මවක් නැත
පියෙක් නැත.
අද ඊයෙ හඳුනගත්
අක්කා ඇත.
නැන්දා ඇත.
කෑම ඇත
කවනු නැත.
ඒ දේ ඇත
මේ දේ ඇත.
හුරතලුන් ඇත,
හුරතලය ඇත.
ඩේ කෙයා සෙන්ටරය,
සිරවෙන්න එහි
ඔබ කල වරද කිම?
2.03.2011
1.29.2011
නිදහස
1.26.2011
1.20.2011
වෙනස
මෙච්චර දවසක්,
හිතුවා මම
අපි ගැන,
ඈත්වුණා ලෝකය මගෙන්.
අද,
හිතනවා
මම
මම ගැන,
ලඟාවෙනවා ලෝකය
බදාගන්න
බැරි තරමට
මට
අපූරුවට.
හිතුවා මම
අපි ගැන,
ඈත්වුණා ලෝකය මගෙන්.
අද,
හිතනවා
මම
මම ගැන,
ලඟාවෙනවා ලෝකය
බදාගන්න
බැරි තරමට
මට
අපූරුවට.
1.04.2011
දෙකේ පංතියට...
වැහි බිංදු බිංදු
වැටෙනා හිමිදිරි යාමේ
මුතු බිංදු බිංදු
කඳුළැල් වැටෙන සීතේ
මල් පොකුරැ පොකුරැ
රඳවා පොඩි ළය තුරුලේ
අකුරු කරන්නට යන
සුදු පුතු මාගේ
කිසිදු දිනෙක
මුසා බසක් නොදොඩන්න
ඔබේ මිසක්
අනුන්ගේ දේ නොසොයන්න
හොඳක් මිසක්
නරකක් මතු නොකරන්න
දිරිය ලැබේවා
මා පුතු නෙතු මලට
ගහට කොළට
පාන සෙනේ වැඩිවෙන්න
හැදූ රටේ
නම මතුවට රන්දන්න
තුන් සරණය
මතු සරණය කරගන්න
දින දින දිනේවා
මා පුතු හෙට දවස
වැටෙනා හිමිදිරි යාමේ
මුතු බිංදු බිංදු
කඳුළැල් වැටෙන සීතේ
මල් පොකුරැ පොකුරැ
රඳවා පොඩි ළය තුරුලේ
අකුරු කරන්නට යන
සුදු පුතු මාගේ
කිසිදු දිනෙක
මුසා බසක් නොදොඩන්න
ඔබේ මිසක්
අනුන්ගේ දේ නොසොයන්න
හොඳක් මිසක්
නරකක් මතු නොකරන්න
දිරිය ලැබේවා
මා පුතු නෙතු මලට
ගහට කොළට
පාන සෙනේ වැඩිවෙන්න
හැදූ රටේ
නම මතුවට රන්දන්න
තුන් සරණය
මතු සරණය කරගන්න
දින දින දිනේවා
මා පුතු හෙට දවස
10.22.2010
දවාලට පායපන් පුන් සඳේ
බෝ මළුවෙ දුව යන්න
කොළ අස්සේ සැඟවෙන්න
එකක් නොව
තව එකක්
වතුර කල නාවන්න
වැලි මළුව පුරාවට
නෙක රූප අඳින්නට,
දවාගෙන දෙඅත් පොඩි
මැටි පහන් දල්වන්න,සුවඳ කූරක් දෙකක්
කොළ අස්සේ සැඟවෙන්න
එකක් නොව
තව එකක්
වතුර කල නාවන්න
වැලි මළුව පුරාවට
නෙක රූප අඳින්නට,
දවාගෙන දෙඅත් පොඩි
මැටි පහන් දල්වන්න,සුවඳ කූරක් දෙකක්
නොව අත්මිටක් තරමෙ ගෙන
වැලි ගොඩේ ඉන්ඳන්න,
'දස මාසේ උරේ කත්වා - පෝසේති උදධිඛාරනං
ආයු දීගන් වස්ස සතන් - පිතු පාදන් නමා මහo'
එරමිණියා ගොතාගෙන
සුදු කඩියා ඉන්දාගෙන
අහන්නට,
හුරතලය අහන්නට,
හුරතලය දකින්නට,
හිනහෙනා සුදු මුහුණ
විඳින්නට
කිරි සුවඳ,
සුදු වෙහෙර - බුදු මුහුණ - පඩු සිවුරු,
අපේ රට - අපේ දැය
ඒ කතා - මේ කතා
ඔබ හිතේ රන්ඳන්න,
පායාපන් පුන් සඳේ
දවාලට පායපන්,
දස කැළුම් විහිදුවා
දවාලට පායපන්,
ඉරිදාක දවාලට
පායපන් පුන් සඳේ.