9.05.2011

මගේ දූ

අහස් තරු
කැට දෙකක්
පොඩිම පොඩි
තරු දෙකක්
සිනාසෙන තරු දෙකක්
මුතු ඇහැට දුක ගෙනෙන
දෙකන් පෙති කෙළවරේ
පැළදගෙන
අපූරුයි.
'මගෙ පුතා රිදුනාද?'
'නෑ, මම ගෑනු ළමයෙක්'

දුවක් වෙලා
හිටි හැටියේ
මගේ පුතා
ගිය සතියේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS