10.22.2010

දවාලට පායපන් පුන් සඳේ

බෝ මළුවෙ දුව යන්න
කොළ අස්සේ සැඟවෙන්න
එකක් නොව
තව එකක්
වතුර කල නාවන්න
වැලි මළුව පුරාවට
නෙක රූප අඳින්නට,
දවාගෙන දෙඅත් පොඩි
මැටි පහන් දල්වන්න,සුවඳ කූරක් දෙකක්
නොව අත්මිටක් තරමෙ ගෙන
වැලි ගොඩේ ඉන්ඳන්න,
'දස මාසේ උරේ කත්වා - පෝසේති  උදධිඛාරනං
ආයු දීගන් වස්ස සතන් - පිතු පාදන් නමා මහo'
එරමිණියා ගොතාගෙන
සුදු කඩියා ඉන්දාගෙන
අහන්නට,
හුරතලය අහන්නට,
හුරතලය දකින්නට,
හිනහෙනා සුදු මුහුණ
විඳින්නට
කිරි සුවඳ,
සුදු වෙහෙර - බුදු මුහුණ - පඩු සිවුරු,
අපේ රට - අපේ දැය
ඒ කතා -  මේ කතා
ඔබ හිතේ රන්ඳන්න,
පායාපන් පුන් සඳේ
දවාලට පායපන්,
දස කැළුම් විහිදුවා
දවාලට පායපන්,
ඉරිදාක දවාලට
පායපන් පුන් සඳේ.

10.04.2010

සුමුදු පහස ලැබුවා

සුමුදු පහස ලැබුවා
සුමුදු පහස ලැබුවා
සුසිනිදු අතැගිලි
එකිනෙක පටලා
සුමුදු පහස ලැබුවා.
දයාව කරුණා
වෑහෙන දෑසින්
මවක් තුරුල්ලේ
බිළිදෙකු ලබනා
උණුසුම
සෙනෙහස ලැබුවා
සුමුදු පහස ලැබුවා.
රැළි හිසකේ පිස
හමනා මදනල
සුවද උරා බිව්වා
සුමුදු පහස ලැබුවා.
නිමේශයක්වුව
අතැගිලි පටලා
සුමුදු පහස ලැබුවා.

8.20.2010

උණුහුම

ඇස් ගුළි
රිදෙනවා.
හුරතලය
මහා බරට
රූප අඳිනවා
හදවතේ

8.19.2010

මතක සිත

නෙත'ග
කදුළු.
හුරතලේට
හිනාවෙන
පරිගණක තිරය.

8.18.2010

ළඟක නැත

දෙඇස් ඇත
දසුන් නැත
දෙකන් ඇත
ඇසෙන් නැත
සිතක් ඇත
සිතුම් නැත
පුතෙක් ඇත
ළඟක නැත

7.11.2010

අභාග්‍යය

අසාවෙන්
ඈත් කළා
තිසරපට,
තියාගෙන
දහසක් දේ
හිත
ඇතුළේ.
ගඟට කැපූ ඉණි වගේ!
තණ අග පිනි වගේ!!
හිතු හිතූ දේ
සුන්වුණා.
බැංකුවක්,
පුංචිම
පුංචි බැංකුවක්,
ඒක ඇතුළේ.
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS