6.01.2014

තනි තරුවේ

තනි තරුවේ
තනි තරුවේ
මුළු අහසට
නුඹ විතරයි
වෙල් එළියට
මා විතරයි.

කැළුම් දිදී
සිනහවෙවී
ඉන්නා නුඹ
වෙත එන්නට
නුඹගේ තතු
දැනගන්නට
අප අතරේ
අනන්ත දුර
ගෙවාදමා
එක් සැනෙකින්
මගේ හිතේ
රජ කරනා
ආශාවෝ
ජයගන්නට
නැත ඉවසුම්
බිදුවක්වත්.

එහෙත් සබඳ,

මගේ දෙඇස
තෙමාදමා
ඇද නොවැටී
වෙලමත්තට
හෙට දිනයෙත්
මා එන විට
පායාපන්නේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS