6.01.2014

ප්‍රාර්ථනා

රාහුල වාගේ
බුදු සිවුරේ එල්ලීලා යන්නට
ඕනෙ නෑ.
අගසව් තනතුරු
ඕනෙ නෑ.
මෙතේ බුදුන් ඇහැ ගැහෙන්න
ඕනෙත් නෑ.
යන්නට හැකිනම්
මහ කළු සසරින් එලියට
අද
අද හෙටම,
ඒ ඇති හොදටෝම.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS