දහසක්
බුදුවරු
බුදුවන
මේ උදෑසනේ
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
යහපත මේ
නරකය මේ
දැනගෙන,
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
අදද
හෙටද
සංසාරේ
දකින තුරා
නිවනේ
සිරි අසිරිය,
බුදු වේවා
මා සුදු දුව
මා හිත තුළ.
6.06.2010
5.26.2010
වෙසක් ඇවිල්ලා
අහස පොළව
නිසංසලේ
අවුරුද්දේ
කිසිම දිනක
නොදැනෙනා
මහ අමුතු සිරිය.
බුද්ධාලම්භන ප්රීතිය?
මළානික
පහන් තිර කොඳුරනා
දිග කථාව.
දිග කථාවක නිමාව
කියා දෙන වෙසක් දින.
දස දහසක්
පහන් එළිය.
එළි තිතකුදු නැති හදවත.
ඒත්,
මුමුණනා නියාම
වෙසක්
නිසංසලේ
අවුරුද්දේ
කිසිම දිනක
නොදැනෙනා
මහ අමුතු සිරිය.
බුද්ධාලම්භන ප්රීතිය?
මළානික
පහන් තිර කොඳුරනා
දිග කථාව.
දිග කථාවක නිමාව
කියා දෙන වෙසක් දින.
දස දහසක්
පහන් එළිය.
එළි තිතකුදු නැති හදවත.
ඒත්,
මුමුණනා නියාම
වෙසක්
වෙසක්
සුභ වෙසඟක්
සැමටම
ප්රීති වෙසක්.
4.05.2010
මා පුතු
පුත ඔබ මගේ මා පුත ඔබ නෙතු මාගේ
නෙත ඔබ මගේ මා නෙත ඔබ පුත මාගේ
සිත ඔබ මගේ මා සිත නිති පුත මාගේ
නෙත පුතු මගේ මා නෙත නිති පුත මාගේ
නෙත ඔබ මගේ මා නෙත ඔබ පුත මාගේ
සිත ඔබ මගේ මා සිත නිති පුත මාගේ
නෙත පුතු මගේ මා නෙත නිති පුත මාගේ
1.18.2010
මිතුරෝ
1.14.2010
විශ්වයේ රහස
මේ මහා විශ්වයේ
අංශුවක්,
අංශු මාත්රයක්
ඔබ.
සැහැල්ලු දිවියේ
රහස
දැනගැන්ම එය.
රාත්රී අහස දෙස බලන්න
තරු අතරේ අතරමං වෙන්න
ජීවත්වීමේ අරුත
ජීවත්වීමේ රහස
එහි ලියවී ඇත,
එය දැනගන්න.
අනේක තරු දිලෙනා
මන්දාකිනියේ
අතරමං වෙන්න.
වැටහී යනු ඇත
කොතරම් ඔබ
කුඩාද යනවග.
ගෙවාදමූ කාලය
ගවා දැමූ බව.
ඉතිරිව ඇති කාලය
කොතරම් කුඩාද යන වග,
වැටහෙනු ඇත.
ගහට කොළට
ආදරය කිරීමට
සැහැල්ලුවෙන් ඉදීමට
ඔබට සිතෙනු ඇත,
එය ඔබ
ඉගෙනගනු ඇත.
අත්දුටුවයි.
ප්රත්යක්ෂයි
අංශුවක්,
අංශු මාත්රයක්
ඔබ.
සැහැල්ලු දිවියේ
රහස
දැනගැන්ම එය.
රාත්රී අහස දෙස බලන්න
තරු අතරේ අතරමං වෙන්න
ජීවත්වීමේ අරුත
ජීවත්වීමේ රහස
එහි ලියවී ඇත,
එය දැනගන්න.
අනේක තරු දිලෙනා
මන්දාකිනියේ
අතරමං වෙන්න.
වැටහී යනු ඇත
කොතරම් ඔබ
කුඩාද යනවග.
ගෙවාදමූ කාලය
ගවා දැමූ බව.
ඉතිරිව ඇති කාලය
කොතරම් කුඩාද යන වග,
වැටහෙනු ඇත.
ගහට කොළට
ආදරය කිරීමට
සැහැල්ලුවෙන් ඉදීමට
ඔබට සිතෙනු ඇත,
එය ඔබ
ඉගෙනගනු ඇත.
අත්දුටුවයි.
ප්රත්යක්ෂයි