මෝදුවන සඳ.
ගහ වැලේ අග සිඹින
දිය බිංදු
සීරුවට රූටනවා
අතු අගින් කඳ මුලට
සනසවා
පිපාසිත මහ පොළොව.
මුණුමුනුව
තුරු හිසින් තුරු හිසට
සවන්තල
තරගයක පැටලිලා
අහගන්න
මග නොහැර
සියල්ලම.
මම මෙතැන
නුඹ ඔතැන.
රූස්ස ගහ අග
අදුරු ගුළියේ
ප්‍රේමයෙන් මුසපත්ව
ගී කියන
බකමූණා,
නිහඬබව රකින්නට
අදහසක්
නැහැ වගේ.
අළු කොබෙයි මුණුමුනුව
පරදින්නට බැරිව වගේ
බකමූණට
ළඟක නැතත්.
අහස් ගඟ
කිරි සයුර
තැනින් තැන
තරු පොකුරු.
එක දිගට තරු රෑන්
ඔරායන්
හත්දින්නත් තරු
දුවයන්නට
තරුවෙන් තරුවට
පොර බඳිනවා
සිත
ගත,
ගත
සිත.
සුදු සඳේ
වැසෙන්නට
පෙරාතුව
කළු වළාවට
කියාපන්
මගෙ සඳට
නොසිතන්න
මා ගැන,
ඇති නිසා
දින හයක්
තව.
දැකගන්න
මගේ සඳ
තරු දෑස
දකින්නට
මුදු කොපුල්
සිබින්නට.
කියාපන්
නොතමන්න
සිත් දෑස,
නොසොයන්න
උණුසුමක්,
නැති නමුත්
ළමැද කිරි
කියාපන්
හිදින්නට
සිත් තුටින්
සතුටු ගඟ
මැද කිමිද.
රජෙකු මම
ඉරිදාට.
පාන්දර
දුව එන්න
කියාපන්
සිගිති අත්
විහිදලා
මා වෙතට පියබලා.
සුදු සඳේ
කියාපන්
හනි හනික
කළුවලා
ළග ළගම
කියාපන්
සුදු සදේ
හනි හනික .
No comments:
Post a Comment