මගෙ හිත තුළ,
ආයේ නොඑන්න
සදහටම
මගෙ හිතට.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS