6.12.2011

ඉවසීම

පැය දෙකක් නොවේ
පුරා දින හයක්
ඉව අල්ලනවා,
සඳු මියයන
හිරු පිපිදෙන
සත් වෙනි දවසට
ඉව අල්ලනවා,
විඳගන්න ඒ සුවඳ
මුදු පහස ලබන්නට
ඉව අල්ලනවා,
මම
මට මගේ වෙන
ඒ මොහොතට
ඉව අල්ලනවා,
විශ්මිත ලොකු ඇස්
දෝරේ ගලන කිරි සිනා
වියත් දිගු කෙහෙ රැළි
දුව පනින දඟ පොදිය
දකින්නට
විදින්නට
ඉව අල්ලනවා,
පැය දෙකක් නොවේ
පුරා දින හයක්,
මම.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS