1.14.2014

'හික්කඩුවේ ක්‍රිස්තියානි මධ්‍යස්ථානයකට බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිස් පහරදේ' (පුවතක්)

කවර හෝ ආගමකට අයත් පූජස්ථානයක් එල්ලකර පහර ගැසීම කෙසේවත් අනුමතකළ හැකි දෙයක් නොවේ. අද දවසේ බුදුදහම ලෙස පිළිගනු ලබන්නේ බහුතරයක් වූ 'චීවරධාරීන්' විසින් අනුදැන වදාරන 'ජනප්‍රිය බුදුදහමේ' දක්නට ඇති තෙල් මල් පහන්, වැඳීම්, යැදීම්, පිළිමවහන්සේ හා බෝධීන්වහන්සේ වන්දනා ආදී වූ ආමිසයට බර භෞතික සාධකයන්ය. බුදුරජාණන්වහන්සේගේ සැබෑ බුද්ධ වචනය අනුගමනය කිරීම සඳහා මේවා ඇත්තන්ම අවශ්‍ය නොවේ. බුදුරජාණන්වහන්සේ විසින් දේශිත උතුම් අරමුණෙහි ම පිහිටා කටයුතු කිරීමට බහුතරයක් වූ සියලුම ගිහි හා පැවිදි පාර්ශවයන්ගෙන් සියයට සියයක්ම අපේක්ෂා කළ නොහැක. ඔවුන්ගෙන් සමහරෙක් බෞද්ධ සංස්කෘතිකාංග අගයකොට සැලකීමනොවැලැක්විය හැකි දෙයකි. එබැවින්, තමන් අගය කරනා 'ආගම', සංස්කෘතිය, උරුමය ආදී සියළු දෙයට වසර ගණනාවක් පුරාවට හානි සිදුවන විට (විශේෂයෙන්, අතීතයේදී බෞද්ධ වූ තමන්ගේ ඥාතීන්ගෙන් හානි සිදුවන විට) ඊට එරෙහිව නැගී සිටීම බලාපොරොත්තු විය හැකි දෙයකි.

ඉතා සීමිත ස්ථාන කිහිපයක් හැරුන විට ලංකාවේ දක්නට ලැබෙනා සෑම බෞද්ධ නොවනා ආගමික ස්ථානයක්ම වාගේ වසර 2500 ඇතුලත බෞද්ධ විහාරයන් ලෙස පවතී පූජා ස්ථාන ය. මෙම තත්ත්වය විශේෂයෙන් මුහුදු බඩ ප්‍රදේශවල දැකගත හැකි ය. රාගම තේවත්තේ බැසිලිකා දෙව්මැදුර, කොළඹ කොච්චිකඩේ පල්ලිය, වත්තල ශාන්ත ආනා දෙව්මැදුර, හලාවත මුන්නේස්වරම් කෝවිල, රත්නපුර කුරගල විහාරය ආශ්‍රිත මුස්ලිම් දේවස්ථානය ආදිය මේ සඳහා උදාහරණ කිහිපයක් පමණි. බ්‍රිතාන්‍යය යුගයේ, ඊට පෙර හා පසු කාලයේ ද, බොහෝ බෞද්ධ විහාරස්ථාන පොළොවට සමතලා කර එම භූමියේ ම බෞද්ධ නොවනා ආගමික ස්ථාන ඉදිකරන ලදී. දහස් ගණනින් බෞද්ධයන්ව නොයෙක් වද දී මරා දමන ලදී.

'බෞද්ධාගම'ට අමතරව බෞද්ධ සංස්කෘතියේ බොහෝ දෑ බෞද්ධයාට අහිමිකරන ලද අතර අද දිනයේ ද එය එලෙසම සිදුවෙමින් පවතී. නිදසුන් කිහිපයක් නම්,

· ස්වර්ගය, ස්වර්ග රාජ්‍ය, මෝක්ෂය, මුනිඳු, සර්ව බලධාදීන්, සමිදාණන්, දෙවියන්වහන්සේ, ස්වාමි දරුවන්, ස්වාමීන්වහන්සේ, අගරදගුරු, කිතුනු සංඝ, හිමිපාණන්, නායක හිමි, හිමිනම, නා හිමිපාණෝ (මැල්කම් රන්ජිත් නා හිමිපාණෝ) යනාදී බෞද්ධ සාහිත්‍ය හා බැඳී පද කිතුනු හා කතෝලික සංස්කෘතීන් හි භාවිතා කිරීම.

· භාවනා - මෙම පදය දේවාදී කිසිඳු දහමක කිසිඳු රටක හමු නොවූවද ලංකාවේ හමු වේ. උදා. සුපුවත අරණේ සිදු කරනා ජේසු භාවනා.

· දහම් පාසල - දහම් යන්න ධර්ම යන්නෙන් බිදී ආ පදයකි.

· පල්ලිය - අතීතයේ දී පන්සලේ පොත්ගුල සඳහා භාවිතා කළ පදය.

· රාගම තේවත්ත පල්ලියේ දක්නට ලැබෙනා මකර තොරණ. මකර තොරණ හෙළ බෞද්ධ සංකේතයකි. සෑම බෞද්ධ විහාරස්ථානයකටම ඇතුළුවන දොරටුව මකර තොරණයි.

· රාගම තේවත්ත පල්ලියේ දක්නට ලැබෙනා සඳකඩ පහන - හෙළ බෞද්ධ කලාකරුවාගේ අගනා නිර්මානයක් වන සියයට සියයක්ම බෞද්ධ සංකල්ප මත නිර්මාණය කර ඇති ලංකාවේ පමණක් දක්නට ලැබෙනා කලා නිර්මාණයකි

· ඉතිහාසය විකෘති කරමින්, කාශ්‍යප රජුගේ සහෝදර මුගලන් කුමාරු හා සහෝදරිය වන සංඝා කුමරිය ක්‍රිස්තියානිකයන් ලෙසට පෙන්වාමින් රාගම තේවත්ත පල්ලියේ නිර්මාණය කර ඇති සිතුවම්

· සිරිහද දෙව්මැදුර වැනි යෙදුම් - සිරි යනු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වසර දහස් ගණනක් පුරාවට යොදනා ලද පර්යා නාමයක් වේ. සිරි මහා බෝධි, සිරි දළදා, බුදුන්ට පිදූ සිරිලක, සිරි පාද, සිරිපා කන්ද

· වර්තමානයේදී දක්නට ඇති දෙයකි බෞද්ධයාට අති පූජනීයවන ධාතූන්වහන්සේ (ලෞකික කෙලෙස් නැතිකළ ආර්ය උතුමන්ගේ ශාරීරික කොටස්) හා එය හා බැඳුනු පද යොදා ගැනීම - සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතු, ධාතු කරඬු ආදිය මින් සමහරක් පමණි.

බෞද්ධයන් පංච ශීලය රැකිය යුතු බැවින් මෙහිදී විස්තර කරනා ලද දේ, 'බෞද්ධාගම' හා 'බෞද්ධයාට' කරන ලද පහරදීම් ලෙස නොසැලකිය යුතුයැයි සිතනා යම් කෙනෙක්වේ ද? බෞද්ධයන් මෙවැනි දේ ඉවසා සිටිය යුතු ද? බුදුන්වහන්සේ විසින් දේශිත ඉවසා සිටීම නැතහොත් 'ඇතැමෙක් විසින් පැවසිය හැකි ආකාරයට 'අන්ධ ඉවසීම' නොවන්නට බෞද්ධයන් නොවනා මොන යම් හෝ අයෙකුට, වරක් සියයට සියයක්ම බෞද්ධයන් සිටි, මේ ශ්‍රී ලංකාව තුළ ඒ අයගේ දහම් පැතිරවිය හැකි ද? හතු පිපෙන්නාසේ අබෞද්ධ වන්දනාස්ථාන දිනෙන් දින වර්ධනය වෙමින් මතුවේ. අතීත රජවරුන් විසින් බෞද්ධ වෙහෙර විහාර සඳහා ලබාදුන් ඉඩකඩම් අල්ලාගන්නා බෞද්ධ නොවනා පිරිස් ඒවායේ ඔවුනගේ පූජාස්ථාන ගොඩනගයි. මෙවැනි දෙයක් අරාබිකරයේ සිදුවූයේ නම්, එවැනි දෙයකට නැගී සිටීමට සිතීමට පවා හැකියාව ඇත්තේ කාට ද? එවැන්නක් ගැන සඳහනක් හෝ මොනම අයෙකු විසින් සිදු නොකරනු ඇත.

අතෙමෙකු විසින් 'කහ සිවුරු දරන්නෝ' හා 'කහ සිවුරු අඳිනා දාමරිකයන්' ලෙස සලකනා අයගේ හැසිරීමට සැබෑ හේතුව මෙය යි. සැබවින්ම, තමන්ගේ රට තුළ ම දේශපාලනය හා බෙදීම හේතුවෙන් අසරණවී ඇත්තේ බෞද්ධයන් මිස අන් අය නොවේ. බෞද්ධයාට තමන්ගේ මිනිසුන් අහිමිවී තිබේ. ඔවුන් අන් ආගම්වලට හරවාගෙන තිබේ. එය මේ මොහොතට ද සිදු වෙමින් පවතී. බෞද්ධ උරුමය අතුරුදැන් වීමේ මොහොතට පැමිණ තිබේ. බෞද්ධයාගේ ඉතිහාසය වෙනස් කර, විනාශ කර තිබේ.

විවෘත හදවතක් ඇති ඕනෑම අයෙකුට, බෞද්ධයා ඉතා සූක්ෂම අයුරින් පහර කෑමට ලක්ව ඇති බව නොවැටහෙන්නේ ද? අතෙමෙකු හැඳින් වූ ආකාරයට බෞද්ධයා 'මෙතරම් මිලේච්ජ ආකාරයෙන් අන් ආගම් තලා පෙලා හැසිරෙන්නේ 'බෞද්ධයාට' හානිවන නිසා ද? තම දහම පැතිරවීමේදී, ශත වර්ෂ ගණනාවක් පුරාවට, කඩුව හා ගිනි අවිය භාවිතයෙන් තොරව, ලබාගත් කීර්තිය ඔවුනට අහිමි නොවන්නේ යැයි කිවහැක්කේ කාහට ද? ඉතිහාසයට එබී බැලීමෙන් ඕනෑම අයෙකුට මෙම කීර්ති නාමය ලබාගැනීම සඳහා බෞද්ධයා සිදු කළ මෙහෙය අවබෝධ වනු ඇත.

අන්‍ය ආගමික නොපෙනෙනා හස්තයන් මගින් වන මහත් පීඩා නොවන්නට බෞද්ධයන් මෙවැනි දෙයට පෙලබෙන්නේ නැති බව සහතික ය. එසේ නොවන්නේ නම්, අනාගතයේදී ද මෙවැනි දේ සිදු නොවේ යැයි සහතික විය හැක්කේ කා හට ද?

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS