11.13.2013

මල් එළි වැනි ජීවිතේ

නෙක සිතුම්
නෙක පැතුම්
එළි දුවනවා
මහා රෑ අහසේ.
රතු කහ නිල් සුදු
දස දහසක්
මල් රූ
විදුලිය මෙන්
ඇසිපිය හෙලනා නිමේශයට
එළි දුවනවා
එකක් පරයා අනෙක
තරඟයට වාගේ.
මොහොතක් සුව දෙන
ඇතිවන නැතිවන
ජීවිතය වාගේ
රතු කහ නිල් සුදු
දස දහසක්
මල් රූ
රෑ අහස පුරාවට
ජීවිතය වාගේ
එළි
එකක් පරයා අනෙක
එළි
ජීවිතය වාගේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS