2.01.2015

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද?

(බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද? යනුවෙන් ඇන්ස්ලම් ඩි සිල්වා සහ රුචිර සෝමවීර  කළ ලිපියේ සිංහල පරිවර්තනය)


බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මිනිස් දරුවන් කිඹුල් දඩයම සඳහා ඇම වශයෙන් යොදාගැනීම සිදුකරනු ලැබුවා ද?

ඇන්ස්ලම් ඩි සිල්වා 1 සහ රුචිර සෝමවීර 2

1 ශ්‍රී ලංකාවේ උභයජීවී සහ උරගයින් පිළිබඳ පර්යේෂණ ආයතනය, 15/1, දොළොස්බාගේ පාර, ගම්පොල, ශ්‍රී ලංකාව
2 ජෛවවිද්‍යාත්මක පාරිසරික පර්යේෂණය, 50 B, ඇන්ගෝව් වීදිය, උතුරු පර්ත්, ඩබ්.ඒ 6006, ඔස්ට්‍රේලියාව
1kalds@sltnet.lk, 2ruchira.somaweera@gmail.com (ලිපි කටයුතු පිළිබඳ කර්තෘ)

සාරාංශය :  දඩයමේදී සතුන් ඇම වශයෙන් යොදාගැනීම අසාමාන්‍ය ක්‍රියාවක් නොවේ. ­මෙහිදී, පවතිනා වාර්තාවන්, විමර්ශනයන් හා මෙම කාර්යය වෙනුවෙන් ලියවී ඇති අනෙකුත් වාර්තාවන් යනාදිය අප විසින් ගොණුකරනු ලැබ ඇති අතර මෙකී කාර්යය සැබෑවටම පැවතුන බවට වන කරුණ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

ප්‍රධාන පද : සිලෝනය, යටත්විජිත යුගය,  Crocodylus porosus, Crocodylus palustris, ජීවී ඇම, දඩයම් ක්‍රීඩාව

සතුන්ගෙන් ලබාගත් හැකි සම්පත් විවිධ මනුෂ්‍යය අවශ්‍යතාවයන් සඳහා යොදාගත හැකිවීම වනසත්ත්ව දඩයම සඳහා පොළොඹවනු ලබයි. ක්‍රීඩාව සඳහා වන වනසතුන් දඩයම, විනෝදය සඳහා වනදිවිය යොදාගත් පැරණි ම අවස්ථාවක් වන අතර එය පුරාණ ග්‍රීක යුගයේ සිට වසර 2500කටත් වඩා වැඩි කාලයක සිට පැවතුණි. රාජවංශිකයින්, ඉහළ සමාජ තලයට අයත් පුද්ගලයින් මෙන් ම යටත්විජිත යුගයේ පාලකයින් විසින් එය වැඩි වශයෙන් කරනු ලැබුවේ ය (Coningham 1995; Smalley 2005; Griffin 2007). ක්‍රීඩාව වෙනුවෙන් දඩයම් කළ විශාල සතුන් අතරින් වැඩි වශයෙන් ම දඩයම් කරණු ලැබුවේ කිඹුලා ය. 19 වන හා 20 වන ශතවර්ෂයේ මුල් අවධියේදී කිඹුල් දඩයම පිළිබඳව ලියවුණු වාර්තා වඩාත් සුලභ විය. ශ්‍රී ලංකා දිවයින (එවකට සිලෝනය) ඇතුළුව බ්‍රිතාන්‍ය යටත්විජිතයන් තුළ එවැනි දඩයම් අතිශයින් ම සුලභ වූ අතර (MacKenzie 1997, Taylor 2004), දඩයම් කිරීම් හා කිඹුලන් ඇල්ලීම පිළිබඳව සමහර මුල් කාලීන ලේඛකයින් විස්තර කර තිබේ (නිදසුන් - 1843 දී Bennett, 1850 දී Sirr, 1854 දී Baker, 1861 දී Tennent, 1901 දී Clark,  1901 දී Hornaday, 1907 දී Wright, 1942 දී Hagenbeck හා Hoeven).

ලංකාවේ කිඹුලන් සම්බන්ධ තිහාසික ශාස්ත්‍රීය තොරතුරු පිළිබඳව මෑතකදී කරනු ලැබූ සමාලෝචනයකදී දඩයම් ක්‍රීඩාවේදී මනුෂ්‍ය ළදරුවන් ඇමක් ලෙස යොදා ගනිමින් කිඹුලන් ආකර්ෂණය කරගැනීම සම්බන්ධ ඉතා කුහුල දනවන සුළු විස්තර දිවයින තුළ පැවති බව අපහට දැනගැනීමට හැකි විය. මෙකී වාර්තාවන් අප මෙහිදී ගොණුකරනු ලබන අතර මෙකී කටයුත්ත පිළිබඳව වූ අනෙකුත් වාර්තාවන් ද විමර්ශනය කරණු ලබයි.

ළදරුවන් ඇම වශයෙන් යොදාගැනීම 

දෙවර්ගයක කිඹුලන් ලංකාවේ ජීවත් වේ: දකුණු හා නිරිතදිග වෙරළාශ්‍රිත ප්‍රදේශයන්ට වැඩි වශයෙන් සීමා වී ඇති ලවණ ජලයේ වෙසෙන කිඹුලා (Crocodylus porosus)[i] සහ පහත බිම් හා වියළි කලාපය  පුරාවට වාසය කරන කිඹුලා, Mugger (Crocodylus palustris)[ii].  (Whitaker & Whitaker 1979); Santiapillai & de Silva 2001;  de Silva 2013). මෙම දෙවර්ගයේ ම අතීත ව්‍යාප්තිය මෙන් ම සුලභත්වය අදට වඩා වැඩි විය (1852 දී Kelaart; 1877 දී Ferguson; 1939 දී Deraniyagala), එමෙන් ම මෑතක් වන තුරු ම ඔවුන් නීතිමය වශයෙන් ආරක්ෂා කර නොතිබිණ, සත්ත්ව දඩයම ද බහුලව සිදු විය (1930 දී Deraniyagala; 1934 දී Tutein-Nolthenius; 1965 දී Ahlip). දිවයිනේ කිඹුලන් දඩයම් කිරීම සම්බන්ධ බොහෝ අතීත වාර්තා අතරින්, එකල පුවත්පත්වල පළවූ පහත දැක්වෙන සිදුවීම් මනුෂ්‍ය ළදරුවන් ඇම වශයෙන් භාවිත කරමින් කිඹුලන් ආකර්ෂණය කර දඩයම් කිරීම පිළිබඳව වාර්තා කරයි.


1 වන රූප සටහන. 'සිලෝනයේ දඩයම - මිනීකන කිඹුලෙකු වෙඩිතබා මරාදැමීම' (Sport in Ceylon-Shooting a Man-eating Crocodile)' The Graphic (1888 ජනවාරි 21) හි පළ විය. Hughes (2013) මගින් අන්තර්ජාලයෙන් සපයා ගන්නා ලදී.
ලන්ඩනය පාදක කරගත් The Graphic පුවත්පත, 1888 ජනවාරි මස 21 වන දින දඩයම සඳහා කිඹුලන් ආකර්ෂණය කර ගැනීමට ඇමක් වශයෙන් ළදරුවන් යොදාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ඉතා අගනා සිතුවම් ත්‍රිත්වයක් එළිදැක්වූයේ ය (1 වන රූප සටහන). එය 'සිලෝනයේ දඩයම - මිනීකන කිඹුලෙකු වෙඩිතබා මරාදැමීම' (Sport in Ceylon - Shooting a Man-eating Crocodile) යන ශීර්ෂය යටතේ වූ අතර ඊට අදාළ විස්තර වූයේ : (1) යුරෝපීය  මිනිසෙකු කිඹුලෙකුගේ දිග අඩි විස්සක් වෙතැයි තක්සේරු කිරීම; (2) ඇම සඳහා ළදරුවකු මුදලට ගැනීම; හා (3) ගංඉවුරේ  පඳුරක බැඳ තබණු ලැබූ ළදරුවා වෙත ඇදී එන කිඹුලාට සැඟවුණු දඩයක්කරු ගිනිබිඳීම. තමුන් වඩාත් අගය කළ ඇම පිළිබඳව සඳහන්කර තිබුනේ 'තරබාරු, බත් කෑමෙන් පිම්බුණ සහ හඬ නඟා කෑගසන ළදරුවෙක්'  ලෙසිනි. The Red Cloud Chief (1888 අප්‍රේල් 6), The Helena Independent (1890 අප්‍රේල් 18), Desert Evening News (1890 අප්‍රේල් 29), Roanoke Times (1890 ජූලි 20) ඇතුළු සමකාලීන පුවත්පත් කිහිපයක මෙන් ම  මතු සඳහන් කරන සෑම පුවත්පතක ම වාගේ 'කිඹුල් ඇම සඳහා ළදරුවන්' යන නමින් පුවත් අංගයක් අඩංගු විය.  සිලෝනයේ පළ වන Ceylon Catholic Messenger[iii] නම් පුවත්පතේ 'කිඹුල් ඇම සඳහා ළදරුවන් ඕනෑකර තිබේ. පණපිටින් නැවත බාරදෙන්නෙමු' යන ශීර්ෂය යටතේ පළ වූ එම දැන්වීම මෙම සියලු පුවත්පත් ගෙනහැරපා තිබේ. මෙකී පුවතේ මුල් ලිපිය සොයාගැනීම සඳහා අප ගත් උත්සහයන් අසාර්ථක වූ අතර  Roanoke Times හි පළවූ සටහන 2 වන රූප සටහන වශයෙන් මෙහි නැවත ඉදිරිපත් කරන්නෙමු (මෙම සටහනේ සිංහල අර්ථ සඳහා ලිපිය අවසානයේ එන 4 සටහන බලන්න).[iv]
2 වන රූප සටහන. Roanoke Times (1890 ජූලි 20) හි පළ වූ ලිපිය. Library of Congress  මගින් මූලාශ්‍ර සපයාගන්න ලදී

3 වන රූප සටහන. The Valentine Democrat (1896 ඔක්තෝම්බර් 1) 'ඇම සඳහා වන දරුවන් සමඟින් : සිලෝනයේ දඩයම්කරුවන් කිඹුලන් උන්ගේ මරණය තෙක් ආකර්ෂණ කරගනී. Library of Congress  මගින් මූලාශ්‍ර සපයාගන්න ලදී.
ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයක්කරුවන් කෙරෙහි  සිලෝනයේ දෙමාපියන් අසීමිත විශ්වාසයකින් තබා ඇත යැයි එම සටහනෙහි දැක්වේ. ඔවුන් ඉතා කුඩා වාසියක් වෙනුවෙන් තම දරුවන් කිඹුල් ආකර්ෂණ ඇම සඳහා කුලියට දෙනු ලබන බව හා ඉංග්‍රීසි ජාතික දඩයක්කරුවෙකු හට ඇම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දීම අසීරු නොවනා බව පවසයි (Mower Country Transcript : 1890 ජූලි 23). ගංඉවුරේ සිටිනා අඳුරු-දුඹුරු පැහැ ළදරුවා වෙත කිඹුලන් ආකර්ෂණය වී සජීවී 'ඇම' කර ඇදෙනා විට සැඟවී සිටින දඩයම්කරු ගිනිබිඳිනු ලබන බව එම ලිපිය තවදුරටත් සඳහන් කරයි. දඩයම්කරු එවිට කිඹුලාගේ සම හා හිස ලබාගන්නා අතර ස්වදේශිකයින් මළකුණේ ඉතිරිය තම ප්‍රයෝජනයට ගනී. 'තම ආදරණීය දෙමාපියන් වෙත ගෙනියනු ලබන දරුවා පසු දිනයේ ද එම කටයුත්ත වෙනුවෙන් ම යොදාගණු ලැබේ' යැයි  සමහරුන්  වාර්තා කරයි. Omaha Daily Bee (1888 මාර්තු 5), Western Kansas World  (1888 ජූනි 30) සහ Barton Country Democrat (1888 මාර්තු 29) වැනි පුවත්පත් සමහරක මෙම වාර්තා සම්බන්ධව සඳහන්කෙරුණේ පහත දැක්වෙන දේ වේ. 'මේ ආකාරයෙන් කරනු ලබන කිඹුලන් ලබාගැනීමේ ක්‍රමවේදය ඇමරිකානු මව්වරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ඇත. තමුන්ගේ රාත්‍රී භෝජනය ලබා නොගත් නිරෝගී කටුස්සෙක් විසින් ගිලදැමීම සඳහා කරනු ලබන ඉතා කෑදර බැල්ම ඇමරිකානු ළදරු පරිකල්පනය විසින් වසාදාමනු ලැබුවා විය හැක; නමුදු, ඇතැම් ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයම්කරුවන් ප්‍රශංසනීය අයුරින් අපහට කියා සිටින්නේ, තමා ඉදිරියෙන් පමුණුවන්නාවූ දේ පිළිබඳව සිලෝනයේ සාමාන්‍ය දරුවකු අකර්මණ්‍ය උදාසීනත්වයක් පෙන්වනු ලබන බව සහ ඔහුට බියවීමට ඇති එකම කරුණ වන්නේ තුවක්කුවෙන් ලැබිය හැකි 'වාර්තාව' ගැන පමණක් යන්න බවයි'.  

මෙකී පුවතම The Valentine Democrat (1896 ඔක්තෝම්බර් 1) හි පලවූ අතර එය එහි විස්තර කෙරුණේ 'ඔට්ටුවක් සඳහා සුන්දර, පුෂ්ටිමත් ළදරුවකු කිඹුලන් බහුල යම් පොකුණක් හෝ කලපුවක් අසල පාදයෙන් බැඳ දමා තිබේ. ළදරුවා ඉක්මනින් හඬනා අතර එම හඬ ඇසෙන මානයේ සිටිනා කිඹුලන් ආකර්ෂණය කරගනු ලබයි. වැළපෙන ළදරුවා දෙසට වහාම පැමිණීම අරඹන ඔවුන්...' යනුවෙනි. ලේඛකයා තව දුරටත් කියන්නේ 'බොහෝ දඩයම්කරුවන් ඉතා ශූර වන අතර ඇලිගේටයකු (නිවැරදිව පවන්සන්නේ නම්, කිඹුලෙකු) දරුවාට අඩි කිහිපයක් ලඟාවනතුරු ඔවුන් ගිණිබිදීම කරනු ලබන්නේ නැත' යන්නයි. මෙම ලිපිය පළකර තිබුනේ දරුවාට ඉතා සමීපයේම සිටිනා, එහෙත් පඳුරු අතරේ සැඟව සිටින, දඩයක්කරුවකුගේ කටුසටහන් සිතුවමක් සමඟිනි.   

Careron Country Press ('ළදරුවන් සහ ඇම' - 1907 දෙසැම්බර් 12), The daily News (Perth, WA) ('ඇම ලෙස ළදරුවන් - 1908 අප්‍රේල් 11), The Columbian ('කිඹුලන් සඳහා ළදරු ඇම' - 1908 ජූලි 2), Healesville and Yarra Glen Guardian ('කිඹුලන් සඳහා ළදරු ඇම' - 1910 අගෝස්තු 23), The Southern Record and Advertiser ('ළදරුවන් සඳහා නව භාවිතයක්' - 1910 නොවැම්බර් 26), Shiner Gazette (ඇම වශයෙන් ජීවී ළදරුවන් - 1911 ජනවාරි 26) සහ Kilmore Free Press ('ළදරුවා සහ කිඹුලා' - 1911 ජූනි 1: රූප සටහන් 4) ආදී වශයෙන් වන ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පුවත්පත්වල පලවූ තෙවැනි වාර්තා ගොනු, සිලෝනයේ දී කිඹුලන් ආකර්ෂණය සඳහා ළදරුවන් ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳව වන නාවිකයෙකුගේ වාර්තාවක් ගෙනහැර දක්වයි. ඔහු පවසන්නේ සිංහල (මුල්කාලීන සමහර බටහිර ලේඛකයින් මෙය ලියනු ලැබුවේ Cingalese ලෙසිනි) මව්වරුන් සාමාන්‍යයෙන් (සතියකට සතර වතාවක් දක්වා) තම දරුවන් දිනකට සිලින් දෙකක මුදලකට (මුල්කාලීන බ්‍රිතාන්‍ය සිලෝනයේ භාවිතා වූ මුදල් ඒකකය මෙය වූ අතර 1852 දී මෙය වෙනුවට රුපියල හඳුන්වාදෙනු ලැබීය. අද දවසේදී එක් සිලිමක් ඇමෙරිකානු ශත 8 1/2 වන නමුදු එහි මිලදී ගැනීමේ හැකියාව මුල් කාලීන 1900 දී තර්ක කළ හැකි ඉතා ඉහළ අගයක පැවතුනි) කුලියට ලබා දෙන බවයි. ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ 'කිඹුලන් සඳහා ඇති එකම ඇම ළදරු ඇම වන අතර සෑම අයෙකුම එය භාවිතයට ගනු ලැබේ' යන්න යි. මෙම නාවිකයා එක් උදෑසනකදී කිඹුලන් සතර දෙනෙකු තරමේ ප්‍රමාණයක් එක් ළදරුවකු යොදාගෙන ගිනිබිඳ ඇති අතර ක්‍රියාවලියේදී ළදරුවන්හට කිසිඳු උපද්‍රවයක් සිදුවී නැත. Ceylon Catholic Messenger හි දැක්වෙන විස්තරයට සමානව,  මෙම පුවතින් විස්තර කරනුයේ කිඹුලන්ගේ අවදානය ගැනීම සඳහා වන වඩාත් සුදුසුම ඇම වන්නේ මනුෂ්‍ය ළදරුවන් බවත් එමගින් ගිනි බිඳීම සඳහා ඔවුන් ගංඉවුර තෙක් ඇද ගැනීම කරනු ලබනා බවයි.

වෙනත් ස්ථානයන්හී දක්නට ලැබෙනා වාර්තා

ළදරුවන් කිඹුලන්ගේ ඇම වශයෙන් යොදාගත් වාර්තා වෙනත් ස්ථානයන්ගෙන් ද වාර්තා වේ.  The Richmond Dispatch (1894 ජූලි 10) සහ Record- Union (1894 සැප්තැම්බර් 1) 'හින්දු ළදරුවන් ඇම වශයෙන් යොදා ගනිමින් කිඹුලන් පසු පස යමින් ඔවුන් දඩයම් කිරීම අප ඉන්දියාවේදී පුරුදුව සිටි අගනා ක්‍රීඩාවකි.' යනුවෙන් විශ්‍රාමික බ්‍රිතාන්‍ය යුධ හමුදා නිලධාරියෙකු විසින් කරනු ලැබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය ජාතික දඩයම්කරුවන් ඉන්දියාවේදී කිඹුලන් මරා දමන්නේ කෙසේද' යන නමින් ලිපියක් මුද්‍රණය කළේ ය.  ඔහු කියා සිටින්නේ දිනකට ශත හයේ වටිනාකමකට තම ළදරුවන් කුලියට දීම සඳහා ස්වදේශික කාන්තාවන් ඒකරාශී වන බවත් ඇතැමුන් එම දරුවන්ගේ ආරක්ෂාකාරී නැවත පැමිණීම වෙනුවෙන් වන ඇපවීම ද තදින් ඉල්ලා නොසිටි බවයි (එමෙන්ම ඇතැම් කිඹුලන් සැබවින්ම තම 'ඇම' සමගින් පලාගොස් ඇත). මෙකී නිළධාරියා තෝරාගත් එක් ගැහැණු දරුවකු ඇම වශයෙන් යොදාගෙන කිඹුලන් 100 කට වඩා ගණනකට ගිනිබිඳ ඇතැයි පැවසේ. ඇමෙරිකාවේ ෆොලොරිඩාවේ දී මෙකී ක්‍රියාවලියම අනුගමනය කරමින් ඇලිගේටර් දඩයම කිරීමට තමාට නොහැකි වූයේ එහිදී ළදරුවකු මේ ආකාරයෙන් කුලියට ගැනීමට නොහැකි වූ නිසා යැයි ඔහු තව දුරටත් කීවේ ය.   

Anecdotal වාර්තා කරන්නේ කිඹුලන් සඳහා ඇම වශයෙන් මනුෂ්‍ය දරුවන් යොදාගැනීම, එසේ වුවද, ඇමරිකානු පුවත්පත් තුළ දක්නට ලැබෙනා බවයි. ඇමරිකාවේදී ඇලිගේටරයන්ගේ ඇම සඳහා අප්‍රිකානු-ඇමරිකානු දරුවන් යොදාගැනීම පිළිබඳ වන වාර්තා සම්පාදනය කිරීමේදී, Gillian (2014) වාර්තා කරන්නේ 1908 දී Washington Times පුවත්පත නිව් යෝක්  සත්ත්ව උද්‍යානයේ සතුන් බලාගන්නෙකු විසින් ඇලිගේටරයන්ගේ ඇම සඳහා Piccaninnyයන්[v] (අප්‍රිකානු - ඇමරිකානු දරුවන්හට පරිභවකිරීම සඳහා යොදාගන්නා පදයක්) යොදාගත් බව සහ 'අලිගේටරයන් ඔවුනගේ ග්‍රීෂ්ම වාසස්ථාන වෙත ''ඉච්චාවෙන් පොලොබවා ගැනීමෙන්'' දක්කවා ගැනීමට තරබාරු පුංචි අප්‍රිකානුවන් නිසාවෙන් කරගත හැකි විය' යන්නයි. 1923 සැප්තැම්බර් මස 21 වන දින The Oakland Tribune හි 'Piccaninny ඇම කෑදර ගේටර්හට මාරු කැඳවයි' යනුවෙන් වන ලිපියක් විය. Villier (1923) කළු දරුවන් (ඩොලර් 2 ක් සඳහා) ජීවී ඇම ලෙස යොදාගැනීමේ ක්‍රියාපටිපාටිය වඩාත් සවිස්තරව දක්වන අතර තවදුරටත් සඳහන් කරන්නේ 'ඇලිගේටරයන්ගේ මරණය කෙරෙහි වන මායාමය බලපෑම හැරුනවිට එය මහත් භයානක කරුණක් නොවේ' යනුවෙනි. 1968 ජූලි මාසයේ දී Los Angeles Times පුවත්පත බේස් බෝල ක්‍රීඩකයෙකු වන Bob Gibson පිළිබඳ පුවතක් පළ කළේ ය. එහි දී ඔහු සඳහන් කරන්නේ Georgia හි වැසියකු 'නීග්‍රෝ ගැටවරයන්' ඇලිගේටරයන් ඇල්ලීම සඳහා යොදාගත් බව පැවසුවේය යන්න යි (Chapin 1968). අප්‍රිකානු - ඇමරිකානු ළදරුවන් ජීවී ඇලිගේටර ඇම වශයෙන් භාවිතා කිරීම Alligator Bite (1900), The Gator and the Pickaninny (1900) සහ Untamed Fury (1947) ආදී වශයෙන් වන ඇමරිකානු චිත්‍රපට කථාවන්හි මෙන්ම තැපැල්පත්වල ද (Abagond 2010; Hughes 2013; Gilliam 2014) භාවිතයට ගෙන තිබේ.  

Melina da Fonseca විසින් රචිත ඇයගේ The story of Melina Rorke නම් ග්‍රන්ථයේ කිඹුලන් (නයිල් නදියේ වසනා කිඹුලන් විය හැක) ආකර්ෂණය සඳහා තම දරුවන් යොදාගත් අප්‍රිකානු පියවරුන් පිළිබඳව වන සිද්ධියක් විස්තර කරයි. ඇය මෙසේ සඳහන් කරයි '... ඇසිල්ලකින්, එසේ වුවත්, මෙයට ඉහත දී නොසලකා හරිනු ලැබූ දරුවන් අවදානයේ කේන්ද්‍රය බවට පත්විය; ඇසිල්ලකින් මහ පොළවෙන් 'හැදිගා ගන්නා' ඔවුන්, එසැනකින් ගංඉවුර වෙත ඇදගෙන ගොස් අඩි 10ක් පමණ පරතරය සිටින සේ මඩෙහි අතුරවා තබයි. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ වන මා සිත්හි වන මහත් සංත්‍රාසය හේතුවෙන්, මා හට අවබෝධ වූයේ මේ අසරණ කුඩා නීග්‍රෝ ළදරුවන් කිඹුලන් සඳහා ජීවී ඇම ලෙසින් යොදාගැනීම උදෙසා වන බවයි....' (Rorke 1938). මෙම සිද්ධියේදී, පිරිමින් සමූහයක් හෙල්ල භාවිතයෙන් කිඹුලන් දඩයම්කර ඇති අතර දරුවන් හා ළදරුවන් (බොහෝවිට ඔවුනගේම) කිහිපදෙනෙකු ඇම වශයෙන් යොදාගෙන තිබේ. 

සාකච්ඡා

ලංකාවේ කිඹුල් දඩයම පිළිබඳ ලිඛිත වාර්තා වසර දහස් ගණනක් පුරාවට දිවයයි. ශ්‍රී ලංකා මහාවංශයේ පවා මිනිසුන් මරාකමින් ගල්ඔය ජීවත් වූ කිඹුලෙකු දෙවන රාජසිංහ මහ රජුන් (1629-1687) විසින් මරාදැමීමේ පුවතක් වාර්තා කරයි. 17 වන ශතවර්ෂයේ සිට ඉදිරියට වන වාර්තාවලින් පෙන්නුම් කරන්නේ පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රීඩාවක් ලෙසින් හා 'මිනීකන්නන්' බැහැර කිරීම සඳහා කිඹුල් දඩයම සිදුකරන ලද බවයි. Haugton 1916; Deraniyagala 1939 ; Hagenbeck & Hoeven 1942; de Silva 2013). ශ්‍රී ලංකා විශේෂයන් දෙක 1964 දී රක්ෂිත විශේෂයන් ලෙස නම් කිරීමත් සමඟ ම ක්‍රීඩාව සඳහා කිඹුලන් දඩයම් කිරීම තහනම් කරන ලද නමුත්, එය එසේ වුවත්, දිගින් දිගටම ඔවුන් දඩයම් කිරීම (නීතිවිරෝධී අයුරින්),  බිය හා අනාගත පහරදීම් වැලැක්වීම යන අරමුණින් (Somaweera & de Silva 2012) මෙන්ම මස් හා හම් සඳහා සිදුකරන ලදී (Madawala et al. 2013; Samarasinghe 2014).

මෙකී මුල් කාලීන වාර්තා වඩාත් චිත්තාකර්ශනීය වන්නේ කිඹුලන් සම්බන්ධයෙන් ම දිවයින පුරාවට මෑතකදී සිඳුකරනා ලද සමීක්ෂණ, ඔවුන්ගේ පහරදීම් සහ කිඹුලන් පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති ආකල්ප යන කරුණු කාරණා කිඹුල් ඇම සඳහා මිනිසුන් යොදාගැනීම පිළිබඳව කියවෙනා කිසිඳු වාර්තාවක්, ජනප්‍රවාදයක් හෝ යම් පුරාවෘතයන් හා නොගැලපුන නිසාවෙනි (de Silva 2010, 2013). දිවයිනේ පැවතී මෙකී අභ්‍යාසය වෙනුවෙන් දක්නට ඇති විමර්ශනයන් ශ්‍රී ලංකා ඉතිහාසයේ මැදි බ්‍රිතාන්‍යය කාල වකවානුවේදී විදේශීය රටවල මුද්‍රිත මාධ්‍යයන්හි  ප්‍රකාශයට පත්කරන ලද්දේ වේ (ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත කාල වකවානුව 1802 සිට 1948 දක්වා විය).

කෙසේ වෙතත්; මුල්කාලීන; Bennett 1843, Sirr 1850, Baker 1854, Tennent 1861, Suckling 1876, Clark 1901, Hornaday 1901, Wright 1907, Haughton 1916, Deraniyagala 1939, Hagenbeck & Hoeven 1942 ආදී වශයෙන් වන දිවයිනේ කිඹුල් දඩයම හා ඇල්ලීම පිළිබඳ වඩාත් සවිස්තරාත්මක ශාස්ත්‍රීය ලේඛණ සම්බන්ධයෙන් වන සමාලෝචනයක්; ඉහත සඳහන් කළ පෙර, සමකාලීන හා දෙවනුවට සඳහන් කළ මාධ්‍ය වාර්තා; එමෙන්ම (මෙකී අදාළ විෂයයන් පිළිබඳව ඇති ප්‍රධාන පෙළේ ගවේෂණ ආයතනයන්ගෙන් එකක් වන) පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා{යින්, ඉතිහා{යින්, පුරාවිද්‍යා{යින් සමග කරනා ලද සංනිවේදනයන් ආදියෙන් මනුෂ්‍ය දරුවන් ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳව වන සම්ප්‍රධායික වාර්තා කිසිවක් අනාවරණය කර ගැනීමට අසමත් වී නැත. මහත් පුදුමය ගෙනදෙන කරුණ වන්නේ, වඩාත් විස්තරාත්මක තොරතුරු අඩංගුව මෙම අභ්‍යාසය සැබෑවටම වාර්තා කළ ග්‍රන්ථ හා සඟරා යන දෙවර්ගයෙන් කවරක් හෝ පුවත්පත් ලිපි මගින් පෙන්වාදුන් ආකාරයෙන් ම වඩාත් සුලබ (නිදසුන්, සමහර ලිපි උපුටා දක්වන්නේ 'කිඹුලන් සඳහා වන එකම ඇම වන්නේ ළදරු ඇම බවත් එය සෑම අයෙක් විසින් ම යොදාගනු ලබනා බවත් ය') මෙන්ම වඩාත් ඵලදායී (දසුන්, Richmond Dispatch හි සඳහන් විස්තරයෙන් කියවෙන්නේ දුසිම් භාගයක් තරමේ වන කිඹුලන් සංඛ්‍යාවක් ගංගාවක නොයෙක් දිශාවන්ගෙන් දරුවා ස්ථානගතකර විනාඩි පහක් තුළ දරුවකු වෙත වේගයෙන් පැමිණෙන බවයි) නොවීම යන කාරණාවයි. එලෙසින්ම වැදගත් ලා සැලකිය යුතු කරුණක් වන්නේ, මෙකී සිද්ධීන් වාර්තා කිරීමේ වාර ගණන මගින්, මෙම අභ්‍යාසය සුලභ මෙන්ම කවුරුත් දන්නා දෙයක් ලෙස ඇඟවීම අත්‍යාවශ්‍යයෙන් ම සිදුවිය යුත්තක් නොවන බවයි. සැබවින්ම, විද්‍යුත් මෙන්ම වඩාත් වේගවත් වන මුත්, අද දිනයේ සිදුවන්නා සේ, එක් පුවත්පතක ලිපියක් වෙනත්  පුවත්පත් රැගෙන එය නැවත ඉදිරිපත් කිරීම, බොහෝ කලකට පසු දිනකදී පවා (උ.දා., ඉහත දැක්වූ එක් සිද්ධියක එය වසර අටකට පසුව වේ) සිදුවී ඇත. 

කෙසේවෙතත්, මුල් කාලීන සිලෝනය තෙක් විහිදී ගිය ඉතිහාසයක් ඇති අභ්‍යාසයක් වන, අපගේ පරීක්ෂණයේ ස්ථාන කිහිපයක දී ජීවී සුනඛයන් මෙන්ම මියගිය සතුන් (කුකුලන්, බල්ලන්, වඳුරන්, ගවයන්) කිඹුලන් ආකර්ෂණය කරගැනීමේ ඇම වශයෙන් යොදාගන්නා බවට වාර්තා විය.  

Ahlip (1965) වාර්තා කරන්නේ වඳුරු මස ඇම වශයෙන් භාවිතා කළ බවයි. Muggers සහ Clark (1901) සඳහන් කරන්නේ ගංඉවුරේ බැඳ තබන බලු පැටියකු, නැතහොත් නාඹර 'පරයා'[vi] සුනඛයකු (බොහෝවිට මෙනමින් හඳුන්වන්නේ අයාලේ යන සුනඛයකු වේ), ගවයන්ගේ මළකුණු ආදිය අසල සැඟවී සිට පහරදීමේ ක්‍රමයෙන් සිලෝනයේ දී  කිඹුලන් ඉතා පහසුවෙන් මරා දමනා බවයි. බලු පැටියාගේ උඩු බිරීම වෙත කිඹුලන් ආකර්ෂණ වන බවත් ගිනිබිඳීම සඳහා පහසු දුර ප්‍රමාණයන් වෙත ඔවුන් ගෙන එන බවත් පැවසේ. කිඹුලන් ආකර්ෂණය සඳහා ජීවී සුනඛයින් යොදාගනු ලැබුවේ කෙසේද යන්න මෙන්ම ඇම වශයෙන් ජීවී හා මියගිය සතුන් යොදාගැනීම එකල සුලභ කාරණයක් විය යන්න Deraniyagala (1939) වාර්තා කරනු ලැබුවේ ය (Rajakarunnayake 2000). 
   
කිඹුලන් සඳහා වෙනත් ජීවී ඇම යොදාගැනීම සම්බන්ධව මෙකී ලේඛකයින් ඉතා පැහැදිළිව සඳහන්කර ඇතත්,  ඇම වශයෙන් දරුවන් යොදාගැනීම පිළිබඳව මොනයම් හෝ සිද්ධියක් පෙරටු කොට නොපෙන්වීම පුදුමය දනවන දෙයකි.

දඩයම් සඳහා යොදාගන්නා බොහෝ උපායමාර්ගයන්හි දඩයම්කරුවා වෙත ගොදුර ආකර්ෂණය කරගැනීම උදෙසා ජීවී ඇම  යොදාගන්නාමුත්, ඇම වශයෙන් මනුෂ්‍යයින් යොදාගැනීම සිදුකර ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. සමහර අප්‍රිකානු ගෝත්‍රිකයින් බෙන තුළ සිටිනා පොළඟුන් ආකර්ශනයකර ඇදගැනීම සඳහා තම දෙපා භාවිතා කිරීම  (http://www.youtube.com/watch?v=kqVfgJrDYSO) සහ දකුණුදිග ඇමෙරිකා එක්සත් ජනපදයේ ධීවරයින් ඔවුන්ගේ දෑත් ඇම වශයෙන් යොදාගනිමින් විශාල කැට්ෆිෂ් වර්ගයේ මසුන් 'නෝංජල් කිරීම' මගින් දඩයම් කිරීම (Zalasar 2002) දැනට පවතිනා නිදසුන් වේ. මෙකී සිද්ධීන් දෙකෙහි ම දඩයම්කරුවා තමාගේ ම ශරීරය ඇමක් වශයෙන් භාවිතා කළ මුත්, අතීතයේදී ඇතැම් අවස්ථාවලදී දඩයම්කරුවන් වෙනත් මනුෂ්‍යයින් ඔවුන්ගේ ගොදුර ආකර්ෂණය කරගැනීමේ ඇම වශයෙන් යොදාගෙන තිබේ. නිදසුනක් ලෙස,  1898 දී නැගෙනහිර අප්‍රිකාවේ මොම්බාසා - උගන්ඩා දුම්රියමඟ ඉඳිකිරීමේදී සිංහයින් දඩයම් කිරීම සඳහා ආකර්ෂණය වශයෙන් අප්‍රිකානු කුලී කම්කරුවන් යොදාගන්නා ලදී (Mannix 1978). කෙසේ වෙතත්, පෙනෙන ආකාරයෙන් මේවායේ ළදරුවන් වෙනුවට යොදාගෙන ඇත්තේ වැඩිහිටි මනුෂ්‍යයින් ය. එබැවින්, දඩයම් ක්‍රීඩාවේදී මනුෂ්‍යය දරුවන් ජීවී ඇම වශයෙන් යොදාගැනීම පිළිබඳ මෙකී උපාඛ්‍යානමය[vii] වාර්තා තුළින් අතීතයේදී යොදාගත් දඩයම් අභ්‍යාසයන් පිළිබඳ වැදගත් වාර්තාවක් ස්ථාපිත කිරීම මෙන්ම අපගේ යටත්විජිත ඉතිහාසය වෙත නව ආලෝකයක් පතුරවීමද සිදුකරනු ලබයි.

පරිවර්තනය - අමල් මීමනගේ

WERE HUMAN BABIES USED AS BAIT IN CROCODILE HUTS IN COLONIAL SRI LANKA? යන මුල් ලිපිය (ඉංග්‍රීසි) -       http://dx.doi.org/10.11609/JoTT.o4161.6805-9

මෙම විෂය කරුණ පිළිබඳව සාකච්ජා කරන අන්තර්ජාලයේ හමුවන වෙනත් ලිපි                


[i] Estuarine crocodile
[ii] Marsh crocodile
[iii] සිලෝනයේ  කතෝලික දූතයා, එනම් පුවත් පත - පරි.
[iv] කිඹුල් ඇම සඳහා ළදරුවන් - "කිඹුල් ඇම සඳහා ළදරුවන් ඕනෑකර තිබේ. පණපිටින් නැවත බාරදෙන්නෙමු." යැයි සිලෝනයේ පුවත්පත් කියා සිටී. කිඹුලන් තරමට සිලෝනයේ පුවත්පත් ද බහුල වන්නේ නම්, පෙර සඳහන් කළාක් මෙන් පද ගැලපූ දැන්වීම් ඒවායේ 'ඕනෑකර තිබේ' තීරයන්හි සුලභ වනු ඇත.
ඉංග්‍රීසි ජාතික කිඹුල් දඩයම්කරු පෞද්ගලික පෙළඹවීම මගින් ඔහුගේ ළදරුවා ආරක්ෂාව කළ යුතු වන නිසාවෙනි. සිලෝනයේ දෙමාපියන් දඩයම්කරුවන් සෑම විටම රීතියක් ලෙසින් සාර්ථක යැයි අසීමිත විශ්වාසයක් පවතී, එමෙන් ම ඔවුන් තම ළදරුවන් කිඹුල් ඇම වශයෙන් යොදාගැනීම සඳහා කුලියට දෙනු ලබන්නේ  කුඩා වාසියක් වෙනුවෙනි. සිලෝනයේ කිඹුලන් මහත් උදාසීනභාවයෙන් පෙළෙන්නන් වේ; නිශ්චලව බිම වැතිරී සිටීමට ඔවුන් මහත් රුචියක් දක්වයි, හිරුගේ දිළිසෙනා කිරණින් සැනසෙන අතර තම උදාසීන ජීවිත ධ්‍යානයට සමවැදී ගෙවා දමයි.
එහෙත්, අඳුරු දුඹුරු පැහැ බොකුටු පා ඇඟිලි ඇති ළදරුවකු ගංඉවුරේ හිඳිමින් ඔවුන් දෙස ඇසපිය සලනා විට, ඔවුන්ගේ උදාසීනභාවය නැමති කබාය ඉවත්කර සිලෝනයේ මනුෂ්‍යත්වයේ ප්‍රණීත ආහාර කැබැල්ලක් වෙනුවෙන් වන තම පෙනීසිටීම කරනු ලබයි. කිඹුලා ගංඉවුරේ අඩක් පමණ දුරක් ගෙවා දමනා විට, පන් හා බට පඳුරු අතරේ සැඟවසිටිනා දඩයම්කරු, ගිනිබිඳීම ආරම්භ කරනා අතර කුසගින්නෙන් පෙළෙණු කෑම රුචිය ඇති කිඹුලාගේ ජීවිතය ද එම මොහොතේ ම අහිමිවී යයි. එමෙන් ම ළදරුවා ඔහුගේ ආදරණීය මව වෙත සුරක්ෂිත රැඟෙන එනු ලබයි. - සිලෝනයේ  කතෝලික දූතයා.
[v] Piccaninny - කුඩා නීග්‍රෝ දරුවා
[vi] 'pariah'
[vii] විධිමත් තතු හා පර්යේෂණවලින් තොරව පුද්ගලික කරුණු මත පිහිටීම නිසාවෙන්, සැබෑවටම සත්‍ය මෙන්ම විශ්වාසනීය නොවන (කරුණු, වාර්තා)

11.14.2014

මිනී අළු මගින් දියමන්ති නිපදවයි!!!

 

ස්විස්ටර්ලන්තයේ Chur නගරයේ මූලස්ථානය පිහිටා ඇති Algordanza ආයතනය ආරම්භ කරන ලද්දේ 2004 වසර තරම් මෑත භාගයේ වුවද, එය, මිනිස් සිරුරු ආදාහනය කිරීමේ නව ක්‍රමෝපායක් ලොවට හඳුන්වාදීමේ පුරෝගාමී හා දිගු අනාගත දැක්මක් ඇති ආයතනයක් ලෙසින් ලොව පරසිඳු වී ඇත. රුසියානු තාක්ෂණික ක්‍රම වේදයක් භාවිතා කරමින්, Algordanza ආයතනය, මියගිය අප ආදරණීයන්ගේ සිරුරේ අළු අද්විතීය දියමන්ති බවට පත්කරලීමේ ව්‍යාපාරයේ යෙදී සිටී.


මිනිස් සිරුරේ 18% පමණ කාබන් අඩංගු වේ. ආදාහනයෙන් පසුව මින් 2% පමණ ප්‍රමාණයක් ඉතිරිවන අතර Algordanza ආයතනය දියමන්ති නිපදවීම සඳහා යොදාගන්නේ මෙම කාබන් වේ.


ආයතනය ප්‍රකාශ කරන ආකාරයට, Algordanza අනුස්මරණීය දියමන්ති, යම් ආදරණීය පුද්ගලයෙකුගේ පුද්ගලායනය කරන ලද සැමරුම් වේ. එකිනෙකා අතර වන සමීපබව දක්වන සංකේතයක් වේ. මියගිය ආදරවන්ත අයෙකු අනුස්මරණ කිරීමේදී ඔහු හෝ ඇය නිසා ශෝකවන්නන් සඳහා වන වඩාත් පෞද්ගලිකවූ ද වඩාත් සුන්දරවූ ද ක්‍රියා මාර්ගය වේ.


දකුණුදිග ස්විස්ටර්ලන්තය හා උතුරුදිග ඉතාලිය අතර හමුවන රෝමානු උප භාෂාවකට අනුව Algordanza යන පදයේ අර්ථය වන්නේ ද 'අනුස්මරණය' යන්න වේ.


Algordanza ආයතනය මගින් නිපදවනු ලබන මෙම අනුස්මරණීය දියමන්ති අතිශයින්ම අසමසම වන අතර කිසිඳු ආකාරයේ ආකලනයන් හා සම්මිශ්‍රරණයන්ගෙන් තොරව, භාරදෙනු ලැබූ අදාහන අළු මගින් පමණක් ම නිපදවනු ලැබේ. දියමන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක් ම වාර්තා කොට තබාගන්න අතර දියමන්ති නිපදවීමට භාවිතා කළ අළුවල අඩංගු රසායනිකයන් විශ්ලේෂණයන් විස්තර කෙරෙනා සහතිකයක් ද නිකුත් කරනු ලැබේ.


විවිධ හුරුපුරුදු හා පාරිසරික බලපෑම් ආදිය හේතුවෙන් අප අතරේ වන සෑම පුද්ගලයෙකු ම එකිනෙකාගෙන් වෙනස් වේ. අද්විතීය වේ. මෙම හේතූන්, අළුවල පවතිනා සංයුතිය කෙරෙහි ද ඉතා තදින් බලපෑම් කරනු ලබයි. අනුස්මරණීය දියමන්තියක්, එබැවින්, ඉතා අයස්කාන්ත දීප්තියෙන් යුක්ත වේ. ස්වේත වර්ණය දැරුව ද, අළුවලින් ලබා ගන්නා කාබන්හි අඩංගු බෝරෝන් සංඝටක ප්‍රමාණය අනුව, දියමන්තියේ වර්ණය එකිනෙකට වෙනස් වේ. එක හා සමාන මනුෂ්‍යයන් දෙදෙනෙකු ජීවත් නොවන්නා සේ එක හා සමාන දියමන්ති දෙකක් ද හමුවන්නේ නැත. 



දියමන්ති නිපදවීමේ ක්‍රියාවලිය පහත ආකාර ගනී.


භාවිත සංශ්ලේෂණ පහසුකම මගින් මෙකී අද්වීතීය දියමන්ති නිපදවනු ලබන්නේ සැබෑ බල මුසුවක් ලෙසිනි. දියමන්ති නිපදවීමේදී එය එහි උපරිමයට ලඟා වේ. සෙල්සියස් අංශක 2500 තෙක් වන තාපයක් හා හතරැස් අඟලට රාත්තල් 870,000 පමණ ඉහළ අසීමිත පීඩනක් ජනිත කරලීමේ හැකියාවක් යන්ත්‍රය සතු වේ. තාක්ෂණික භාවිතයට අනුව පවසන්නේ නම්, මෙම ක්‍රියාවලිය HPHT (High Pressure/High Temperature - දැඩි තෙරපුම/දැඩි උෂ්ණත්වය) ලෙස හැඳින්විය හැක. මෙය ස්ඵටික හෙවත් පලිඟු සංශ්ලේෂණයක් වේ.


නිෂ්පාදනයේ පළමු පියවර වන්නේ, රසායනික සහ භෞතික ක්‍රමවේදයකට අනුව යමින්, විවිධ පොටෑසියම් (යවකාර ලුණු) හා කැල්සියම් (හුණුවල අඩංගු මූලද්‍රව්‍ය) සංයෝගයන් (මෙය අළු පරිමාවෙන් 85% පමණ වේ) කාබන් වෙතින් වෙන්කර ගැනීම යි. මෙම ක්‍රියාවලියේදී ලුණු ද්‍රව්‍යකරණය කිරීම, රසායනික විච්ජේදනයට පත් කිරීම, නිෂ්ක්‍රීය වායූන් සමගින් මිශ්‍ර කිරීම හා ඉන් පසුව අභිනවයෙන් දවා ගනු ලැබීම කරනු ලබයි. විශේෂයෙන් ගොඩනැඟූ එකී සංශ්ලේෂණ පහසුකම තුළ, මෙම ක්‍රමයට අනුව ලබාගත්තා වූ කාබන් ඉනික්බිතිව සිදුවන සංශ්ලේෂණ  සඳහා යොදාගනු ලැබේ. අපේක්ෂිත පාෂාණයේ ප්‍රමාණය හෙවත් බර මත, ලබාගත් මෙකී කාබන්, සති ගණනාවක් පුරාවට දැඩි පීඩනයට හා උෂ්ණත්වයට අනාවරණය කර තබනු ලබයි. පරමාණුවෙන් පරමාණුව දියමන්ති වැඩීම මෙලෙසින් සිදු වේ.

 

සංශ්ලේෂණ සඳහා අදාහනයේ සියළු අළු භාවිතයට ගත හැකි වුවත් GR 500 ප්‍රමාණයේ අදාහන අළු  මූලික වශයෙන් ප්‍රමාණවත් වේ -  මේ මත බලාපොරොතු වන දියමන්තියේ බර තීරණය වේ. නිපදවීමේ  ක්‍රියාවලියේ ඉතිරිවන අවශේෂ, මනා පාලනයෙන් යුතුව හැසිරවිය හැකි නිසාවෙන් එක් දියමන්තියකට වඩා නිපදවා ගත හැකි ය.


සාමාන්‍යය තත්ත්වයන්ට අනුව, ක්‍රියාවලිය සඳහා යොදා නොගන්නා අදාහන අළු පුනෑව හෙවත් කොතලයක දමා වළදැමීම සඳහා හෝ විසිරුවා හැරීම රඳවාගත හැකි ය. මෙකී කුමන අවස්ථාවක් සඳහා හෝ, ශෝකවන්නන්ගේ ඉල්ලීම් මෙන් ම මියගිය අයගේ අවසන් කැමැත්ත යන කාරණා සැලකිල්ලට ගනු ලබ යි.


අවසානයේදී, නිමනොකළ දියමන්ති, අභිමත හැඩය හා බර අනුව කපා ඔප මට්ටම් කරනු ලැබේ. කරන්නා වූ ඉල්ලීමට අනුව, ලේසර් අභිලේඛන ක්‍රමෝපායක් අනුව මෙකී අනුස්මරණීය දියමන්ති මත ඒ ඒ පුද්ගල නාමයන් ලියවා දීමේ හැකියාව ද ඇත.


ඔබගේ අනුස්මරණීය දියමන්තිය ඔබහට ලබා දෙන්නේ ඉතා විශිෂ්ට දැව පෙට්ටියක දැමීමෙන් අනතුරුව ය.  අවශ්‍යවන්නේ නම් එයට කළු පැහැති ග්‍රැනයිට් පාෂාණ පාදමක් දමා සකස්කර දීම ද කළ හැකි ය

.

Algordanza නියෝජිතයෙකු පෞද්ගලිකවම පැමිණ දියමන්තිය ඔබහට බාරදෙනු ලබන අතර අවශ්‍යය වන්නේ නම් එය ඔබගේ පෞද්ගලික විධිවිධානයකට අනුව ද කරවාදිය හැක.


සෑම ඇණවුමක්ම උපරිම සැලකිල්ල හා උද්‍යෝගය මත සිදුකරනු ලබන අතර ශෝකවන්නන්ගේ ගෞරවය අපහට ඉතා වැදගත් වේ.


නිපදවනු ලබන කුඩා දියමන්තිවල මිල ආරම්භ වන්නේ සුවිස්ටර්ලන්ත මුදලින් 4,259 (ඇ.ඩො. 4,474) වන අතර ඊට අමතර සේවාවන් අයත් නොවේ.


Algordanza ආයතනය ප්‍රංශය, චෙක් රාජ්‍යය, පින්ලන්තය, ජර්මනිය, හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, ලිස්චන්ටයිනය, පෘතුගාලය, රොමේනියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, කැනඩාව, මැක්සිකෝ රාජ්‍යය, ඇමෙරිකාව, හොන්කොන්, ඉන්දුනීසියාව, ජපානය, සිංගප්පූරුව හා තායිලන්තය ආදී රටවල් 21 ව්‍යාප්තව පවතී.


දියමන්ති නිපදවන යන්ත්‍ර. (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


දියමන්ති නිපදවන යන්ත්‍ර. දියමන්ති නිපදවීම සඳහා අවශ්‍යවන අසීමිත පීඩනයට සඳහා මේ සියලුම යන්ත්‍ර අත්‍යවශ්‍යම වේ.  (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)

අළුවලින් වෙන්කොටගත් කාබන් (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


අනුස්මරණීය දියමන්ති වර්ධන අවදියේ දී දිස්වන්නේ මේ ආකාරයෙනි. 
 (රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)



(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)

(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


(රූප අනුග්‍රහය - Algordanza Facebook වෙබ් පිටුව)


මුලාශ්‍ර - Algordanza නිළ වෙබ් අඩවිය, Algordanza Facebook පිටුව, boredpanda වෙබ් අඩවිය, nodutulokaya වෙබ් අඩවිය






A New Kind Of Burial. The Human Ashes Into Precious Diamonds!!!

 
A young, aspiring and innovative Swiss enterprise called Algordanza, headquartered in Chur, founded in 2004, is simultaneously pioneer and visionary as it is offering a new kind of burial. Using Russian technology, the company is in the business of transforming unique diamonds out of the ashes of beloved deceased.

The human body is 18% carbon. 2% of this carbon remains after cremation, and it is this carbon that Algordanza uses to make their diamonds.

As its said by the company, Algordanza's memorial diamonds are personified commemorations of a beloved person, a symbol of personal closeness, imperishability and love, is the most personal and most beautiful way for the bereaved to bear the remembrance of a beloved person.

The word Algordanza itself stands as a Rhaeto-Romanic expression for "remembrance".

Algordanza's memorial diamonds are absolutely unique and are solely generated from the cremation ashes handed over - without any additives and admixtures. Every production step is completely documented. The diamond will be passed on together with a certificate indicating the chemical analyses of the ashes.

Every human being is last but not least by reasons of different habits and environmental influences unique. These circumstances measurably affect the composition of the ashes. A memorial diamond hence illuminates in a beautiful fire. The colour is white, but may - depending on the quantity of the element Boron contained in the carbon - have a bluish tint. There are no two identical stones as there are also no two equal human beings.

As its explained below, the process of making diamonds experiences many steps.
  
The used synthesis facility which produces these unique diamonds is indeed a real power package. Its capacity is required at maximum when generating diamonds. The machine is able to generate a heat of 2,500 degrees Celsius and forces as high as 870,000 pounds per square inch. Technically speaking this process is called HPHT (High Pressure/High Temperature) one - crystal synthesis.

The first step of production is to extract the different potassic and calcium compounds (about 85% of the ash volume) from the carbon by means of chemical and physical procedures. In this process the salts are solubilized, chemically cut, admixed with inert gas and afterwards anew ignited. The carbon gained in this procedure forms the basis for the subsequent synthesis in that especially constructed synthesis facility. Depending on the size (weight) of the requested stone the so gained carbon will be exposed to high pressure and temperature for weeks; the diamond begins to grow atom by atom.

For the synthesis the whole cremation ashes can be used, however there is only an original amount of 500gr of cremation ashes needed - independent of the weight of the subsequent diamond. During the preparation process the remnant can be steered, hence more than one diamond can be produced.

According to the general conditions the cremation ashes not used in the process can be retained in order to entomb it in an urn or to scatter it. In either case the requests of the bereaved as well as the last will of the deceased will be regarded.

Finally the raw diamond will be cut and polished in the desired shape and weight. On request the memorial diamond can be individually engraved in micro scripture by means of laser inscription.

You will receive your memorial diamond in a noble wooden box, on request on a black granite base.

The diamond will be personally handed over by our Algordanza representative or according to personal arrangements.

Every order will be executed with utmost respect and high diligence - the dignity of the deceased is very important to us.

The prices begin at 4,259 Swiss Francs ($4,474 USD) for a small diamond with no additional service.

Currently Algordanza is represented in 21 countries. They are France, Czechia, Finnland, Germany, Hungary,  Austria, Italy, Liechtenstein, Portugal, Romania, Slovenia, Spain, Switzerland, Canada, Mexico, United States, Hong Kong, Indonesia, Japan, Singapore and Thailand.
Diamond machines (Picture courtesy - Facebook site of Algordanza)
Diamond machines.  All this steel is necessary to compensate the enormous pressure needed for creating diamonds (Picture courtesy - Facebook site of Algordanza)
Carbon collected from ashes (Picture courtesy - Facebook site of Algordanza)
This is how memorial diamond looks like when it has completed its growth stage
(Picture courtesy - Facebook site of Algordanza)
(Picture courtesy - Boredpanda website)
(Picture courtesy - Boredpanda website)
(Picture courtesy - Boredpanda website)
(Picture courtesy - Boredpanda website)



 
BLOG TEMPLATE BY DESIGNER BLOGS