6.02.2014

උණුසුම් පොද

ඒ මුල්ලෙන්
මේ මුල්ලෙන්
කවුළු තුළින්
ඊට ඉහළ
හිදැස් තුළින්
මහ පොළොවෙන්
කොට්ට
මෙට්ට
ඇඳ අතිරිලි
බරිත කරන්
ගලා එනවා
කළු සීතළ.
ගුලි වෙනවා
තව තවත්
උරා ගන්න
අන්තිම බිංදුව
මාස දහයකට
ඉස්සර තැවරුණු
උණුසුම
උණුසුමේ අන්තිම බිංදුව
කිරි සුවඳ හා මුසුව
වියකෙන්නට පෙර
හනි හනිකට
සීතළ යහන මත.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS