10.18.2013

ජීවිතයේ ගඟ ගලායයි

ගලා යයි ජීවිතය
ගඟක් විලසින්
ගලා යයි ජීවිතය,
ලා දල්ල මත උපන්
දිය බිඳුව
හා මිතුරු වී
තවත්
එවැනිම දිය බින්දු නෙක
රූටාවිත් ගහ දිගේ
මහ පොළොවට,
ඉන් පස්සේ
දියකඳුරු වෙත ඇදී
ඇළ දොලේ රුව මවාලා
හැඩය ගෙන නොයෙක් තැන
නොනැවතී එක මොහොතක්
හෝ හෝව නංවා
දුව යමින්
විසල් තැන්නේද
නොනිදා
නොපියවා දෑස
නිවන්නට සරතැස
ගලා යයි,
ගඟ ගලා යයි,
දකින සේ කෙළවර
නිමක් නැති මහ සයුර
ගලා යයි ගඟ
ගලායයි.
ජීවිතය,
දකින තුරු කෙළවරක්
වැළදගෙන
සැනසෙනා තුරාවට
මරුන් හා එකට
ගලා යයි,
ගලා යයි
ජීවිතයේ ගඟ
ගලා යයි.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS