11.01.2013

යලි ලැබූ ජීවිතය

ජීවිතය
යලි ලැබුණා සේ හැඟේ.
දෑස්,
අඩවන් දෑස් කතා කරයි.
මිහිරියාවක් දැනේ.
සංගීතයක් නැත.
එත්
මිහිරි තෙපුල් ඇත.
දෙසවන පිනවයි.
සුගන්දය දසත දැනේ.
ඉව අල්ලයි එයට,
හිත.
මුව පොඩිය,
රත් දෙතොල් සිනාසෙන
මුව පොඩිය,
රස ඕජාවකි.
පහසම සුවය ගෙනේ.
සුවයම පහස ගෙනේ.
බාධාවක් කිසිත් නැත.
දෙදෙනෙකු කොයින්ද
එක් අයෙකු මිස.
අප අපේය.
කාලය
ගෙවීමක් නැත.
ගෙවෙනා
කාලය නිනව් නැත.
ජීවිතය
යලි ලැබුණා සේ හැඟේ.
ඉඳුරන්
පිනවීමක් නැත.
ඇත්තේ
ඉඳුරන්
සැනසීමක් පමණි.
ආදරය සුවඳ හමයි.
විය යුත්තකි මෙය,
අදද
හෙටද
විය යුත්තකි මෙය.
ලැබුණා සේ හැඟේ
යලි ජීවිතය.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS