10.22.2010

දවාලට පායපන් පුන් සඳේ

බෝ මළුවෙ දුව යන්න
කොළ අස්සේ සැඟවෙන්න
එකක් නොව
තව එකක්
වතුර කල නාවන්න
වැලි මළුව පුරාවට
නෙක රූප අඳින්නට,
දවාගෙන දෙඅත් පොඩි
මැටි පහන් දල්වන්න,සුවඳ කූරක් දෙකක්
නොව අත්මිටක් තරමෙ ගෙන
වැලි ගොඩේ ඉන්ඳන්න,
'දස මාසේ උරේ කත්වා - පෝසේති  උදධිඛාරනං
ආයු දීගන් වස්ස සතන් - පිතු පාදන් නමා මහo'
එරමිණියා ගොතාගෙන
සුදු කඩියා ඉන්දාගෙන
අහන්නට,
හුරතලය අහන්නට,
හුරතලය දකින්නට,
හිනහෙනා සුදු මුහුණ
විඳින්නට
කිරි සුවඳ,
සුදු වෙහෙර - බුදු මුහුණ - පඩු සිවුරු,
අපේ රට - අපේ දැය
ඒ කතා -  මේ කතා
ඔබ හිතේ රන්ඳන්න,
පායාපන් පුන් සඳේ
දවාලට පායපන්,
දස කැළුම් විහිදුවා
දවාලට පායපන්,
ඉරිදාක දවාලට
පායපන් පුන් සඳේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS