බොරළු කැට
තණ පඳුරු
මල් පියළි
මල් රේණු
හැම එකක් පෙනෙන සේ
දිවා කල මෙන් ම රෑ
පරිසරය සතපවා
සිසිලසින්,
ගත පුරා
සිත පුරා
සැනසිල්ල උතුරුවා,
වෙල් එළියෙ
බඩවැටියෙ
දිය කඳුරු මත වැදී
මඳ පවන් හමද්දී,
නොපෙනුනත් කොහේදැයි
බකුසු හඬ ඇසෙද්දී,
පායලා
පොසොන් සඳ.
රොද බැඳුණු
සුදෝ සුදු වළාකුළු
පුළුන් කැටි තුළට වී
හිනැහෙන්න පුන්සඳේ,
සැඟ නොවී මඳක් හෝ වෙලාවක්
වළාකුළු තුළ වැදී
හිනැහෙන්න පුන්සඳේ.
නිල් අහස පුරාවට
තරු දරුවො
රඟද්දී ඔබ වටේ,
ඔබ කැළුම්
තව තවත්
දෙරණ මත විහිදුවා
රාත්‍රිය පුරාවට
හිනැහෙන්න පුන්සඳේ.
6.23.2014
සඳවතිය
The moon looked through the boughs to me,
All new, and curved as though she smiled:
And turned my treasures, like a child.
So who can say she brought no luck to me ?
- John Still, JUNGLE TIDE
වන තුරුපත් අතරින්
එබී බලා සිටියා
සඳවතිය
මා දෙස,
මඳහස දල්වා
ගුලි ගැහි ගැහී
තව තවත්
බලා සිටියා
ඈ
පොඩි එකෙකු වගේ.
හිස හරවා බැලුවෙමි
පාමින් අතරැදි
මාහැඟි වස්තුව
ඈ වෙත.
වාසනාව මා වෙත
ඈ නොගෙනාවයි කියා
කාහටනම් කිව හැකිද?
All new, and curved as though she smiled:
And turned my treasures, like a child.
So who can say she brought no luck to me ?
- John Still, JUNGLE TIDE
වන තුරුපත් අතරින්
එබී බලා සිටියා
සඳවතිය
මා දෙස,
මඳහස දල්වා
ගුලි ගැහි ගැහී
තව තවත්
බලා සිටියා
ඈ
පොඩි එකෙකු වගේ.
හිස හරවා බැලුවෙමි
පාමින් අතරැදි
මාහැඟි වස්තුව
ඈ වෙත.
වාසනාව මා වෙත
ඈ නොගෙනාවයි කියා
කාහටනම් කිව හැකිද?
බව කෙළවර
ලෝභ දෝශ මෝහ
මද මාන
සූදුව සොරකම
ලෙඩදුක් පීඩා
ව්‍යාධි
අවසන මරණය
චුතිය
ග්‍රහණය
ප්‍රතිසංධිය
ඉපදීම
සුවඳ මුසු වා තලය
සියොත් කැල ගයන ගී
මලින් පිරි පොකුණු දිය
හරිත තුරු
වන උයන
සවනෙ රැඳී
මියුරු නද
වට තිර
උඩ තිර
මවක්
කෙඳිරියක්
හැඬුමක්
බිලිඳෙක් ජයසක්
කාහල
හඬ වැකුණු නඳී තෙර
වැලිතලා සුදෝසුදු
සඳ එළිය සඳ සිසිල
මඳ පවනේ ඔදවැඩුණු ළපළු පත්
මිනිසෙක්,
තනි මිනිසෙක්
රජ බොජුන්
මදුවිත
දැසිදසුන්
මාළිගා
කසී සළු
කුලකතුන්
නළගනන්
සැනකෙළි
ජයකෙළි
මවක් වන් බිරිඳක්
ළඳබොළඳ
දිරිමත් ළඳක්
විඳි පහස
සෙනෙහස
පුත්‍රයෙක්
දෙවියෙක් නොවනා
බඹයෙක් නොවනා
මිනිසෙක් නොවනා මිනිසෙක්
සංසාර ගෘහයේ
නොයෙක් අත විසිරුණු
නටබුන්
ලී පතුරු
සැනසුමින් පිරි
අධිඨනින් පිරි වතකමල
පියවර පෙළ
ඉදිරියටම වන
පියවර පෙළ
රජුන් සිටුවරුන්
වෙළදුන් ගොවියන්
කුබළුන් සැඩොලුන්
පිරිමින් ගැහැණුන් ළමයින්
කුළීන කුළහීන
මිනිස්කැල
මිනිස් ගඟ
මනස් රෝගීන්
'කිං චාරිකං භික්ඛවේ, බහුජන සුකාය බහුජන හිතාය'
පඬු සිවුරු
පාත්‍රා
ආරාම කුබල්හල්
ගවමඩු සොහොන්පිටි
නිවුණු තැවුනු උසස් මනස්
නින්දා ප්‍රශංසා
ලාභ අලාභ
මහමෙරවන් කුළුණු ගුණ
'වක්කලී, මා කෙරෙන් ඉවත්වව්
මේ කුණු ශරීරය දෙස බලා ඉදීමෙන් ඵලය කීම,
වක්කලී,
මා කෙරෙන් ඉවත්වව්,
වක්කලී'
'සෝ ධම්මං පස්සථි, සෝමන් පස්සථි'
නොයෙක් අත
නොයෙක් දෙස තැබූ
ගෙවීගිය පා පතුල්
'ආනන්ද, පිපාසයි,
පැන් පොදක්, ආනන්ද'
මියඇදෙන හිරු කිරණ
වැළපෙන තුරු හිස්
සල් ගොමු
සඳුන් දර
ගිණිදැල්
අඳුර
'වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත'
මද මාන
සූදුව සොරකම
ලෙඩදුක් පීඩා
ව්‍යාධි
අවසන මරණය
චුතිය
ග්‍රහණය
ප්‍රතිසංධිය
ඉපදීම
සුවඳ මුසු වා තලය
සියොත් කැල ගයන ගී
මලින් පිරි පොකුණු දිය
හරිත තුරු
වන උයන
සවනෙ රැඳී
මියුරු නද
වට තිර
උඩ තිර
මවක්
කෙඳිරියක්
හැඬුමක්
බිලිඳෙක් ජයසක්
කාහල
හඬ වැකුණු නඳී තෙර
වැලිතලා සුදෝසුදු
සඳ එළිය සඳ සිසිල
මඳ පවනේ ඔදවැඩුණු ළපළු පත්
මිනිසෙක්,
තනි මිනිසෙක්
රජ බොජුන්
මදුවිත
දැසිදසුන්
මාළිගා
කසී සළු
කුලකතුන්
නළගනන්
සැනකෙළි
ජයකෙළි
මවක් වන් බිරිඳක්
ළඳබොළඳ
දිරිමත් ළඳක්
විඳි පහස
සෙනෙහස
පුත්‍රයෙක්
දෙවියෙක් නොවනා
බඹයෙක් නොවනා
මිනිසෙක් නොවනා මිනිසෙක්
සංසාර ගෘහයේ
නොයෙක් අත විසිරුණු
නටබුන්
ලී පතුරු
සැනසුමින් පිරි
අධිඨනින් පිරි වතකමල
පියවර පෙළ
ඉදිරියටම වන
පියවර පෙළ
රජුන් සිටුවරුන්
වෙළදුන් ගොවියන්
කුබළුන් සැඩොලුන්
පිරිමින් ගැහැණුන් ළමයින්
කුළීන කුළහීන
මිනිස්කැල
මිනිස් ගඟ
මනස් රෝගීන්
'කිං චාරිකං භික්ඛවේ, බහුජන සුකාය බහුජන හිතාය'
පඬු සිවුරු
පාත්‍රා
ආරාම කුබල්හල්
ගවමඩු සොහොන්පිටි
නිවුණු තැවුනු උසස් මනස්
නින්දා ප්‍රශංසා
ලාභ අලාභ
මහමෙරවන් කුළුණු ගුණ
'වක්කලී, මා කෙරෙන් ඉවත්වව්
මේ කුණු ශරීරය දෙස බලා ඉදීමෙන් ඵලය කීම,
වක්කලී,
මා කෙරෙන් ඉවත්වව්,
වක්කලී'
'සෝ ධම්මං පස්සථි, සෝමන් පස්සථි'
නොයෙක් අත
නොයෙක් දෙස තැබූ
ගෙවීගිය පා පතුල්
'ආනන්ද, පිපාසයි,
පැන් පොදක්, ආනන්ද'
මියඇදෙන හිරු කිරණ
වැළපෙන තුරු හිස්
සල් ගොමු
සඳුන් දර
ගිණිදැල්
අඳුර
'වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත'
6.22.2014
සූදානම
සමිඳුනි
හුණු
මැටි
ගඩොළින් නිම කළ
ඔබ රූ
දුටු විට
ඇග
ඇට
මස්
ලේ
නිවෙනා
තැවෙනා
අරුමය
එදත්
අදත්
අරුමයක්මැයි.
මැටි
ගඩොළින් නිම කළ
ඔබ රූ
දුටු විට
ඇග
ඇට
මස්
ලේ
නිවෙනා
තැවෙනා
අරුමය
එදත්
අදත්
අරුමයක්මැයි.
පව් සේදීම
'බ්‍රාහ්මණය,
බාලයා,
බාහුකා හා අධිකක්කා
ගයා
සුන්දරිකා
සරස්වතී
පයාග හා බාහුමතී
ගංගාවෝ වෙත ගොස්
දිනපතා ගිලෙනමුත්
කෙදිනක හෝ
පවිත්‍රවීමක් නැත.
සුන්දරිකා
පයාග හෝ බාහුමතීයට
කලහැක්කේ කවරක් ද?
ඒවායින්,
වෛරය හා පාපය වරද කොටගත්
මනුෂ්‍යයා
පවිත්‍ර නොකරන්නේමය.
පවිත්‍ර මනසින් යුත් අයට
කවර දිනකදු
සුභවන්නේ
පවිත්‍ර වන්නේ,
පිරිසිදු ක්‍රියාවෙන් ශුද්ධ අය,
සෑම කල්හිම
පිළිවෙත් පුරණු ලබත්.
එබැවින් බ්‍රාහ්මණය,
මෙහිවිත් දිය නහනු.
ජීවත් වන්නාවූ අයට
මෛත්‍රිය කරනු.
ඔබ මුසා නොදොඩවන්නේ,
වැනසීම
හා
අදත්තාදනය නොකරන්නේ,
තෘෂ්ණා සිත්පිරි
මසුරකු නොවන්නේ නම්
ගයාවට යාමෙන් ඵලය කීම?
ඔබ නිවසේ වන ළිදම
ගයාව වන්නේ වේ'.
(සුන්දරික පරිබ්‍රාජකයාට බුදුරජාණන්වහන්සේ, මජ්ජිම නිකාය)
සිතුවිල්ල.
දියෙන් සෝදා
හැරිය හැකිනම්
සියලු පව්,
සියලු මසුන්
දියෙහි වෙසෙනා
මනුෂ්‍යයෝ අභිබවා යන
මහා පින් ඇත්තෝ
නොවන්නේ ද?
