4.15.2013

පියෙක් පුතෙක් විහාරයේ මුණිඳු පුදනවා

පියෙක් පුතෙක් විහාරයේ මුණිඳු පුදනවා
තෙල් මල් ගෙන විහාරයේ මුණිඳු පුදනවා
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

දොහොත් මුදුන් දී මුව අගින් සිනා සී
ඉඟි පානා පුතුනේ
මඳහස දල්වා ඇස් කොණින් බලා ඉඳ
තරවටු කරනා පියාණනේ
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

සැම අත දිව යන
දිය කල ඉල්ලන
පුතු ගති ඇති දියණී
බෝ කොළ අතු අග නුඹ හිස රඳවන
පියා මමයි පුතුනී
ඒ පුතා නුඹයි - ඒ පියා මමයි
වෙන අන් කව්දෝ - මසිත කියනවා

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS