6.23.2014

සඳවතිය

The moon looked through the boughs to me,
All new, and curved as though she smiled:
And turned my treasures, like a child.
So who can say she brought no luck to me ?         

                                   -  John Still, JUNGLE TIDE

වන තුරුපත් අතරින්
එබී බලා සිටියා
සඳවතිය
මා දෙස,
මඳහස දල්වා
ගුලි ගැහි ගැහී
තව තවත්
බලා සිටියා
ඈ
පොඩි එකෙකු වගේ.
හිස හරවා බැලුවෙමි
පාමින් අතරැදි
මාහැඟි වස්තුව
ඈ වෙත.
වාසනාව මා වෙත
ඈ නොගෙනාවයි කියා
කාහටනම් කිව හැකිද?

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS