අතීතයේ දවසක
ගත වෙළු සිහිලස
මුවඟ රුදි සිනහව
හද පිරූ සතුටු කඳ
නෑ අහලක,
තෙමාගෙන
වැටෙන කොට
මහා වැසි
ගහකොල හා
මහ පොලොව,
අද දවස.
මූසල
මහා පාළුව
විකාගෙන හදවත යසට,
පරයා එය
ඊට උඩින්
නැඟෙයි බිය
පුරාවට මුළු හිත.
මහ වැස්සෙ
තෙමෙන්නට
කිරි සිනා දකින්නට
පැතූ පැතුම
ගලායනවා
මහ පොළොවේ
අඳුරු කොනට,
කළුම කළු ගුහාවට.
නුඹ කොතැන?